Sunday, April 12, 2020

රනිල් වික‍්‍රමසිංහ - දේශපාලනික චරිතාපදානය

(2017 මාර්තු 18 වැනි දිනැති පොස්ටුවකි)


අනිත් පොත් කියවන අතරෙ මේ පොතත් කියෙව්ව. ටිකක් සංක්ෂිප්තව කරුණු ඉදිරිපත් කරන පොතක්. සවිස්තරාත්මක තොරතුරු වලට වඩා වාර්තාමය කරුණු ඉදිරිපත් කිරීම පැත්තට දතුරීල තිබුණ බර වැඩියි. මං හිතන විදියට යම් යම් කාරණා ගැන මීට වඩා රසවත්ව කරුණු ඉදිරිපත් කරන්න තිබ්බ. නමුත් මේ පොතෙත් අඩංගු තොරතුරු ඉතාම රසවත් දේශපාලනික චරිතාපදාන කෙරෙහි ආරොව්වක් නැති අයට. ඊට අමතර ඉතාම දුර්ලභ ඡයාරූප එකතුවකුත් තියෙනව.

රනිල් වික‍්‍රමසිංහයන්ගෙ ළමා කාලය. කුඩා කළ දැක්වූ දක්ෂතා. දිනේෂ් ගුණවර්ධනයන් සහ අනුර බණ්ඩාරණායකයන් සමග එකට ඉගෙනගත් හැටි. ලබාගත් ජයග‍්‍රහණ. උසස් අධ්‍යාපනය. දේශපාලනයට පිවිසීම. ළාබාලම නියෝජ්‍ය ඇමැතිවරයා. ළාබාලම කැබිනට් අමාත්‍යවරයා. ජාතික තරුණසේවා සභාව ඇතුළු අනෙකුත් සේවාවන් පිළිබද ඉතා වැදගත් තොරතුරු රාශියක් මේ පොතේ ඇතුලත්.

ඊට අමතරව ලැබූ පරාජයන්. මුහුණදුන් අභියෝග. පසුබැසීම් කැපකිරීම් ආදිය මෙන්ම බටලන්ද සිද්ධිය, අධ්‍යාපන ධවල පත‍්‍රිකාව හා සම්බන්ධ සිද්ධිය වගේ රනිල් වික‍්‍රමසිංහයන් මැදිවූ ගැටලු ගැනත් මනා වාර්තාවක් විදියට මේ පොත හදුන්වන්න පුලුවන්.

මම බොහොම පුදුමයට පත්වුණා වික‍්‍රමසිංහයන්ගේ පවුල් ගස පිළිබදව කියවලා. විජේවර්ධන පවුල වික‍්‍රමසිංහ පවුල සහ විජේසිංහ පවුල ඇත්ත වශයෙන්ම අදටත් ශ‍්‍රී ලංකාවේ බොහොම බලවත් පවුලක්. අද ලංකාවෙ තියෙන ප‍්‍රධාන පුවත්පත් 3ම ආරම්භ කරල තියෙන්නෙ විජේවර්ධනල. මේ පවුල මේ තරම් බල සම්පන්න වෙලත් මේ පවුලේ අයගෙන් ක‍්‍රියාකාරී දේශපාලනයෙ ඉන්නෙ මහාචාර්ය රජීව් විජේසිංහ, රුවන් විජේවර්ධන සහ රනිල් වික‍්‍රමසිංහයන් පමණයි. ඇත්තටම ලංකාවෙ දේශපාලන සංස්කෘතිය අරන් බලනකොට ඒක පුදුමයට කාරණයක්. පවුලේ කෙනෙකුට අමාත්‍යංශයක පියන් වැඩක් වත් දීල නෑ. එයාල එයාලගෙ වැඩ. දේශපාලනයෙ ඉන්න කීප දෙනා දේශපාලනය කරනවා. එච්චරයි.

ශ‍්‍රී ලාංකික දේශපාලන චරිතාපදාන අතර ජේ ආර් චරිතය බණ්ඩාරණායකවත ආචාර්ය ඇන් ඇම් පෙරේරා චරිතාපදානය කොල්වින් ආර් ද සිල්වා චරිතාපදානය රණසිංහ ප්‍රෙමදාස චරිතය වගේම මහින්ද රාජපක්ෂ චරිතයත් මං බොහොම ආසාවෙන් කියවපු පොත්. නමුත් ඒ පොත් වල තිබුණ ප‍්‍රබන්ධමය ස්වරූපය මේ පොතේ තිබුණෙ නැහැ. මේ පොත හුදු වාර්තාවක් පමණයි.

ඔය හැමෝටම වඩා ශ‍්‍රී ලංකාවෙ දේශපාලනයේ හිටිය චරිත අතුරින් සර් ජෝන් කොතලාවලගේ චරිතයේ එන රස මුසු සිදුවීම් අනන්තයි අප‍්‍රමාණයි. නමුත් මට තවම හරිහමං චරිතාපදානයක් හමු වුණේ නෑ. දන්න කෙනෙක් ඉන්නවනං කරුණාකරල කියන්න.

ඊට අමතරව මහින්ද රාජපක්ෂයන් පිළිබදව තිබෙන ඔබ දන්නා චරිතාපදාන මොනවාද දන්නා අය කරුණාකරල කියන්න.



No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...