Sunday, April 12, 2020

සොදුරු ආඥාව

(2017 පෙබරවාරි 19 වැනි දිනැති පොස්ටුවකි)

ITN fm එකේ එක් සොදුරු වැඩසටහනක් වන ''සොදුරු ආඥාව'' අහගෙන ඉන්නකොට ''සොදුරු ආඥාව මෙහෙයවන සොදුරු මිනිසා වසන්ත දුක්ගන්නාරාල'' කියපු මේ කතාව ටිකක් හිතට වැදුණ. ඉතිං වැඩසටහන අහල ඉවරවුණ හැටියෙ ඒක බුකියෙ කෙටුව.

''එක ගමක මිනිහෙක් හිටිය. ඒ මිනිහගෙ විනෝදාංශෙ බොරු බේගල් කියල මිනිස්සු අන්දන එක. දවසක් මේ මිනිහ ගමේ මිනිස්සුන්ට කිව්ව 'රජවාසලට යන හැමෝටම මසුරන් දාහ ගානෙ දෙනව' කියල. ඒකට රැවටිලා පෝලිමේ රජවාසලට දුවන ගැමියො දිහා බල බල මිනිහ තනියම හිනා වුණා. මාර ජොලි. එදා හවස් වෙනකොට මුලු ගමම රජ වාසල ගාව. ටික ටික රාත‍්‍රිය උදාවේගෙන එනකොට අහල ගම් වලටත් මේක ආරංචි වෙලා රජවාසලට ඇවිත්, රජවාසල ඉදන් හැතැම්ම ගාණක් දුරට පෝලිම. මේ පෝලිම දැකපු අපේ මිනිහත් 'ඇත්තටම රජවාසලේ මසුරන් බෙදනවද දන්නෑ' කියල හිතාගෙන අර පෝලිමේ අගට එකතු වුණාලු. වර්තමානයේ අපේ රටේ ජනමාධ්‍යටත් වෙලා තියෙන්නෙ ඔන්න ඔය මිනිහට වෙච්ච දේ.''

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...