මහමැතිවරණය, පළතේ සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණ වල ඡන්ද ප්‍රතිඵල
සළකා බලන්නේ මැතිවරණ කොට්ඨාස මට්ටමිනි. එනම් පළාත් පාලන මැතිවරණයේදී පසුගිය
කාලයේ අප අත්දුටු පරිදි කොට්ඨාසය ජයගන්නේ කවුද එම කොට්ඨාසයෙන් තේරීපත්
වන්නේ ඔහුය.
ඉන්පසු සමානුපාතික ක්‍රමය අනුව ලබාගන්නා ඡන්ද සංඛ්‍යාව මත අතිරේක ආසන පිරිනැමීම සිදුවේ. මෙය මීට වඩා බොහෝ සංකීර්ණ වුවද එය සරළව වටහා ගැනීමට මෙය ප්‍රමාණවත් වනු ඇත. පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණයකදී එම කොට්ඨාස පදනම දිස්ත්රික් පදනම දක්වා වෙනස් වනු ඇත. ඒ අනුව සමස්ථ ඡන්ද සංඛ්‍යාව කෙසේ වුවද අඩු වැඩි ඡන්ද සංඛ්‍යාවකින් හෝ කොට්ඨාස වැඩිම ප්‍රමාණයක් ජයගන්නා පක්ෂය එම මැතිවරණ ජයග්‍රහණය කරනු ඇත.
ජනාධිපතිවරණයකදී කොට්ඨාස පදනමින් ඡන්ද ප්‍රකාශ කරනු ලැබුවද ඡන්ද ප්‍රතිඵලය කොට්ඨාස මට්ටමින් සළකා බලන්නේ නැත. එවිට සමස්ථ දිවයිනම එක ඡන්ද කොට්ඨාසයක් ලෙස සළකා සමස්ථ දිවයිනේ වැඩි ඡන්ද ප්‍රමාණය හිමිකරගත් අපේක්ෂකයා ජයග්‍රහණය කරනු ඇත. ඒ අනුව කොට්ඨාස මට්ටමින් සුළු සුළු වැඩි ඡන්ද සංඛ්‍යාවකින් සමස්ථ දිවයිනේ ඡන්ද කොට්ඨාස වලින් අති බහුතරයක් ජයගත් තැනැත්තා අවසාන ඡන්ද කොට්ඨාසයේදී අධික වැඩි ඡන්ද සංඛ්‍යාවකින් පරාජය වී එම වැඩි ඡන්ද සංඛ්‍යාව, ඔහු ජයගත් කොට්ඨාස වල වැඩි ඡන්ද ගණනේ සමස්ථ එකතුවට වඩා වැඩි වුවහොත් එකී කොට්ඨාස වැඩිගණනක් ජයග්‍රහණය කළ තැනැත්තා සමස්ථ ප්‍රතිඵලයේදී පරාජය වීමට වුවද ඉඩ ඇත. එනම් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයකදී කොට්ඨාස ප්‍රතිඵල අනුව සිතියම් වර්ණ ගැන්වීම ඡන්ද ප්‍රතිඵලය පිළිබඳව යථාර්ථවාදී විග්‍රහයක් ඉදිරිපත් නොකරයි.
නමුත් ඇමෙරිකාවේ ඡන්ද ක්‍රමය මීට වෙනස් වේ. පසුගිය ජනාධිපතිවරණයේදී හිලරි ක්ලින්ටන් ඡන්ද කොට්ඨාස 227ක් ජයගනිද්දී කොට්ඨාස 304ක් ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ලෙස තේරී පත්විය. නමුත් ක්ලින්ටන් විසින් ඡන්ද 65,853,514ක් ලබා ගනිද්දී ට්‍රම්ප් ලබාගත්තේ ඡන්ද 62,984,828ක් පමණි. එනම් ශ්‍රී ලංකාවේ ක්‍රමයට ඡන්දය පැවැතුණේ නම් හිලරි ක්ලින්ටන් වැඩි ඡන්ද 2,868,686කින් ජයග්‍රහණය කරනු ඇත.
ඇමෙරිකාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැත. ඒ අනුව එම වෙනස ජනාධිපතිවරණයට තරග වදින පාර්ශවයන්ට ඉතා විශාල බලපෑමක් නොකළත් තීරණාත්මක බලපෑමක් කරනු ඇත. ඒ අනුව ඒ ඒ පක්ෂ තමන්ට වාසිදායක පරිදි මුලින්ම අසවල් අසවල් මැතිවරණ ලබාගැනීමට උත්සාහ ගන්නේ මේ නිසාය.

No comments:
Post a Comment