2019.09.22
මොනවා කෙසේ කිව්වද නැවතිල්ලේ කල්පනා කරන කල ගෝඨාගේ දේශපාලනය හා
ප්‍රතිපත්ති සමග සමපාත වීමට මටද බැරිකමක් නැත. අනෙක ගෝඨාගේ පෙර හැසිරීම්
අනුව පහත කණ්ඩායම් පහට නොවැරදීම හෙණගැහී යන බව පෙනෙන හෙයින් වාසුදේවලා,
තිස්ස විතාරණලා මෙන් ගෝඨාගේ කැම්පේන් එකේ කුමක් හෝ අංශු මාත්‍රයකට ටැලි වී
හම්බ වෙන කඩමාල්ලකින් විළිවසා පාඩුවේ සිටීමට විටෙක මට සිතේ.
1. SAITM විරෝධීන්
මම උපාධි අධ්‍යාපනය ලබාදීමේ අවස්ථාව පෞද්ගලික අංශයටද ලබාදීමට පක්ෂ අයෙකි.
දිගින් දිගටම එම ස්ථාවරයේ සිටියෙමි. එයට මම පක්ෂ වුවත් නැතත් දැනටද වෛද්‍ය
අධ්‍යාපනය හැර අන් සියලු ක්ෂේත්‍ර තුල පෞද්ගලික අංශයද ක්‍රියාත්මක වෙයි.
ඇතැමුන් කියන පරිදි එයින්, වෘත්තීය තරගකාරීත්වය වැඩිවීම හැර නොමිලයේ දෙන
නිදහස් අධ්‍යාපනයට වැදුණු හෙණයක් තවම පෙනෙන්නට නැත. වෛද්‍ය ක්ෂේත්‍රයටද එය
ව්‍යාප්ත කළ යුතුව තිබුණි. ඒ සදහා අවශ්‍ය පියවර මහින්ද රාජපක්ෂ රජය යටතේ
ගන්නා ලදී. ඒ SAITMය. වඩාත් නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ
යැයි කියන එජාප රජයක් යටතේ එය ආරක්ෂා කරනු ඇතැයි සිතුවෙමි. නමුත් එජාප රජය
SAITM ප්‍රශ්නයේදී සටන් වැදුණේ දියාරුවටය.
ගෝඨා බලයට පත්වී අකමැති
උන්ට කුද ගහගන්නට කියා SAITM නැවත යථාවත් කොට එය නිවැරදි කරනු ඇතැයි සිතමි.
එපමණක් නොව ලොව පිළිගත් විශ්ව විද්‍යාල වලට ශ්‍රී ලංකාවේ ශාඛා විවෘත
කිරීමට ඉඩදී ඒ හරහා ඔවුන්ගේ උපාධි ලංකාවේ ශිෂ්‍යයන්ට ලබාගතහැකි ක්‍රමයක්
සකස් කරනවානම් මම කැමතිය.
2. වැඩ වර්ජකයින්
මම රජයෙන් පඩි
ලබන්නෙක් නොව වෘත්තිකයෙකි. මට මුදල් ලැබෙන්නේ මම වැඩකල තරමටය. එහෙව් මම
වැඩක් කරගන්නට කොළඹ කාර්යාලයකට ගියකල එතැන නිලධාරීන් "අද අපි ස්ට්‍රයික්"
කියනවාට මම අකමැතිය. කෝච්චියේ යන්නට ගිය විට "කෝච්චි ස්ට්‍රයික්" කියනවාට
මම අකමැතිය. කොටින්ම උන්ගේ ප්‍රශ්න උන් විසඳාගන්නවා මිස මාව ඈඳා ගන්නවාට
මැද පංතික මං විරුද්ධය.
ගෝඨා බලයට පත්වූ කල මොනවා නැතත් නොවැරදීම
ස්ට්‍රයික් හා අනෙකුත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කැමැත්තෙන් හෝ
අකමැත්තෙන් හකුලා ගැනීමට උන්ට සිදුවේ. අඩංගු නැත්නම් දෙන්නෙකුට තුන්දෙනෙකුට
සෙත්තපෝච්චි වෙන්නටම දුන් විට අනෙක් උන් නගුට පශ්චාද්භාගයේ ගසාගත් බල්ලන්
මෙන් දුවගොස් සැඟවෙනු ඇත. ස්ට්‍රයික් යුගය නිමාවෙනු ඇත.
3. උද්ඝෝෂකයින්
උද්ඝෝෂණ වලට මමත් ආසාය. ඒත් දැන් ඕවාට යන්න වෙලාවක් නැති නිසා ඒවා මට
අදාළද නැත. මම ගමනක් යන වෙලාවට පාරේ කෙරෙන උද්ඝෝෂණ වලට මම අකමැතිය. ඒ පාර
අවහිර වී මගේ ගමනට පරක්කු වන නිසාය. උන් උස්සාගෙන යන බෝඩ් ලෑලි බල බල
පෙට්රල් පුච්චමින් පාරේ බලා සිටීමට සිදුවීම මධ්‍යම පාංතික මගේ කෝපයට
හේතුවේ.
ගෝඨා ළඟ ඔය පිකටිංකරුවන්ට අත්දුටු බෙහෙත් තිබේ. ඔහු බලයට
පත්වී මසක් යන විට ඔය පාරවල් වල රඟන එකෙක්වත් නැවත බෝඩ් උස්සාගෙන පාරට
බසින්නට නිර්භය නොවනු ඇත.
4. හිඟන්නන්
මම හිඟන්නන්ටද
අකමැතිය. කලර් ලයිට් වල නවතා සිටියදී වාහනය ළඟට විත් උන්ගේ කිළිටි අත්වලින්
ෂටරයට තඩිබා එය අපවිත්‍ර කිරීමත් කීයක් හෝ දෙනතුරු නොයාමත් මාරු කාසි දුන්
විට බැණවැදීමත් මධ්‍යම පාංතික මට පෙන්නන්නට බැරිය.
ගෝඨා බලයට පත්වී සතියෙන් එම ගැටලුවද විසදෙනු ඇත.
5. අැමරිකන් විරෝධීන්
හහ් හා
සැබැවින්ම ආත්මාර්ථකාමී ලෙස බැලුවොත්, බුකියේ කුමක් හෝ අලුගුත්තේරු කතාවක්
ලියා අඬු කඩා ගැනීමට සිදුවීම හැර ගෝඨා බලයට පත්වුවහොත් මට සිදුවන අන්
හානියක් නැත. අලුගුත්තේරු කතා නොලියා යහතින් ඉඳීමට හේතුවන වෙන මොනවා හෝ
බයිලා ලිවීමටද මට ඉතා පහසුවෙන් පුළුවන. ඒ ඇරෙන්නට ගෝඨා ජනාධිපති වීමෙන් මට
වාසියක් මිස අවාසියක් වන්නේ නැත.
එබැවින් මගේ පාඩුවේ මගේ වැඩක්
බලාගෙන සිටිමින් අනාගතයේදී අර ඉහත කී කණ්ඩායම් පහට වැටී පස්ස බිම ඇණගැනීමට
නියමිත උන්ට විටින් විට ඔලොක්කුවට සිනහ වෙන තද පාලකයෙකු පතන උඬඟු මධ්‍යම
පාංතිකයෙකු බවට පත්වීමට පූර්ව ශක්‍යතා අධ්‍යයනයකි මෙම සටහන.
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment