ශ්‍රී
ලංකා ජාතික ගීය ලෙස භාවිත වන "ශ්‍රී ලංකා මාතා" ගීතය ගීත රචක සහ සංගීතඥ
ආනන්ද සමරකෝන් මහතාගෙ නිර්මාණයක් බව සෑම පුද්ගලයෙකුම දන්නා කරුණකි. එම
ගීතයේ දෙමළ අනුවාදය නිදහස් දිනයේදී ශ්‍රී ලංකාවේ දෙමළ බස කතා කරන ජනතාව
විසින් ගායනා කිරීම මාතෘකාවක් බවට පත්වී ඇති මේ මොහොතේ ජාතික ගීයේ අතීත
කතාව සහ ගීය පිළිබඳව යම් අධ්‍යයනයක යෙදීම වැදගත් වනු ඇත.
වර්තමානයේ ජාතික ගීය ලෙස යොදාගනු ලබන ගීතය, ජාතික ගීයක් වශයෙන් භාවිත කිරීම සඳහා ලියන ලද්දක් නොව, ආනන්ද සමරකෝන්ගේ කුමුදුනී නම් වූ කෘතියට 1940දී ඔහු විසින් ලියන ලද්දකි. එය රචනා වීමෙන් වසර 8කට පසු, එනම් 1948දී ජාතික ගීයක් තෝරාගැනීම සඳහා පත්කරන ලද විශේෂ කමිටුව විසින් විවිධ හැලහැප්පීම් රාශියක් මධ්‍යයේ මෙම ගීතය ජාතික ගීය වශයෙන් තෝරාගන්නා ලදී.
එකල මෙම ගීතයට නිෂ්චිත තනුවක් නොතිබූ බව කියැවේ. එවකට අමාත්‍යවරයෙකු වූ ජේ.ආර්. ජයවර්ධනගේ ආරාධනයෙන් ගරු මර්සලීන් ජයකොඩි පියතුමන් විසින් පුහුණු කරවන ලද මෙම ගීතය 1949දී පැවැත්වුණු නිදහස් දින සැමරුමේදී මුල් වරට ගායනා කර ඇත.
කෙසේ වෙතත් මෙම ගීතය ජාතික ගීය වශයෙන් පිළිගෙන ඒ සම්බන්ධයෙන් නිල නිවේදනය නිකුත් කරනු ලබන්නේ 1952 වසරේදීය. නිෂ්චිත තනුවකට අනුව මෙම ගීතය තැටිගත කිරීම 1954 වසරේදී සිදුවිය.
කෙසේ වෙතත් තමා විසින් රචිත "නමෝ නමෝ මාතා" ගීතය තමාගේ අනුදැනුමකින් තොරව "ශ්‍රී ලංකා මාතා" යනුවෙන් වෙනස් කිරීම, ජාතික ගීයට රජයෙන් හිමිවූ මුදල්මය දීමනාව ඉල්ලා සිටිමින් "කුමුදුනී" ග්‍රන්ථයේ ප්‍රකාශක විසින් නඩු පැවරීම, ආනන්ද සමරකෝන් මහතාට ජාතික ගීයේ නිර්මාතෘ වශයෙන් ලැබිය යුතු යැයි අපේක්ෂිත ගෞරවය නොලැබීම, අගහිග සහ මූල්‍ය දුෂ්කරතා යනාදී කරුණු රාශියක් හේතුවෙන් ඔහු දැඩි කලකිරීමට පත්වූ බව කියැවේ. ඒ අනුව 1962 මාර්තු මස 02 වැනිදා නිදි පෙති අධි මාත්‍රාවකින් පානය කිරීම මගින් ආනන්ද සමරකෝන් මහතා මෙලොව හැර යන ලදී.
ජාතික ගීය
----------------
ආනන්ද සමරකෝන් විසින් රචිත ජාතික ගීය ඇසෙන පමාවට සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම ලොමු ඩැහැගැන්වෙන බවට සැකයක් නැත. ජාතික ගීයක් වශයෙන් සිතා නිර්මාණය නොකළද, එය රටක් වශයෙන් සැළකීමේදී සළකා බැලිය යුතු සෑම කරුණක්ම සියුම්ව නිරූපණය කරන ලද්දක් බව දැකිය හැකි වේ. රට අභ්‍යන්තර ජනකොටස් වල භේද වලට තුඩු දෙන හෝ එක් ජන කොටසක් අනෙක් ජනකොටසකට වඩා උසස් හෝ පහත් කැරෙන වචනයක් හෝ එහි අඩංගු නොවේ. එය එකළ ජාතික ගීය වශයෙන් තෝරා ගැනුණද, වර්තමානයේ ජාතික ගීය තෝරාගන්නා අවස්ථාවකට එළැඹියහොත් එවැනි අසීමාන්තික පොදු බවක් සහිත ගීතයක් තෝරගනු ඇත්දැයි සැක සහිත වේ. මන්ද මේ මොහොත ශ්‍රී ලාංකීය ජාතියක් නිර්මාණයට වඩා ජනකොටසක ශ්‍රේෂ්ඨත්වය උත්කර්ෂයට නැගිය යුතුය යන්න ජනප්‍රිය මතය බවට පත්වී ඇති අවස්ථාවක් බැවිනි.
"ශ්‍රී ලංකා මාතා
අප ශ්‍රී ලංකා
නමෝ නමෝ නමෝ නමෝ මාතා"
ගීතයේ පළමු පද පෙළෙින්ම රට මවට උපමා කරනු ලැබේ. පෙරදිග සංස්කෘතිය අනුව පවතින්නේ පීතෘමූලික සමාජයක් යැයි කියැවුණද එම පීතෘමූලිකත්වය සැබැවින්ම චෙස් ක්‍රීඩාවේ රජුගේ භූමිකාවට සමාන වේ. රජු මියයාම ක්‍රීඩාවේ අවසානයට හේතු වුවද ක්‍රීඩාවේ සමස්ථ බලය බොහෝදුරට රැජින මත කේන්ද්‍රගත වී ඇත. ඉන්දියාවේ බිහිවූ චෙස් ක්‍රීඩාවටත් අභාසය ලැබෙන්නට ඇත්තේ පෙරදිග ලෝකයේ විශේෂයෙන්ම ඉන්දියාව අවට පැවැති පීතෘමූලික යැයි පෙනුණද සැබැවින්ම මාතෘමූලික සමාජ පසුබිම බව සිතිය හැකිය.
පෙරදිග ලෝකයේ පවුල එකට බැඳෙන්නේ මව හරහාය. පවුලේ සියලු දෙනාගේ දුක්ගැනවිලි අසන්නේ ඒවා සම්බන්ධිකරණය කරන්නේ පවුලක අම්මාය. එබැවින් බටහිර ලෝකයට වඩා පෙරදිග ලෝකයේ අම්මාට සුවිශේෂී ස්ථානයක් හිමිවේ. පෙරදිග මිනිසුන් යම්ක් පිළිබඳව දිවුරීමේදී එය අවධාරණය කළ යුතු මොහොතක "අම්මා පල්ලා" යැයි කීමෙන් මවට එම සමාජයේ ලබා දී ඇති ස්ථානය පෙනී යයි.
ජාතික ගීයේ පළමු පද පෙළින්ම රට මෑණියන්ට නැතහොත් අම්මාට සමාන කරන රචකයා ඇයට නමස්කාර කරයි.
"සුන්දර සිරි බරිනි
සුරැඳි අති සෝබමාන ලංකා
ධාන්‍ය ධනය නෙක මල් පළතුරු පිරි
ජයභූමිය රම්‍යා"
ඉන්පසු රචකයා මාතෘ භූමියේ රූපශ්‍රීය වර්ණනා කරයි. සුන්දරත්වය බරවූ, සුරැඳි එනම් දෙවියන් වැඩ සිටින, අති ශෝභමාන දේශය ඔහුගේ වර්ණනාවට පාත්‍ර වෙයි. ඇය සතු මිළකළ නොහැකි සම්පත් පිළිබඳව සිහි කරමින් රමණීය ජයභූමිය ලෙස මව් රට හඳුන්වයි.
"එක මවකගෙ දරුකැළ බැවිනා
යමු යමු වී නොපමා
ප්රේම වඩා සැම භේද දුරැර දා
නමෝ නමෝ මාතා"
මෙය වර්තමානයේ රටට ඉතාම ගැලපෙන පද කොටස වේ. බොහෝ දෙනාට අමතක වී ඇති, සිතා මතා අමතක කරන කරුණ වන්නේ සියළුදෙනා එක මවකගේ දරුවන් බවයි. එක මවකගේ දරුවන්ගෙන් කිසිඳු අයෙකුට තනිව මවට අයිතිවාසිකම් කිව නොහැක. එවැනි අයිතිවාසිකම් කීමක් මවද ගණන් නොගනු ඇත. මන්ද ඇයට සියළුම දරුවන එක සමාන බැවිනි. නමුත් මවගෙන් විශේෂ සැළකිල්ලක්, අයිතාවාසිකමක් බලාපොරොත්තු වන දරුවන්ද සිටිති. එය මව් සෙනෙහස වටහා නොගන්නා දරුවාගේ පෘතග්ජන ස්වභාවයයි. ඒ ස්වභාවය කෙසේ වුවද ඇගේ ආදරය සියල්ලන්ටම එක හා සමාන වනවා ඇත. එබැවින් සියල්ලන්ම එක මවකගේ දරුවන් මෙන් සිතා පමා නොවී යමු යැයි රචකයා ආරාධනය කරයි. එනම් පමාවට හේතුවන හිස් කාරණා, අර්ථ විරහිත දෑ, පටු භේද යනාදිය අතහැර දමා එකිනෙකාට ආදරය කරමින් මවට නමස්කාර කරමු යන්නයි. නමස්කාරය යන්නෙන් බොහෝ දුරට ඇගේ කීර්තිය නැංවීම අදහස් කළ බව පෙනේ.
"ඔබ වේ අප විද්‍යා
ඔබමය අප සත්‍යා
ඔබ වේ අප ශක්තී
අප හද තුල භක්තී"
රචකයා මාතෘ භූමියට ප්‍රශස්ති ගායනය කරයි. ඔබ වේ අප විද්‍යා යන්නෙන් අදහස් වන්නේ මාතෘ භූමිය දැනුමෙන් සුපෝෂිත බවයි. සත්‍යය කුමක්ද යන්න ඇය ඇසුරින්ම උගත හැක. ඇගේ දරුවනට ශක්තියක් වෙමින් ඔවුන්ගේ හදවත් තුල භක්ත්‍යාදරයට පාත්‍ර වන්නේ ආදරණීය මාතෘ භූමියයි.
"ඔබ අප ආලෝකේ
අපගේ අනු ප්‍රාණේ
ඔබ අප ජීවන වේ
අප මුක්තිය ඔබ වේ"
දේශයේ දරුවන්ට ආලෝකය සපයන්නේ මව් බිමයි. ඇය අනුප්‍රාණය ලෙස හැඳින්වීමෙන් රචකයා කියන්නේ ඇය පණ හා සම වන බවයි. දරුවන්ගේ ජීවන හුස්ම ලැබෙනුයේ මෘතෘ භූමිය වෙතිනි. එබැවින් දරුවන් ඇය සළකනුයේ මුක්තියකිනි. මුක්තිය යනු සාමාන්‍ය තත්වයෙන් වෙනස් කොට සැළකීමකි. මෙහිදී "අප මුක්තිය ඔබ වේ" යන්නෙන් අදහස් කරන්නේ මාතෘ භූමිය සම්බන්ධ ප්‍රශ්නයකදී ඒ වෙනුවෙන් දේශයේ දරුවනට කළ නොහැක්කක් නොමැති බවයි
"නව ජීවන දෙමිනේ
නිතින අප පුබුදු කරන් මාතා
ඥාන වීර්යය වඩවමින රැගෙන යනු මැන
ජය භූමි කරා"
රචකයා මාතෘ භූමියෙන් ඉල්ලා සිටන්නේ නිරන්තරයෙන් නව ජීවන හුස්ම පිඹිමින් දේශයේ දරුවන් ප්‍රබෝධමත්ව තබන ලෙසයි. අවදි කරන ලෙසවි. ඒ නව හුස්ම පොදින් දැයේ දරුවන්ගේ ඥානය හෙවත් නුවන වීර්යය හෙවත් ධෛර්යය වඩවමන් මාතෘභූමිය ජයග්‍රහණයේ දේශය බවට පත්කරන මෙන් ඔහු ඉල්ලා සිටී.
"එක මවකගෙ දරුකැළ බැවිනා
යමු යමු වී නොපමා
ප්රේම වඩා සැම භේද දුරැර දා
නමෝ නමෝ මාතා
අප ශ්‍රී ලංකා
නමෝ නමෝ නමෝ නමෝ මාතා"
රචකයා නැවතත් මාතෘ භූමියට නමස්කාරය පුදමින් ගීය අවසන් කරයි.
මෙම අනුපමේය ගීතය කුඩා කල සිට සියවරක් දහස් වරක් ගායනා කර තිබෙනවා වන්නට පුළුවන. නමුත් එය සැබැවින්ම හදවතට දැනෙනුයේ එහි වචනයෙන් වචනය අදහස විමසා බලන විටය. ගීතයක් යනු හුදෙක් තාලයට කියන වචන සමුදායක් නොව ගීතයේ සැබෑව ඇත්තේ වචන තුල වේ. වචන තුලින් සන්නිවේදිත අරුත තනුවෙන් සහ ගායන හඬින් තීව්‍ර කළ හැකිය. නමුත් සැබෑ අරුත හදවතට සමීප කරගැනීමට ගීතයේ අරුත වටහා ගැනීම අත්‍යවශ්‍ය වේ.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුල කිසිදු ස්ථානයක ජාතික ගීය රසාස්වාදනය ඇතුලත් වී තිබෙනවා මා දැක නැත. එය සැබැවින්ම රසාස්වාදනය පමණක් නොව එහි ඉතිහාසයද සමඟ වෙනම විෂයයක් ලෙස ඉගැන්විය යුතු දෙයකි. රටක් ලෙස ජයගතයුතු සැබෑ අභියෝගය කුමක්ද යන්න සහ පටු වාද භේද වලට කළ යුතු දෙය මෙම ගීතය තුල සියුම් ලෙස අඩංගු කර තිබේ.
එම අර්ථය නිවැරදිව හඳුනාගෙන එය හදවතට සමීප කරගන්නා ජනතාවකට රට ගැන සැබෑ හැඟීමක් ඇති වනු ඇත. වර්තමානයේ බොහෝ දෙනෙකුට ඇත්තේ රට ගැන හැඟීමක් නොව මමත්වයකි. එම මමත්වයේ ව්‍යාජ බව වටහා ගැනීමට ජාතිකගීයේ අරුත හරිහැටි දැනගැනීම පමණක් වුවද ප්‍රමාණවත් වනු ඇත.
ජාතික ගීය ගිරවුන් මෙන් ගැයිය යුතු හුදු සංකේතාත්මක වටිනාකමක් පමණක් ඇති වචන ස්වල්පයක් නොවේ. මේ මොහොතේ රට මුහුණ දී ඇති ව්‍යාධියට ප්‍රත්‍යක්ෂ ඖෂධය මෙම ගීතය තුලම ඇත. අවශ්‍ය වන්නේ අවබෝධයෙන් එය කියවා ගැනීමය.
මගේ මව් භාෂාවෙන් ලියැවුණු එම ගීතය මගේ මව් භාෂාව හරිහැටි නොතේරෙන මගේ රටේම උපන් අයෙකු තමාට තේරෙන භාෂාවකට පරිවර්තනය කරගෙන ඒ භාෂාවෙන් අවබෝධයෙන් යුතුව ගායනා කිරීම මගේ කෝපයට හේතුවක් නොව අභිමානයට හේතුවක් වන්නේ එබැවිනි.

No comments:
Post a Comment