Sunday, April 12, 2020

බුදුසමය හා දෙවිවරු





(2016 පෙබරවාරි 21 වැනි දින ලියන ලද පොස්ටුවකි)


''මෙම දෙවියන් පිළිබද කතා ප‍්‍රවෘත්ති හාස්‍ය රසයෙන්ද මිදුනේ නොවේ. බෝධිසත්වයන් බුද්ධත්වය ලැබීමට කලින් බෝරුක මුල වැඩ සිටි කල්හි ශක‍්‍රයා සහ බ‍්‍රහ්මයා ඇතුළු සියළුම මහේශාක්‍ය දෙවිවරු තුති ගී ගයමින් එතැනට පැමිණ සිටියහ. එකල්හි මාර සෙනගත් සමග බිහිසුහණු මාරයා පැමිණියේය. බෝධිසත්වයෝ චංචල නොවී සිටියහ. එහෙත් මාරයා දුටු පමණින් ඒ මහේශාක්‍ය දෙවිවරු හිස් ලූ ලූ අත දිවූහ. ශක‍්‍රයා විජයුත්තරා නම් සක් ගෙඩිය පිටේ එල්ලාගෙන දුවන්නේ සක්වල මුවවිටට පැමිණෙනතුරු නොනැවතුනේය. මහා බ‍්‍රහ්මයා තම සුදු කුඩය එතැනම දමා බ‍්‍රහ්ම ලෝකයට පලා ගියේය.''

ලක්දිව පැරණි බෞද්ධයන් විසින් දෙවියන් කෙරෙහි සළකන ලද්දේ ඉහත දැක්වූ ආකාරයට හෙයින් දෙවියන්ට යාඥා කිරීමෙහි හෝ දෙවියන් වැදීමෙහි හෝ ඔවුන් යෙදෙන්නට ඇතැයි සිතිය නොහැක. දෙවියන් සතුටු කිරීමට කරන ලද කිසිම පූජා විධියක් ගැන පාලි අට්ඨකතාවන්හි දක්නට නැත.

(උපුටාගැනීම - ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම් මහතාගේ පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය ග‍්‍රන්ථයේ 301 පිටුවෙනි.)

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...