Sunday, April 12, 2020

ජැක්සන් සහ ජයසිරි





(2017 ජනවාරි 26 වැනි දිනැති පොස්ටුවකි)


බැලු බැල්මට කිසි ගැලපීමක් නැති ඩබලක් වගේ. ජැක්සන් කියන්නෙ නිලාර් එන් කාසිම් මහතා මෙහෙයවපු ජනමාධ්‍ය අධ්‍යයන පාඨමාලාව හදාරන කාලෙ මට උගන්වපු ගුරුවරයෙක්. ඔහු කරන්න ගන්න දේ හරියටම කරන කෙනෙක්. ඔහුගෙ දේශනත් ඒ තරමටම සාරවත්. නිතරම සිනා මුසු මුහුණින් ඉන්න ජැක්සන් බොහොම සුහදශීලී ප‍්‍රියමනාප පුද්ගලයෙක්.

ජැක්සන් ඇන්තනී කියන අසහාය රංගන ශිල්පියා දකින දකින වාරයක් පාසා හිතෙන්නේ මේ සුන්දර මනුස්සයා මොන කෙහෙල්මලකට දේශපාලන මඩගොහොරුවට බැස්සද කියලා. සුසීමා, වෙද හාමිනේ වැනි ටෙලිනාට්‍ය වල ඉදන් ප‍්‍රවේගය වැනි වාණිජ ආරක යන සිනමා කෘති දක්වාම රගපාන ලද සෑම සියලු චරිතයකටම මේ අසහාය කලාකරුවා සම්පූර්ණ සාධාරණය ඉෂ්ට කළා. අලුතින්ම එන්න තියෙන්නෙ ''ධර්ම යුද්ධය'' චිත‍්‍රපටය. පේන හැටියට ඒතනදිත් උපරිම සාධාරණය ඉටුකරලා වගෙයි. 

ජයසිරි මට මුණගැහෙන්නෙ සිවිල් සමාජයෙදි. සරසවියෙ අවසාන කාලෙදි සුදර්ශන ගුණවර්ධන මහතා සමග සිවිල් සමාජ කටයුතු වල නියැලී ඉන්න කාලෙ සිවිල් සමාජ වේදිකාවෙ ඩබ්ලිව් ජයසිරි බොහොම ප‍්‍රතාපවත් කථිකයෙක්. ඔහු නිතරම කිව්වෙ ලංකාවෙ ඉන්නෙ ටෙලි නලු නිළියො නෙවෙයි ටෙලි කම්කරුවො කියල. ලෙහෙසියෙන් හිනා නොවෙන ජයසිරිගෙ කතා පිහිතළ වගේ බොහොම තියුණුයි.

ඩබ්ලිව් ජයසිරි මුලින්ම මම දකින්නෙ වීසිදැල චිත‍්‍රපටයෙන්. ඒකෙ ඉන්න නාකි ඉලන්දාරියා එක විදියක ජුගුප්සාජනක මතකයක් තමයි හිතේ ඉතුරු කරන්නෙ. නමුත් රංගනය අති විශිෂ්ටයි.

මේ දෙන්න දේශපාලන ධාරාවෙ ගියෙ දෙපැත්තකට. ඒත් දෙන්නා තරුණ කාලෙ රගපාලා බස් එකේ යන්න යන්තම් ගතමනාව හොයාගන්න කාලේ ටවර් හෝල් එකේ ''මරාසාද්'' රගපාලා ඒ ඉස්සරහ තියෙන සියඹලා ගහ යට ඉදගෙන හීනියට අඩියක් ගහල කරේ අතදාගෙන ගෙදර ගිය කාලෙකුත් තිබුණලු.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...