දකුණු අප්රිකාව ඉතා දැඩි ලෙස වර්ණ භේදවාදය ක්රියාත්මක වුණ රටක් බව දන්නවනෙ. එයට එරෙහිව ස්ටීවන් බීකෝ වගේම නෙල්සන් මැන්ඩෙලා වැනි කළු ජාතික නායකයන් ගෙනගිය සටන සහ අවසානයේ එය ජයග්රහණය කරපු ආකාරය බොහෝ දෙනෙක් දන්නව. ඒ ජයග්රහණයෙන් පසු ඇතැම් කළු ජාතිකයන්ම කියන පරිදි තමන්ට පලිගැනීමකට අයිතිය තිබියදී පවා පලිගැනීමකින් තොරව නෙල්සන් මැන්ඩෙලා ක්රියා කළ ආකාරය හේතුවෙන් ඔහු ලෝක පූජිත භාවයට පත්වෙනව.
මේ චිත්රපටයේ කතා කරන්නෙ දකුණු අප්රිකානු වර්ණ භේදවාදයට එරෙහි සටනේ වෙනම මුහුණවරක අතුරු කතාවක් ගැන.
ඇත්තටම දකුණු අප්රිකාවෙ වර්ණ භේදවාදයට එරෙහිව සටන් වදින්නෙ කළු ජාතිකයො පමණක් නෙවෙයි. මනුෂ්යත්වය අගයන සුදු ජාතිකයන් සැළකියයුතු ප්රමාණයකුත්
වර්ණ භෙදයක් නැති සමාජ සමානතාවය උදෙසා සටන් වදිනව. ඒ කියන්නෙ ඔවුන්ට
උපතින්ම ලැබුණු පළමු පන්තියේ පුරවැසියන් ලෙස පවත්නා බලය සහ ප්රමුඛස්ථානය එපා කීම සහ කළු ජාතිකයන්ටත් තමන් හා සමාන අයිතිවාසිකම් තිබිය යුතු බව කියපු සුදු ජාතිකයොත් ඉඳල තියෙනව.
එහෙම වුණාම ඇතිවන ප්රතිඵලය ඉතාම පැහැදිලියි. ඒ සුදු ජාතිකයන් කළු ජාතිකයන්ටත් වඩා සුදු උත්තමවාදී සුද්දන්ගේ උදහසට ලක්වෙනවා. දේශද්රෝහීන්,
අවජාතකයන්, ජාතිද්රෝහීන්, කළු ලේ කළවම් වූ එවුන් වැනි නින්දා අපහාස වලට
අමතරව දැඩි දඬුවම් ඔවුන්ට ලැබෙනව. (ලංකාවෙත් සමානතාවය වෙනුවෙන් එහෙම කතා
කරන අයට ඔය ටික කියනවනෙ 😊).
මේ චිත්රපටයෙ තියෙන්නෙ එහෙම සමාජ සමානතාවය වෙනුවෙන් කතා කිරීමේ සහ ප්රචාරක කටයුතු වල යෙදීමේ වරදට සිරගත කරනු ලබන සුදුජාතික තරුණයන් දෙදෙනෙකු සිරගෙයින් පලා යාම පිළිබඳව කුතුහලය දනවන කතාව.
ඩැනියෙල් රෙඩ්ක්ලිෆ් කියපු ගමන් ඕනෑම සිනමා ලෝලියෙකුට මතක් වෙන්නෙ හැරී
පොටර්. සමහරු ඔහුගෙ නම ඩැනියෙල් රෙඩ්ක්ලිෆ් බවවත් දන්නෙ නෑ. ඔහු ඒ තරමට
හැරී පොටර් එක්ක හිරවෙලා. මේ චිත්රපටය ඔහු ඒ හිරවීමෙන් මිදෙන්න දරපු යම් උත්සාහයක් වගේ පේනව. උත්සාහය හොඳයි. රැවුලත් ටික ටික ගැලපෙනව. හැබැයි එච්චරම සාර්ථක නෑ. චිත්රපටය පුරාවටම හැරී පොටර් හැංගිලා බලන් ඉන්නව වගේ හැඟීමක් දැනෙනව.
චිත්රපටයෙ අනෙක් ප්රධාන චරිතය නිරූපණය කරන්නෙ ඩැනියෙල් වෙබර්. නෑ නෑ. සනී ලියෝන්ගෙ සැමියා නෙවෙයි. වෙන ඩැනියෙල් වෙබර් කෙනෙක්.
ඒ කොහොම වුණත් චිත්රපටයේ කුතුහලය දනවන බවේ කිසි අඩුවක් නෑ. අවසානය දක්වාම එක දිගට කම්මැලි නැතුව බලන්න පුළුවන් චිත්රපටයක්.
සත්ය කතාවක් කිව්වට යම් යම් අතාත්විකතාත් නැතුව නෙමෙයි. උදාහරණයක් විදියට මේ සිරකරුවන්ගෙ සිර මැදිරියේ සිට හිරගෙදර ප්රධාන දොරටුව ගාවට යනකල්ම රාත්රියට ඉන්නෙ එකම එක බඩ තඩි මුරකාරයෙක් විතරයි. ඒ මදිවට හිරගෙදර ප්රධාන දොරටුව හායි ගාල ඇරල දාල තියෙනව බලු බල්ලෙක් නැතුව.
ඒ මොන තත්වය යටතේ වුණත් එපා නොවී බලන්න පුළුවන් චිත්රපටයක් කියන්න පුළුවන්.
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment