Saturday, April 11, 2020

''රාජ්‍ය සේවය පිණිසයි'' චිත‍්‍රපටයේ මතකයක්.....

ඔහු අතිශය සාමාන්‍ය ලිපිකරුවෙක්. ඇය රුවැති ළදක්. රුව ගැන ගායන හැකියාව ගැන කෙළින් නොකීවද මදක් අධිතක්සේරුවක් ඇති කාන්තාවක්. කෙළින් නොකියුවද ඔහුට ඇය හොද වැඩි බව හිතන ළදක්. තුන්වැන්නා කඩවසම් ළාබාල තරුණයෙක්. ප‍්‍රබල දේශපාලකයෙක්. රුවින් බලයෙන් මෙන්ම සිත් අදනා සෑම ගතිගුණයකින්ම ඔහු පරදවන්නෙක්. ඔහු ඇයට මුළාවීම දෛවයේ සරදමක් වුවත් අනිවාර්ය සංසිද්ධියක්. දියුණුවේ කඩතුරාවෙන් වැසුණු විනාශය කරා ඇය වේගයෙන් ඇදී යාම හිත සසළ කරවන්නක්. තුන්වැන්නා මෙන්ම සිවුවැන්නෙකුත් ඇය ගෙන් සන්තර්පණය වීම ඇගේ දියුණුව වසාගත් විනාශය පිළිබිඹු කරන අවස්ථාවක්. ඇයව බිළිගත් තුන්වැන්නා ඇගේ දියණියත් බිළිගන්නා තුරු බලා සිටීමට සිදුවීම මවක් හැටියට ඇයට මහා වේදනාවක්. මේ අතර තුන්වැන්නා මහමග ඝාතනය වීමෙන් පසු දියණියගේ සියදිවි නසා ගැනීමේ වේදනාවෙන් පීඩිතව ගෙදර යන ඇයට වෙනදා යතුරු කැරුල්ල සගවා ඇති තැනින්ම එය හමුවීම ඔහු නැවතත් කවදා හෝ ඇය එනු ඇතැයි බලා සිටි බවට නෙතට කදුලු නංවන තරමේ සංවේදී සාක්ෂියක්. ''රාජ්‍ය සේවය පිණිසයි'' තවත් බොහෝ දේ සමග රාගික ගින්නට හසුවී අයාලේ යාමේ ආදීනවය සාකච්චා කරන වටිනා චිත‍්‍රපටයක්.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...