අප නිදහස සමග 69 වසරක් කියල අභිමානයෙන් කිව්වට අපිට නිදහස ගැන නිවැරදි අර්ථදැක්වීමක් තියෙනවද කියන එක ලොකු ප‍්‍රශ්නයක්.
මිනිස්සු වගේම මානව සමාජයත් පරිණාමය වෙනව. ඒ පරිණාමය ස්වතන්ත‍්‍රව වුණ තරමට සමාජ හැසිරීමේ විකෘතිතා අඩුයි. ඒත් ලෝකයත් එක්ක ඉස්සරහට යද්දි එහෙම සියයට සියයක් ස්වතන්ත‍්‍ර වෙන්න ප‍්‍රායෝගිකව බැහැ.
උදාහරණයක් විදියට සමාජයක් ඒ සමාජ ප‍්‍රගමණ ක‍්‍රියාවලියෙ විවිධ
අදියරයන්හිදී නිදහස කියන එක පියවරෙන් පියවර දිනාගතයුතු වෙනව. එතකොටයි නිදහස
ගැන ඒ සමාජයේ මිනිස්සුන්ට තමන්ගෙකමක් දැනෙන්නෙ.
මෑත ඉතිහාසයේ අපි දිනාගෙන තියෙන්නෙ එහෙම සටන් දෙකයි.
1. එකක් 1948 සුද්දන්ගෙන් නිදහස දිනා ගැනීම. එදා ඉදන් අපි නිදහස කියන එක අර්ථ දක්වන්නෙ සුද්දන්ට එරෙහිව කියන පදනමේ ඉදල. ඉතින් නිදහස කියන දේ ඇතුලෙ ''සුද්දන්ට එරෙහි'' (බටහිරට එරෙහි) කියන රාමුවට කොටු වෙලා ඇරෙන්නෙ වෙන හරයාත්මක අගයක් දකින්න අපේ මිනිස්සු අසමත් වෙන එකේ පුදුමයක් නෑ.
2. අනික තමයි 4 වැනි ඊලාම් යුධ ජයග‍්‍රහණය. ඒ ජයග‍්‍රහණය තුල කොයි තරම් නෑ කිව්වත් ජාතිය මත පදනම් වූ නිර්වචනයක් ගැබ් වෙලා තියෙනවමයි. යුද්ධය ඉවර වුණත් තවමත් සිංහලයා දෙමළාටද, දෙමළා සිංහලයාටද එරෙහිව ඊලාම් ප‍්‍රශ්නය අර්ථ දක්වන්නෙ ඒකයි. සමහරු අකමැති වුණත් හොදම විසදුම හැම විදියකින්ම ශ‍්‍රී ලාංකිකයො කළවම් වෙන්න අරින එක. කිසිම පුරවැසියෙක් ජාතිය ආගම වැනි කරුණු මත විශේෂ නොවන තැනකට යන එක. අපි එහෙමයි කියල හිතුවත් තාම එහෙම නෑ.
සමාජයක් රටක් විදියට අපි නිදහසේ පරිණාමය වුණා නම් අපි ඉතිහාසයේ එක්තර තැනකදි සටන් කරල ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනාගන්න තිබුණ මානව හිමිකම් වෙනුවෙන් සටන් කරල ඒ අයිතීන් දිනා ගන්න තිබුණ සර්වජන ඡන්ද බලය අරගලයකින් දිනා ගන්න තිබුණ. එහෙම දිනා ගත්තනම් අද ඒ සංකල්ප ගැන මිනිස්සුන්ට මේ තරම් ආගන්තුක බවක් දැනෙන්නෙ නෑ. එහෙමනම් ඒව අපි සටන් කරල දිනාගත්තු අපේ දේවල්.
නමුත් අපි ඇතුලු යටත් විජිත සියල්ලටම සිදු වුණේ අනුන්ගෙ සටන් වලින් දිනාගත්තු දේවල් නොමිලේ ප‍්‍රාදූර්භූත විමේ ගොදුරු බවට පත් වෙන්න. යුරෝපයේ මානව නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ලේ හැලෙද්දි අපි සුද්දන්ගෙ වතුවල කෝපි කැඩුව. ඉන් පස්සෙ බ‍්‍රිතාන්‍යයේ ඒ අයිතීන් නීතිගත වුණාම කෝපි කඩ කඩා හිටපු අපිටත් නික්ම්ම ඒ අයිතීන් ලැබුණ. අපි ඉල්ලුවෙ නැතුවම. ඉල්ලපු නැති දෙයක් එහෙම බලෙන් දුන්නම මිනිස්සු තක්කු මුක්කු වෙලා යනව. අපිට ඒ අයිතීන් ලැබුණම අපිත් තක්කු මුක්කු වුණා. අදටත් ඉන්නේ ඒ වික්ශ්ප්ත භාවයෙන්මයි.
ඒකයි අපි නිදහස කියන දේ අර්ථකථනය කරද්දි ඒ ඇතුලට ප‍්‍රජාතන්ත‍්‍රවාදය මානව නිදහස මානව අයිතිවාසිකම් යන සංකල්ප නොදා ''මේක අපේ රට බොලව්'' කියන දේශප්‍රෙමය විතරක් දාගෙන ඉන්නෙ.
ඒ නිසා අපි නිදහස සැබැවින්ම රටක් විදියට අවශෝෂණය කරගෙන නෑ තවමත්. අපි නිදහස කිව්ව ගමන් ඒ වෙනුවෙන් ලේ හලපු මිනිස්සු කීපදෙනෙක් ගැනයි අපේ වසර 2500කට වඩා පැරණි ඉතිහාසයේ ප්‍රෞඪ බව ගැනයි විතරක් කතා කරල නිකං ඉන්නව. මං කියන්නෙ ඒව නොකල යුතුයි කියල නෙවෙයි. නමුත් රටක් විදියට ඉස්සරහට යන්න නිදහසේ සැබෑ අරුත අවබෝධ කරගත යුතුමයි.
ඒ නිදහස හැමදාම තව රටකට ජාතියකට ආගමකට හෝ බටහිරට එරෙහිව අර්ථ දැක්විය යුතුයි කියන පදනම සාවද්‍ය එකක් බව තේරුම් නොගත්තොත් අපි හැමදාම මෙතැනම ඉදියි බටහිරට බැණ බැණ.

No comments:
Post a Comment