විශේෂයෙන්ම 4වන ඊළාම් යුද්ධයේදී විජයග‍්‍රාහී 53 වන සේනාංකාධිපති මේජර් ජෙනරල් කමල් ගුණරත්නයන්ට අනුව ශ‍්‍රී ලංකා හමුදාව ජයසිකුරු ක‍්‍රියාන්විතයේදී වසර 2 1/2ක් තිස්සේ බොහෝ ජීවිත හා මූල්‍ය පිරිවැයක් වැයකොට අල්ලා ගන්නා ලද සම්පූර්ණ භූමිය ''නොනවතින රැල්ල'' ක‍්‍රියාන්විතය මගින් ආපසු අල්ලා ගැනීමට කරුණා අම්මාන්ට ගතවී ඇත්තේ දින 3කි.
එයින් නොනැවතුණු කරුණා අම්මාන් ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ උතුරු ඉදිරි
ආරක්ෂක වළල්ල වූ කිලිනොච්චියට දැඩි ප‍්‍රහාරයක් එල්ල කොට එය පරන්තන් දක්වා
පසු බැස්සවීමටද ඉන්පසු ''නොනවතින රැල්ල 3'' මෙහෙයුම මගින් අලිමංකඩද අල්ලා
ගනිමින් උතුරු යුධ පෙරමුණ මුහමලේ දක්වා එළවා දැමීමටද ඔහු සමත් විය.
කරුණා හැරුණු විට ප‍්‍රභාකරන්ට සිටි දක්ෂතම සටන් කරුවා වූ වේලායුදපිල්ලේ පහීරත්කුමාර් නොහොත් ''තීපන්'' 4 වන ඊළාම් යුද්ධයේදී මුහමලේ ආරක්ෂා කරගැනීමට දැඩි උත්සාහයක් දැරුවද, ඔහුට වන්නි යුධ මෙහෙයුමේ පෙරමුණු 5කින් ඉදිරියට ඇදෙන හමුදාවට මුහුණදීම මෙන්ම මුහමලේ රැකගැනීමද එකවර සිදුකිරීමට ඔහුට නොහැකි විය.
එල් ටී ටී ඊ ත‍්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡත්වය පිළිබද කිසිදු විවාදයක් නැති වුවද ඔවුන් 4වන ඊලාම් යුද්ධයේ අවසාන භාගයේ සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගෙන එල්ල කළ ඇතැම් ප‍්‍රහාර වලට හේතුව අදටත් අභිරහසකි.
තමා ශක්තිමත් ස්ථාවරයක සිටින කලකදී ප‍්‍රභාකරන් එවන් ප‍්‍රහාර එල්ල කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි වුවද, යුධ පෙරමුණු 5කින් පහර වැදී නැත්තටම නැතිවී යමින් සිටින අවස්ථාවක, දිවි ගලවා ගැනීමට ඇති එකම ක‍්‍රමය ජාත්‍යන්තර මැදිහත් වීමක් පමණක්ව තිබූ අවස්ථාවක, සාමාන්‍ය මහජනතාව ඉලක්ක කර ප‍්‍රහාර එල්ල කිරීම මගින් ජාත්‍යන්තර මැදිහත්වීමකට තිබූ අවස්ථාවන් තමන් විසින්ම අවුරාගනු ලැබීම, සැබවින්ම පුදුම සහගතය.
එම ප‍්‍රහාර සැබවින්ම ප‍්‍රභාකරන්ගේ නියෝග මත එල්ලවූ ඒවා වන්නේ නම්, ඊළාම් යුද්ධය පුරාම මනා සැළැස්මකින් යුතුව, ඉවසීමෙන්, කල් යල් බලා කටයුතු කළ ප‍්‍රභාකරන්ගේ, ගොංකම ඉස්මතු වූ අවස්ථාවක් ලෙස එය හැදින්වීමේ කිසිදු වරදක් නැත.

No comments:
Post a Comment