Sunday, April 12, 2020

තවෙදබාරි භීතිකාව

(2016 ජනවාරි 28 වැනි දින ලියන ලද පොස්ටුවකි)

සදැති රැයකැ
ගගබඩ තැබෑරුමකැ
එතුල මීමැසි පොදියක් වන්
සුරාවට පොරකන මිනිස් රැලකැ
මිනිස් රැල මතුයෙහි
කුඩා රවුම් තෙපා මේසයෙකැ
එය මතුයෙහි තම මධුබදුන් තබා
මධුවිත තොලගාන්නෝ තිදෙනෙකැ
එකෙකු දුඹුල්වන් කබා ඇත්තේයැ
හේ නිතර මුව ගැවසුණු සිනා ඇත්තේ වියැ
කඩවසමෙකි ආරෝ පරිණා සන්නද්ධ සද්ධන්තයෙකැ
හේ වම් පසින් පීතවණ් කබා ඇත්තෙකැ
හේද රූප සම්පන්නයෙකැ
නමුදු ඇසෙහි කදුළු පිරියේය
දුඹුල්වන් කබා දකුණේ ලෝහිත කබායෙකැ
හේද කඩවසමෙකැ
සයට බෙදුණු උදර ඇතතෙකැ
දෙබා දැවැන්ත මස් ගොබ ඇති
සරාගී කය ඇත්තෙකැ
හේද හැඩූ කදුළිනි

''කිම මිතුරු කදුල් බිදු...?''
දුඹුල්වන් කැබැත්තා
ලෝහිත වණ්නයා විතාලි
''අහෝ මා මිතුරු
ඉදින් මා ඉද කුමට
ලලනාවන් හුදු සරාගී යැ
මා සිතුවා වරද වැටහුණි
මා පියඹ සරණගත් දා පටන්
ඈ සරාගී ලෝ ගිල්වීමි නැළවීමි
මා බාහු යුග්මයේ සිරවී
ඈ සරාගී සුව වින්දාය
ඈට අදහාගත නොහැකැ
ලෝකාස්වාද රතියෙන්
හැම විටම සැනසූයෙම්
චුම්බනය ඈට නම් අඩු නොමැත්තේ වියැ
නමුත් ඊයේ ඈ අනෙකෙකු හා ගියායැ
ඈට අවැසි රති කෙළි නොව
පියකු මෙන් ස්නේහ බව
මා හට කියා ඈ යන්නට ගියායැ
අහෝ මා හට ඉද කුමට
කොල්ල මට තව මධු බදුණක් ගෙනෙව''
හේ ඇසූ පීත වන්නයා මෙසේ ගුගුලි
''මිතුරු ලෝහිත වණ්නය
තට වූයේ කිම්
අහෝ ලලනාවන් නම්
වැටහිය නොහැක්කේමය
තා පියඹ පියකු වන් සෙනෙහෙ සොයා
තා හැර පියා ඇත
මා පියඹට මා සදා පියෙකු වීමි
ඈට කැවූයෙමි පෙවූයෙමි
නිද එන තුරු පෙම් කවි නැළවිල ගී කීමි
ගිලන් කල නැහැවූයෙමි
සැපතම කළෙමි
කැතකුණු අතගෑයෙමි
නමුදු ඈ සරාගී සුව සොයා
මා හැරපියා ගියායැ
යන්නට පෙර මා දෙපා නැමද
මතු භවයේ මගේ දියණියක වේවායි පැතුවායැ
නමුත් මෙභවයෙහි ඈට ඇවැසි පියෙකු නොව
සරාගී සුව බව කියා
හැඩූ කදුලින් ඈ සිත්ගත් සරාගියා හා
නික්ම ගියායැ
අහෝ මා ඉද කුමට
මා ඈට කුඩා දැරියකට වන්ව
ආලය කළෙම්
සුළු වරද අනුකම්පායෙන් ඉවැසීම්
නමුත් මටද දුකම විය
අහෝ කොල්ල
මටද තව මධු බදුණක් ගෙනෙව''
දෙබස් අසා දුඹුල්වන් කැබැත්තා
පෑ සිනා බීමහල දෙදරාපයන්නේ
මෙසේ කීවොයැ
''අහෝ ලෝහිත වණ්ණය
අහෝ පීත වණ්නය
තොපි නම් මහා මුග්ධයෝමය
වනිතාවන් වූ කලී
විටෙක සරාගී පෙමටත්
විටෙක කුඩා කෙල්ලක මෙනැ
පිතු සෙනෙහෙටත්
විටෙක සකි සෙනෙහෙටත්
ලොල් වූවෝ වෙත්
ඈට අවැසි කල
අවැස් වෙස් ගැන්ම තොප දත යුතු
නැතොත් ඈ උඹ හැර පියා
යනු නම් නියතැ
බල මා දෙසැ
මා කිනම් පහර්ෂවන්තයෙක්දැ
මා ප‍්‍රියම්භිකා විටෙක ළදැරියෙකි
එවිට මා ඈට පියෙකි
විටෙක කාමිනියකි
එවිට මා රතියක කුප්පන ලදැ
ජවාධික අශ්වයෙකැ
විටෙක ගිලනියකැ
එවිට මා වෙදෙකැ හෙදයෙකැ
විටෙක මිතුරියකැ
එවන් කල මාද මිතුරෙකැ
ඉදින් කවර කලෙක වුව
මා පියඹට නම් මා වෙතැ
රිස්ස නොයන්නේයැ
කිසිවිටෙක මා පිළිකුල් නොකරන්නේයැ
කෙදිනකවුව අන් පහස නොපතන්නේයැ''
එකියු දුඹුල්වන් කැබැත්තා
තෙපා මේසයෙන් බටුයේ
දෙසකියනට සුබ රැයක් පතා මගට පිළිපන්
නුදුරු නිවසටැ එළඹෙන පමාවේ
සිහින් කෙදිරිල්ලක් සවන ගැටුණේ
මදක් පමාවීයැ
කෙදිරිය යහන් ගැබෙනැ
සිය පියඹට
ගිලන් උවදුරකැයි සතී
දුඹුරු කැබැත්තා
කවුළුවෙන් එබීයේ දුටු දසුන
විදුලි සැරයෙකැ
ඇද මතුයේ අඩුකුරුවැ
බැල්මට අප‍්‍රිය කෙසගැ හිගන්නෙකැ
ඒ මතුයේ නග්නව සිහින් කෙදිරිල්ලෙන්
උස්පහත් වන්නී
දුඹුල් කැබැත්තාගේ
ප‍්‍රිය පියඹයැ
බීමහල් දොර මහ හඩින් විවරවැ
දුඹුල් කැබැත්තා එහි මතුයෙහි
සකළ ඇස් ඔහු මත වී
''කොල්ල මට මධු බදුණක් ගෙනෙව''
හේ ගුගුලේ යැ

(''කොල්ල මට මධු බදුනක් ගෙනෙව'' යන්න පමණක් 'සුබ සහ යස' නාට්‍යයේ ''දාසිය මට මධු බදුනක් ගෙනෙව'' දෙබසින් උපුටා ගන්නා ලදී)


No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...