Sunday, April 12, 2020

මහැදුරු විශ්වා වර්ණපාල සද



(2016 පෙබරවාරි 28 වැනි දින ලියන ලද පොස්ටුවකි)

මේ තියෙන්නෙ 1997 වර්ෂයේදි ගන්නා ලද ඡායාරූපයක්. ගෞරවාචාර දක්වන ගමන් සහතික පත් ලබන්නෙ මම. ඒ 4 ශ්‍රේණියේ බුද්ධ ධර්මය විෂයට ප‍්‍රථම ස්ථානය සදහා වූ සහතිකය. දකුණු පැත්තෙ කෙළවරේ ඉන්නෙ එවකට මා ඉගෙනුම ලැබූ පොල්ගහවෙල කු/ ශාන්ත බර්නාදෙත් ආදර්ශ මහා විද්‍යාලයේ එවකට නියෝජ්‍ය විදුහල්පති ෆුවාඩ් මහතා. මැද ඉදන් මට සහතිකය දෙන්නෙ මේ post එකේ ප‍්‍රධාන චරිතය. එවකට උසස් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය විශ්වා වර්ණපාල මැතිතුමා.

විශ්වා වර්ණපාල මැතිතුමා එදා ත්‍යාග ප‍්‍රධානෝත්සවයෙදි බොහොම උද්වේගකර වේගවත් කතාවක් පැවැත්වූවා මට මතකයි. නමුත් එය මෑත කාලීන බොහොමයක් දේශපාලනඥයෝ පාසල් වලට ගිහින් කරන කතා වගේ දේශපාලන කතාවක් වුණේ නැහැ.

එවකට ටියුෂන් පන්ති පාසල් වලට අභියෝගයක් වෙන මට්ටමට ඇවිත් තිබුණේ නැහැ. පාසල් කාලය තුල මහා පරිමාණ පන්ති පැවැත්වෙන මට්ටමට යන්න පෙර එතුමා එහි අවදානම දුටුවා සහ එයට එරෙහි පැහැදිලි මතයක් දැරුවා මට මතකයි.

අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහිව කියාගනිමින් SAITM එකටයි වෙනත් උපාධි කඩ යැයි කියනු ලබන ආයතන වලටයි එරෙහිව බෝඩ් උස්සන්න සෙනග දහස් ගාණක් හිටියත් සැබෑ ලෙස අධ්‍යාපනය දැනටමත් ටියුෂන් හරහා පෞද්ගලිකරණය වෙලා ඉවර බව කියන්නත්, ඊට එරෙහිව බෝඩ් උස්සන්නත් කිසි කෙනෙක් නැහැ. ඒක තමයි අධ්‍යාපන ජනසතුවාදීන්ගෙ දෙබිඩි පිළිවෙත.

නමුත් ටියුෂන් උවදුරක් ලෙස පිටුදැකිය යුතු බවටත් අනාගතයේදී පෞද්ගලික විශ්ව විද්‍යාල වල මට්ටමටම හිස ඔසවන්නේ ඔය ටියුෂන් ව්‍යාපාරය බවත් එතුමා එදා දුටුවා. දුටුවා පමණක් නොව බය නැතුව එය ප‍්‍රකාශ කළා.

එදා එතුමා කළ ඒ උද්වේගකර කතාව අද ප‍්‍රසිද්ධියේ අහන්න සලස්වන්න පුළුවන් නම් එය නයාගෙ හිස නොකපා නැට්ට පැත්තෙන් ඩිංගක් කප්පාදු කරන ආකාරයෙන් අධ්‍යාපනය පෞද්ගලීකරණය මඩින්න දගලන ඊනියා ජනසතු වාදීන්ට එය දැවැන්ත කණේ පහරක් වෙනවා නිසැකයි.

මහාචාර්ය විශ්වා වර්ණපාල මැතිතුමනි. ඔබට නිවන් සුව!

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...