Saturday, April 11, 2020

කවිකදුර






(2015 නොවැම්බර් 11 වැනි දින ලියූ පෝස්ටුවකි)

2011 අවුරුද්දෙ රාජ්‍ය සාහිත්‍ය සම්මානෙයි ස්වර්ණ පුස්තක සම්මානෙයි හිමිවෙච්චි සුනේත‍්‍රා රාජකරුණානායකගෙ ''කවිකදුර'' කියවන්ට මට 2015 වෙනකල්ම බැරි වෙච්චි. මට අවරුදු 5ක පොඩි එකෙක් සන්දියෙ කිරිඅම්ම ටී.බී. ඉලංගරත්නගෙ හපනා පොත ගෙනැත් දුන්න නෙව. එතනින් පටන් ගත්තු පොත්ගුළුකොම අවුරුදු 28ක් ගිය පස්සෙන් පහුත් ඇබ්බැහිකොමක් වෙච්චි. ඒ ඇබ්බැහිකොම හින්ද කප්පරක් පොත් කියෝල තිබුණත් මේ පොත මට මගහැරිච්ච එක ගැන මට මහ පුදුමයකුත් දුකකුත් ලැජ්ජාවකුත් ඇති වෙච්චි.

ඔය නීති පීඨෙ පළවෙනි අවුරුද්දෙ ඉන්න කාලෙ කොළඹ පොත් ප‍්‍රදර්සනේට ගියාම එතැන තිබිච්ච පොත් වලින් මහ හුගක් මම කියවල් තිබුණ එව්ව නෙව. ඉතිං මගෙ යාළු මිත්තරයන්ට ඒ පොත් ගැන වග විස්තර කරන්ට දැනුම් තේරුම් තිබුණ එක ගැන මටත් හීනියට ආඩම්බරයක් හිතිච්චි. හැබැයි ඉතිං 2015 අවුරුද්දෙ ගිහිං බැලින්නං මං කියොල නැති පොත් කප්පරක් එතැන තිබිච්චි. කොච්චර සා පිපාසාව තිබුණත් පොත් නම් කියවලා අහවර කොරන්ට බැරි විත්තිය මට දැන් තේරෙනව නෙව. අනික මයෙ හිත වැඩි වැඩියෙන් ඉංගිරිසි පොත් වලටම ඇදිච්චි එකේ සිංහල නවකතා මහ හුගක් මට මහහැරිච්චි. රටක් වටින ''කවිකදුර'' මට අවුරුදු 4ක්ම මගහැරුණෙ එහෙම වෙන්ට ඇතුවා.

මුලින් ''මහ හතර බීරි අපබ‍්‍රංසයක්'' වගේ වුණත් කියවල අහවර වුණාට පස්සෙ ඒ පොතේ චරිත පපු කැවුත්ත ඇතුලට කිදාබැස්සහේ අමතක කොරන්ටම බැරි වුණා නෙව. කවිකදුරෙ ගණන්නාන්සෙගෙන් පටන් ගත්තම පස්සෙ කවිකදුරෙ වෙච්චි කදුඅදුරෙ නිළමෙට, කිවකදුරෙ ලොකු හාමුදුරුවන්ට, ටිකිරි අප්පොට, උක්කුවට, වලව්වෙ මැණිකෙට විතරක් නෙවෙයි අර අවස්ථාවාදී පරයා අංකුට්ටාටත් පුදුමාකාර ලෙංගතු කොමක් පොත කියවල අහවර වුණාට පස්සෙන් පහුත් හිතේ ඉතිරි වුණා නෙව.

සප්ත මහා සාගරෙන් එහා ඉදන් ආපු බෙලෙක් එකාගෙයි සුවදිගෙයි ආදර කතාවට මයෙ පපුවත් හෝස් ගාල දැවිච්චි. බෙලෙකා උගෙ ජීවිතේ බේරගන්ට බඩදරු සුවදිව තනිකොරල දාල අර කපටි අංකුට්ටත් එක්ක පාතට පද්දන්ට පිටත් වෙනකොට මයෙ පපුවෙත් මහ ගින්දරක් ඇවිලිච්චි. එහෙම ගියෑපු බෙලෙක් ඇත්තො ආයෙත් කවදා නමුත් තමුන් බලලා කැන්දන් යන්ට ඒවිය කියන විස්වාසෙ මියෑදෙන තුරුම සුවදිගෙ හිතෙන් පහව ගියෙ නැතුවා. ඒත් දෙපැත්තට බොරු කියාල බෙලෙකායි සුවදියි ආයෙ මුණගැහෙන එක අංකුට්ටා වලක්කපු එකට නම් මටත් යක්ස සේනාපතියා ආරූඩ වෙච්චි.

ඒත් කෙළෙහිගුණේ මතක තිබිච්චි අර උක්කුවගෙ දහිරියෙං හරි හීං එකා පීටර් රජ්ජුරුවො වුණ හැටි නම් පංකාදුයි. ඒත් ඌ වුණත් ගැටවර සන්දියෙ උගෙ හිතට පිටින් කසාදයක වැටිච්චි. පහුවෙලා හරි තමංගෙ හිත වැටිච්චි සොංදරා රට්ටුන්ගෙ කතා වලට කුද ගහගන්ට කියල කසාද බැද ගත්තු එකනං රටක් වටින වැඩක් කියල මට හිතිච්චි. අප්ප කළදේ පුතා නොකලොත් ඌ නොට්ටිගෙ පුතා කියනව නෙව. බෙලෙක් ඇත්තට සුවදිට හිත වැටිච්චි ඒකාගෙ පුත්තරය හීං එකා හෙවත් පීටර්ටත් එහෙමම වෙච්චි පීටර්ගෙ ලොකුඑකා වික්ටර් බැන්දෙත් රුඩිකල් සුද්දියෙක් නෙව. අපරාදෙ කියන්ට බැරුවා වික්ටරුත් සොංදරම්මාට ඒ කියැව්වෙ තමංගෙ ආයාට පණ ඇරපු එකා නෙව. ඌත් තමංගෙ පපාගෙ තීරණයට හිස නැමුවෙ ඒකට ගරු කොළේ ඒකයි කයල මට හිතිච්චි. හීං එකාගෙ දෙවැනි පුතා අයිවන් පපා වගේම රට්ටුන්ට කුද ගහන්ට කියා දෙමළ කෙල්ලක් බැදගත්ත නෙව. ඒකත් ඉතිං බෙලෙකගෙං පීටර්ටත් පීටර්ගෙං අයිවන්ටත් උරුම වෙච්චි හයිකාරකොම තමා.

1815 අවුරුද්දෙ වෙච්චි දේවල් ගැන කවිකදුරෙ හරි අපූරුවට විග්ගරහ කොරල තියෙනව නෙව. අද වගේ සන්නිවේදන තාස්සනේ දියුණු නැති සන්දියෙ රට මොකා කරව්වම අපිට මොකොද කියන අදහසේ ගම් වැසියො හිටිය එකත් වැරදි නෑ නෙව. උන්ට තිබ්ච්චි පුරස්නෙ රට කොරන්නෙ මොකාද කියන එකට වඩා කුඹුර කොටාගන්නෙ අස්වැන්න ගෙට ගේන්නෙ ගෑණිගෙ හවුහරණෙට ඉන්නෙ බේතක් හොයන්ට කැලෑ වදින්නෙ කවුද කියන එක මිසක් රට කොරන්නෙ සිංහලයද වඩුගයද සුද්දද කියෙන එක නෙවෙයි නෙව. උංගෙ පැත්තෙං බලනකොට ඉතිං ඒකෙත් ඇති වරද්දක් නෑ නෙව.

මං හිතාන උන්නෙ ගණන්නාන්සෙ කියන්නෙ උපසම්පදා නැති සාමනේර නමකට කියල නෙව. බලාන යනකොට ඉණේ කහ පටියක් බැදපු නැත්තං කහ රෙද්දක් ඇදපු මරණ ගෙදරක වෙස්සන්තරේ කියන්ට විතරක් යන පන්සලත් නඩත්තු කොරාන දරු පවුලුත් නඩත්තු කරපු ගණින්නාන්සෙල හින්ද අපේ සම්බුද්ධ සාසනේ කාලයක් ආරස්සා වෙලා තිබිල තියෙනව නෙව. ඒක කියෝපු හැටියෙ අද කාලෙ ඇතැම් උපසම්පදා හාමුදුරුවරුත් සිවුරු පොරෝන හිටියට මොකද අතීතෙ හිටපු ගණින්නාන්සෙලා තරමටවත් සාසනාලයක් නම් නැතුවා කියල මට හිතිච්චි.

දැන් මේක කියෝන එකාලා මම සුනේත‍්‍රා රාජකරුණානායක නෝනගෙ කවිකදුරෙ බාසාව හොරා ගත්තය කියල තරහ ගන්ට කාරි නැතුවා. මම ඒ බාසාවෙංම ලියැව්වෙ කතාව වගේම බාසාවත් මොකක්දෝ හුරු ගතියක් එක්ක ගලව ගන්ටම බැරි වෙන්ට මගේ හිතට වැදිච්චි හින්ද නෙව. කතාව කියවල නැති අය හොයාගෙන කියවන්ට වටිනා කතාවක් නෙව ඒක. නවකතාවකට වඩා මහා දැනුම් සම්භාරයක් කැටි කරව්ව පර්යේෂණ කෘතියක් වගෙයි නෙව කවිකදුර.

කියෝපු අය ඉන්නවනං තම තමුංගෙ අදහසත් මෙතැන ලියන්ට හොදයි. වෙන ලියපු තැනක් තියෙනවනං අපිටත් බලාගන්ට ලින්ක් එක දාන්ට හොදයි.
ඔන්න හෙනං අවසර.......!

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...