ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාව දක්වන පරිදි පරමාධිපත්‍ය බලය
ජනතාව සතුවන අතර පරමාධිපත්‍යය යන්නට පාලන බලතල මූලික අයිතිවාසිකම් සහ ඡන්ද
බලය ඇතුලත්ය.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 4 (ඉ) අනුව්‍යවස්ථාව දක්වන පරිදි වයස අවුරුදු 18ක් සම්පූර්ණ කළ ඡන්ද හිමියෙකු වීමට සුදුසුකම් ලැබූ ඡන්ද හිමි නාමලේඛනයේ නම ඇතුලත් සෑම පුද්ගලයෙකුටම ඡන්ද බලය ක‍්‍රියාත්මක කළ හැකි විය යුතුය.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 89 වැනි ව්‍යවස්ථාව මගින් පුද්ගලයන්ට ඡන්ද බලය අහිමි වන අවස්ථා දක්වයි. 89 (ඈ) අනු ව්‍යවස්ථාව දක්වන පරිදි යම් තැනැත්තෙකු අවුරුදු දෙකකට නොඅඩු කාලයක් බන්ධනාගාරගත කිරීමෙන් දඩුවම් කළ හැකි වරදකට කවර වූ හෝ අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබීමෙන් පසුව නියම කරන ලද හය මාසයකට නොඅඩු කාලයක බන්ධනාගාරගත කිරීමේ දඩුවමක් විදිමින් සිටීනම් හෝ ගතවූ සත් අවුරුදු කාලයක් තුල එවන් දඩුවමක් විද තිබේනම් හෝ මරණීය දණ්ඩනයට යටත්ව සිටීනම් එවැන්නෙකුට ඡන්ද බලය අහිමි වනු ඇත.
89 ව්‍යවස්ථාව ඡන්ද බලය අහිමි වීමට දක්වනු ලබන අනෙකුත් හේතූන් අතර පොදු ලක්ෂණයක් වන්නේ එහි නිශ්චිතව දක්වා ඇති අනෙකුත් වැරදි සදහා වරදකරු වීමෙන් පසුව පමණක් ඡන්ද බලය අහිමි වන බවය.
ඊට අමතරව ආණ්ඩුුක‍්‍රම ව්‍යවස්ථාවේ 81 වන ව්‍යවස්ථාව යටතේ සිදුකර ඇති ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමක් හෝ 111 (ඇ) අනුව්‍යවස්ථාව හෝ 116 වන ව්‍යවස්ථාව යටතේ සදහන් තත්වයකට නොවැටෙන සියලුම දෙනාට ඡන්ද බලය හිමිවිය යුතු වේ.
මේ අනුව පෙනී යන්නේ රිමාන්ඩ් භාරයේ සිටින සිරකරුවන් සහ දෙපාර්තමේන්තු මට්ටමේ විනය ක‍්‍රියාමාර්ග මත රැදවුම් භාරයේ සිටින රැදවියන් ඇතුළු කොටස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ඡන්ද බලය අහිමි වන කණ්ඩායම තුලට නොවැටෙන බවයි.
එබැවින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව හෝ වෙන යම් දෙපාර්තමේන්තුවක් තමන් භාරයේ සිටින තාවකාලික රැදවියන්ට ඡන්ද බලය අහිමි කරන්නේ නම් එය පැහැදිලිව එම ඡන්ද බලය අහිමි වන ඡන්ද දායකයන්ගේ මූලික අයිතිවාසිකම් අහිමි කිරීමක් බවට පත්වනු ඇත.

No comments:
Post a Comment