මම
මේ පොත ගත්තෙ යම් යම් පූර්ව නිගමන වගයක් හිතේ තියාගෙන. ඒකට පළවෙනි හේතුව
මම යුධ විරෝධියෙක් වීම. සාධාරණ හෝ අසාධාරණ කුමන හෝ හේතුවකට මිනිස්සු අවි
අරන් මරාගැනිල්ල මං අනුමත නොකරනවා වගේම ඒ වගේ දේවල් වලට හුරේ දාන
සිරිතකුත් මගෙ නෑ.
යුධ ජයග‍්‍රහණයට දායක වුණ ඉන්පසු තානාපති නිලධාරියෙක් වශයෙන් සේවය කළ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් විසින් රචිත පොතක්. ඉතිං මම ඇත්තටම බලාපොරොත්තු වුණේ හිටගෙන මහින්දට ආවැඩිල්ලක්. රනිල් වික‍්‍රමසිංහට, සරත් ෆොන්සේකාට පලු යන්න බැණිල්ලක්.
නමුත් මං පිළිගන්නවා මං මේ පොත සම්බන්දයෙන් මගේ පූර්ව නිගමන සියල්ල වැරදුන බව.
මං ස්වභාවයෙන්ම දෙයක් ගැන විවිධ අයගෙ විවිධ අදහස් විවිධ කෝණ වලින් කියවල බලන්න කැමති. මගේ දෘෂ්ටිකෝණයට ඒ වගේ හැඩ තල ගණනාවක් දුන්නෙ මගෙ දෙමව්පියො. ඉතිං මම කොහොමත් කමක් නෑ කියල හිතාගෙන කියවල බලන්න මේ පොත ගත්ත.
ඇත්තටම ඒක ශ්‍රේෂ්ඨ කෘතියක් කිවුවොත් නිවැරදියි. පොත මහ විසාල එකක් වුණාට බිම නොතිය කියවන්න හිතෙන ක‍්‍රියාදාමමය ස්වරූපයක් මේ පොතේ තියෙනව. මේ පොත කියවපු දින කීපයෙම මම දවල් කාලෙත් ජීවත් වුණේ මේ කතාවෙ කිව්වොත් වැරදි නැහැ.
ඊලාම් යුද්ධය ආරම්භයේ පටන්ම තීරණාත්මක කඩඉම් ගණනාවක් පිළිබද ඉතා පැහැදිලි රසවත් ආකර්ශණීය විස්තර මෙහි තිබුණ. හමුදා නිලධාරියෙකුට මේ තරම් හිත් ඇදගන්නා විදියට ලියන්න පුලුවන්ද කියන එක ගැන වෙලාවකට පුදුමත් හිතෙනව.
ඊලාම් යුද්ධයේ ආරම්භයේ පටන් ඒ ඒ දේශපාලන හා හමුදා නායකයො ඒ අභීයෝගයට මුහුණදීපු විදිය ඉතාම අපක්ෂපාතී ආස්ථානයක ඉදන් විග‍්‍රහ කරන්න කතුවරයා සමත් වෙලා තිබ්බ. ඒ වගේම ඒ සෑම සියලු දෙනා අතින් වගේම තමන් අතිනුත් සිදුවුණ අඩුපාඩු පිළිබදවත් නොවළහා කියන්න රචකයා එඩිතර වෙලා තිබීම අගය කළ යුතුයි.
යුද්ධයට නායකත්වය දීපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා වැනි අය ලුතිනන් කර්නල් වැනි නිලතල දරණ කාලසීමාවේ පටන් ඔවුන්ගේ හැසිරීම. ආරක්ෂක ලේකම් වරයා සහ හමුදාපතිවරයා අතර තිබුණ මනා අන්‍යෝන්‍ය අවබෝධය පිළිබදව මෙන්ම සරත් ෆොන්සේකා හා නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අතර පැවති පාසල් කාලය දක්වාම දිවයන නොහොද නෝක්කාඩුව මෙන්ම එය යුද්ධයට අගතිදායී ලෙස බල නොපාන විදියට ආරක්ෂක ලේකම්වරයා සහ ජනාධිපතිවරයා විසින් කළමනාකරණය කරගත් හැටි ඉතා රසවත්ව විස්තර කරල තිබ්බ.
පොතේ මුල සිටම පෙනුණ දෙයක් තමයි රචකයා එනම් මේජර් ජෙනරල් කමල් ගුණරත්න වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සොල්දාදුවෙක් වීම. ඔහු සොල්දාදුවන්ට දිය යුතු ගරුත්වය හා ඇගයීම නිසි පරිදිම ලබාදීල තිබ්බ. ඒ වගේම ජනවාර්ගික අර්බුදයේ දේශපාලනමය බාහුව පිළිබදව ඔහුගේ පැවැති දැඩි අප‍්‍රසාදයත් මේ පොතෙන් ඔහු දැන දැනම හෝ නොදැන පිළිබිඹු කරල තිබ්බ.
ඒ කියන්නෙ කොටි දේශපාලන අංශයේ නායක තමිල් චෙල්වම් සහ කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් වැන්නවුන් කපටි නරි විදිහට අවඥාවෙන් හදුන්වන රචකයා කොටි සංවිධානයේ වුණත් හිටපු අති දක්ෂ සටන් කරුවන් වුණ කරුණා සහ තීපන් යන අය පිළිබදව යම් ගෞරව සම්ප‍්‍රයුක්ත බවක් දක්වා තිබුණ.
ඒ වගේම දශක 4ක් පුරාවටම කොටි පරාජය කරන්න බැරිවෙන්න ප‍්‍රධාන හේතුව වුණ කොටි නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ සුපිරි නායකත්වය සහ ඔහු කොටි සංවිධානය තුල පවත්වාගෙන ගිය දැඩි විනයට රචකයා ව්‍යංගයෙන් ආචාර කරල තිබ්බ. ඒ වගේම සටනෙ අවසාන මොහොතෙදි ප‍්‍රභාකරන් බේරගන්න දිවි හිමියෙන් සටන් කරපු කොටි 52 දෙනා ''නියම සටන්කරුවන්'' ලෙස හදුන්වල ඔවුන්ට දිය යුතු ගෞරවය සොල්දාදුවෙකු ලෙස ලබාදීල තිබ්බ.
වඩමාරච්චි මෙහෙයුමේ අපේ විශිෂ්ඨත්වය, ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ විජය විමලරත්නයන්ගේ විශිෂ්ඨ නායකත්වය, ඉන්දියානු මැදිහත්වීම, ඉන්දීය හමුදාව කොටි අතින් නට්ටං වීම සහ නට්ටං කරවීමට ප්‍රෙමදාස රජය කොටින්ට ආයුධ දීම, ඉන්පසු ඒ ආයුධ වලින් අපටම පහර වැදීම, යාපනය කොටුවේ සටන, ලුතිනන් කර්නල් ෆස්ලි ලෆීර්ගේ suicide express, සාර්ථක වූ රිවිරැස ක‍්‍රියාන්විතය, වසර දෙක හමාරක් ඉබි ගමනින් ගිය ජයසිකුරු, කරුණාගෙ නොනවතින් රැල්ලෙන් ජයසිකුරු දවස් තුනෙන් පටන්ගත් තැනටම ඒම, හමුදාවට පිරිස මදිවෙලා ඒ සදහා යොදපු අසාර්ථක උපක‍්‍රම, කොටි එනකොට තුවක්කු දාල සමහරු දුවපු හැටි, අලිමංකඩ ඓතිහාසික පරාජය, අවසන් සටන් විරාමය, හමුදාපතිවරයාට එල්ලවූ ප‍්‍රහාරය, මාවිල්ආරු සටන, මුහමලේ සොහොන්බිම, කොටින්ට කෙළවෙන්න පටන්ගත්හැටි, කිලිනොච්චි ප‍්‍රහාරය, තමිල් චෙල්වම්ගේ මරණය, දකුණ නිදහස සමරමින් බාල් නටද්දි මුලතිව් වල ඔක්කොම ආපසු හැරී ජයසිකුරු එකේ අනික වෙන්න ගිය හැටි, ආපසු හැරවීම, පුදුකුඩුඉරිප්පු සටන, යුධමුක්ත කළාපය, නන්දිකඩාල් මෙහෙයුම, චාල්ස් ඇන්තනිගේ ප‍්‍රහාරය, සුසේගේ අවසාන ප‍්‍රහාරය, ප‍්‍රභාකරන්ගේ මරණය වගේ ඊලාම් සටනේ බොහොම තීරණාත්මක සංධිස්ථාන පිළිබද සම්පූර්ණයෙන්ම පිරිසිදු නිර්දේශපාලනික යුධ බිමේ වාර්තාකරණය හා සමාන තොරතුරු සම්භාරයක් මේ පොතේ අඩංගු වෙනව.
මම ඇත්ත වශයෙන්ම යුද්ධයක් පිළිබදව මෙහෙම පොතක් කියෙව්වෙ පළවෙනි වතාවට. අතිශයෝක්තියෙන් නොකිව්වත් I am very impressed.
මේ පොත කියෙව්වම යුධ සාහිත්‍ය පිළිබද විශාල කුතුහළයක් ඇතිවුණා. ඉතින් මේ දවස්වල කියවන්නෙ ''කොටි දියණියකගේ පාපෝච්චාරණය''. ඉන්පසු වසන්ත කරන්නාගොඩගේ පොත සහ Gota's War කියවලා ඇන්ටන් බාලසිංහම්ගෙ War and Peace කියවන්න හිතාගෙන ඉන්නව.
ඉතිං ඔබ කියවල තියෙනවද මේ පොත?
මම කැමතියි ඔබේ අදහස් දැනගන්න.
තවත් මේ වගේ පොත් ගැන දැනගන්න
ඔබ මේ සටහන කියෙව්වනම් එහෙම පොත් ගැන දන්නවනම් පොඩි Comment එකක් දාගෙන යන්න

No comments:
Post a Comment