බොහෝ
දෙනෙක් පාරිසරික සටන් වල ඉන්න කාලයක් මේක. රතුපස්වල විල්පත්තු වැනි
ප්‍රදේශ වල අපි දැකපු ප්‍රසිද්ධියට පත් සිද්ධීන් වලට අමතරව නවීන තාක්ෂණයේ
දියුණුවේ නාමයෙන් මිහිතලය ජීවත් වීමට සුදුසු නොවන තැනක් බවට පත්කරලීමේ
ක්‍රීයාවලියට දිගටම ක්‍රියාත්මක වෙනවා. ඊට එරෙහි වන පුද්ගලයන්ද සිටිනවා.
මේ චිත්‍රපටයේ කියැවෙන්නෙත් එවැනි එක්තරා සටනක් පිළිබදව. මේ දක්වාම ක්‍රියාත්මක වන සටනක් පිළිබදව. ඔබ ආහාර නොඇලෙනසුළු බදුන් වල ආහාර පිසීම හා ගබඩා කිරීම කරන්නෙක්ද? බොහෝහිට පිළිතුර ඔව්. එසේ නම් ඔබ මුහුණපාන අවදානම කෙතෙක්දැයි දන්නවාද? ඒ කළු පැහැති සිත් ගන්නා සුළු බදුන් තුල මාරයා සැගවී සිටිය හැකි බව සිතුවාද? එම රසායනික ද්‍රව්‍යය මාරක බව සනාථ වී තිබියදීත් තවදුරටත් ඒ ආශ්‍රිත නිෂ්පාදන වෙළෙදපොළට එන බව ඔබ දන්නවාද? ඒ පිළිබද සත්‍ය කතාන්තරය මේ චිත්‍රපටය තුල තිබෙනවා. එය නැරඹීම ඕනෑම කෙනෙකුට ඉතා වැදගත් වේවි.
එමෙන්ම බලවත් සතුරකුට එරෙහිව සටන් වදින විට මුහුණපෑමට සිදුවන අභියෝග දුක් කම්කටොළු බොරු වළවල් මාරක යනාදී සියළු දෙය පිළිබදවත් මෙම චිත්‍රපටය ඉතාම යථාර්ථවාදී විග්‍රහයක් කරනවා. එය නැරඹීම එවන් සටනක දිශානතිය කෙසේ විය යුතුදැයි තීරණය කිරීමේදී මහෝපකාරී වනු ඇති.
රසායනික කෘමිනාෂක හා පොහොර වලට එරෙහි සටනේදී අතුරලියේ රතන හිමි සිනාවට ලක්වූවා. තවමත් සිනාවට ලක්වෙනවා. දැන් දැන් උන්වහන්සේ ඒ සටන අතහැර ඊට වඩා ජනප්‍රියවාදී සටන් සමග තමන්වම ගලපාගත් බවක් පේනවා. ඖෂධ මාෆියාවක් ඇති බව හැමෝම දන්නවා. සතියේ දිනයක සවස් වරුවේ චැනලින් සේවා අවසාන වීමට ආසන්නයේ චැනල් සෙන්ටර් එකක් වෙත ගියොත් ඖෂධ මාෆියාවේ මහිමය ඕනෑම අයෙකුට සියැසින් දැකබලාගන්නට පුළුවන්. එයට එරෙහිව ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සැකසූ සේනක බිබිලේ ජීවතුන් අතර නැහැ. කොපමණ අඩුපාඩු තිබුණත් එය ක්‍රියාවට නැංවූ රාජිත සේනාරත්න අද ශ්‍රී ලංකාවේ ජනප්‍රියතාවයෙන් අඩුම දේශපාලනඥයෙක්. රතුපස්වල ජනතාවට තමන්ගේ ළිංවල උල්පත් ජලය බොන්නට හැකියාවක් නැහැ. ඒත් සිදුවූයේ කුමක්ද යන්න වත් තවමත් හරිහැටි හෙළිදරව් වී නැහැ.
ඔය ශ්‍රී ලංකාවේ තත්වය. මේ චිත්‍රපටය නැරඹීමෙන් පසු ඒ පිළීබදව යම් කණගාටුවක් ඇති වෙලා තිබුණා නම් ඒක නැතිවෙලා යාවි. මොකද ඇමෙරිකාව වගේ රටක එතරම් දියුණු විද්‍යාගාර පරීක්ෂණ තිබුණත් මිනිස් සෞඛ්‍යයට හානිකර එම සරළ නිෂ්පාදනය නවත්වාගන්නට ඔවුන්ට අදටත් හැකිවී නැහැ. එතකොට අපි ගැන කවර කතාද?
චිත්‍රපටය බලල ඉවර වෙනකොට පාන්දර 1.34යි. නමුත් මෙය ලියා තැබිය යුතුම සටහනක් කියා සිතුණා. නොවරදවාම නරඹන්න.

No comments:
Post a Comment