නව
යොවුන් ආදරය තුල බොහෝ කාලයක් යනතුරු දුරින් බලා රසවිඳීමෙන් සැනසෙන්නට
වෙනව. දෙදෙනෙකු අතර ආදරයක් ඇතිවුණත් පවත්නා සීමාවන් ඇතුලෙ ඒ ආදරය තුල සිද්ධ
වෙන උපරිම දේ ඇසට ඇස හමුවීමක් සහ හොරෙන් සිනාසීමක් පමණක් වෙන්න පුළුවන්. ඒ
සුළු මොහොත එවැනි ආදරවන්තයින්ට මහ මෙරක් තරම්. අතින් ඇල්ලීමක්, සිපගැනීමක්
ඔවුන්ට බොහෝ දුරැති සිහින.
එවැනි පෙම්වතෙක් තමන් පතන පෙම්වතිය පිළිබඳව සිතේ ගොඩනගාගන්නා සිහින පාරාදීසයේ අරුමය තමයි මේ ගීතයේ කියවෙන්නෙ. එතනදි විශේෂ තැනක්ඇගේ සිනාවට දීල තියනව. මොකද බොහෝවිට ඔහු මුළින්ම බැඳෙන්නෙ ඇගේ සිනාවට. ඒ සිනාව දෙස දුරින් බලා ඔහු සිහින ලොවක අතරමං වෙනව.
"නුබේ සිනා මුව මඩලට මං හරි ආසයි..
වලා යට්න් පෝදා සද පායන ගානයි.."
ඇගේ සිනාව තමයි ඔහු දන්නා වටිනාම සහ සුන්දරම දේ. ඒ ආසාව ඔහු කෙළින්ම වචන වලට පෙරලනව. ඊළඟට සඳ උපමාවට අරන් සිනාවෙ සුන්දරත්වය විස්තර කරනව. සඳ අහසෙ තනියම තියෙද්දි විශාල ප්‍රභාවක් එක්ක දිලෙන බව ඇත්ත. ඒත් වළාකුළු එක්ක හැංගිමුත්තන් කරමින් වරන් වර හිනැහෙන හැංගෙන හඳ ඊට වඩා සුන්දරයි. බොහෝවිට සඳේ සුන්දරත්වය උපරිමයෙන්ම විඳින්න පුළුවන් වෙන්නෙ සඳ ඒ විදියට වළාකුළුත් එක්ක හැංගිමුත්තන් කරද්දි. ඒකයි ඔහු ඇගේ සිනාව විස්තර කරන්න සඳේ සුන්දරම අවස්ථාව යොදාගන්නෙ.
"සද්ද කර බඔරු මල වට ඉගිලෙයි මනරම්...
සද්ද මොටද රූ සිරි ව්න්දා මං රහසින්..."
කවුද මේ සද්ද කරන බඹරු? සමහරවිට ඔහුට පෙර වෙන කෙනෙක් ඇය හිමි කරගෙන ඇති. එහෙමත් නැත්නම් ඔහුට වඩා බලසම්පන්න සමහරවිට කඩවසම් අය මේ සුන්දර මල වටා එනම් ඇය වටා ඇය දිනා ගැනීමේ අරමුණින් සැරිසරනව ඇති. ඒ බඹරුන්ගෙ ගුමු ගුමුව ඔහුට ඇහෙනව. නමුත් ඔහුගෙ ආදරය ඊට වෙනස් එකක්. ඒ ගුමු ගුමුව පිට ඔපය සද්දය නැතත් ඔහු ඇගේ රූසිරිය විඳලා අප්‍රමාණ ප්‍රහර්ෂයක් ලබනව.
"බැද්ද වටේ සුදු මොර මල් පිපුණත් සුවඳින්..
එකම මලට ඇයි බඹරුන් ලෙංගතු මෙතරම්.."
එතනදි ඔහුට පුංචි ඊර්ෂ්‍යාවකුත් නොහිතෙනව නෙමෙයි. "ඇයි මම ආදරය කරන මල වටේම හැමෝම කැරකෙන්නෙ? වෙන වැඩ නැද්ද? අර ඕන තරම් මල් තියෙන්නෙ. පලයල්ලා යන්න" කියන නෝක්කාඩුව මුසු යම් ආඩම්බරයක් ඔහුට තියෙනව. මොකද සිතින් ඒ ඔහුගේ මල. ඔහුගේම පමණයි.
මේ සුන්දර පද බැඳුම සහ සංගීතය දෙකම ශාන්ත ජයලත් තිසේරාගෙ. ඔහු කවුදැයි හරියටම නොදැනගත්තත් නව යෞවනයේ හදවත් ස්පර්ශ කළ යුතු තැන ඔහු හොඳින්ම හඳුනාගෙන තියෙන බව පේනව.

No comments:
Post a Comment