මේක අදනම් ගත්තෙ
මගේ සිඟිත්තියට. ඒත් ගෙනාපු ගමන් එක හුස්මට කියෙව්වෙ මම. ඈට තාම කියවන්න
බෑ. ඒත් සමහරවිට මම වගේම ආසාවෙන් ඒ පින්තූර බලයි. සමහරවිට ඒවට බැඳෙයි. ඈ
සාහිත ලොව අතපත ගාල අදුනගනිද්දි මුලින්ම රුසියාව අතට අහුවෙනවට යම්
ආත්මාර්ථකාමී කැමැත්තකුත් හිතේ තියන නිසා වෙන්න ඇති මේක ගන්න හිතෙන්න
ඇත්තෙ.
ඕනම රුසියන් පොතක දකින්න ලැබෙන සුවිශේෂ බරක්, ගැඹුරක්, පණිවිඩයක් හැම කතාවකම තිබුණා. චිත්‍ර වුණත් ළමා පොත් වල සාමාන්‍යයෙන් දකින්න ලැබෙනවට වඩා යම් සුවිශේෂ බවක් තියෙනව කියල හිතෙනව.
-----------------
ඔය උඩ ටික ලිව්වට පස්සෙ අම්මයි නංගියි මගෙ මතකය අලුත් කළා. ඕක මට deja wu වගේ දැනිලා තියෙන්නෙ මෙහෙමයි:-
ඔය පොතේ ඉංග්‍රීසි පරිවර්තනයක් Stories and Pictures නමින් මීට කලින් තිබිල තියෙනව. ඒ පොත අම්මලාත් පුංචි කාලෙ ඒ කියන්නෙ 1971/72 වගේ කාලෙදි අම්මගෙ ලොකු අප්පච්චි, ඒ කියන්නෙ සිසිල් ඉලංගකෝන් අත්තා අම්මලාට දීලා තිබුණ තෑග්ගක්. ඒ පොත පිටකවරය නැතුව වුණත් අපි පුංචි කාලෙ වෙනකල්ම පිලැස්සේ මහගෙදර තිබුණා. කියවන්න දන්නෙ නැති කාලෙක වුණත් පින්තූර මතක හිටින්න තරම් ඒක පෙරළලා බලන්න මට අවස්ථාව ලැබෙන්නෙ එතනින්. දැන් ඒ ඉංග්‍රීසි පොත කොහෙද දන්නෙ නෑ.
Deja wu විසඳුනා. ඒත් ඒ හැඟීමෙ, මතකයේ සුන්දරත්වය පොඩ්ඩක්වත් අඩුවුණේ නෑ.
ඊට අමතරව මෙතන රචකයාගෙත් ලොකු සුවිශේෂී බවක් තියෙනව. ඔහු ප්‍රසිද්ධියට පත්වෙලා තියෙන්නෙ දකුණතින් කතාව ලියන ගමන් වමතින් ඒකට අදාල පින්තූර අඳින විරළ ගණයේ අරුම පුදුම සාහිත්‍යකරුවෙක් විදියට. ඒ කරුණ විතරක්ම වුණත් කොයිතරම් අපූරුද?

No comments:
Post a Comment