මෙහි පළමු පොත මුලින්ම මා අත පත්කලේ මාගේ අත්තාය. එනම් මාගේ මෑණියන්ගේ පියාණන් වූ විශ‍්‍රාමලත් විදුහල්පති නිශ්ශංක බණ්ඩාර ඉලංකෝන් හෙවත් කපිතාන් නිමල් ඉලංකෝන් මැතිතුමාය. මා 4 ශ්‍රේණියේ පමණ ඉගෙනුම ලබන කාල සීමාවේදී කියැවීමට ලැබුණු ගුණසේකර ගුණසෝමයන් විසින් රචිත 'රන් පුහුල් නිදානය' සහ 'දොළගලේ බිල්ල' යන ජනකතා කෘති දෙක හේතුවෙන් සිංහල ජනකථා සාහිත්‍යයට මා තුල ඇතිවූූ ලැදියාව නිරීක්ෂණය කළ හිටපු විදුහල්පතිවරයෙකු වූ අත්තා තම පොත් එකතුවේ තිබූ මග දිගට ජනකතා පොත මා අතට පත්කළේය.
ප‍්‍රධාන වශයෙන් මහනුවර යුගය ආශ‍්‍රිත ඉතා රසවත් ජනකතා 50ක් මෙම මුල
ග‍්‍රන්ථයේ අඩංගු විය. මා මුලින් කියවූ කෘතිය මෙවන් ඔෆ්සෙට් මුද‍්‍රිත
පොතක් නොව අතින් අකුරු ඇමිණූ පැරණි පොතක් විය. එම පොත මෑතක් වනතුරුම මා
සතුව තිබී රැගෙන ගිය අයෙකු නැවත ලබා දීමට කෘතඥ නොවීම නිසා මා හට අහිමි විය.
මගදිගට ජනකතා පොතේ 1 වන මුද‍්‍රණයේ (1971) පිටපතක් වූ එම පොත මා සතුව වී
නම් පොත් ගුල්ලකු වන මාහට එහි වටිනාකම කියා නිමකළ නොහැකි හෙයින් එය අහිමි
වීම පිළිබදව මම අතිශයින් කණගාටුවට පත් වෙමි.
එකී ජනකතා පොත කන්ද උඩරට රාජධානිය ආශ‍්‍රිත ජනකතා වලින් යුක්ත වුවද අවස්ථා ගණනාවකදී ඇතුගල්පුරය, මහියංගනය මෙන්ම හගුරන්කෙත වැනි ප‍්‍රදේශ වලට අදාළ ජනකතාද එහි ඇතුලත් වේ. උදාහරණයක් ලෙස එහි 32 වන ජනකතාව ලෙසින් ඇතුලත් වන 'නරේන්ද‍්‍රසිංහ රජු නිදාන් කැඩවීම' පිළිබද ජනකතාවේ කුරුණෑගල ආසන්නයේ මාවතගම පිහිටි කොටිකාපොල ග‍්‍රාමයට එම නම ලැබීම පිළිබදව සදහන් වේ.
මෙම ජනකතා පොතේ ඇතුලත් ජනකතා වලට මාගේ සිත කෙතරම් තදින් ඇදී බැදී ගියාදැයි කිවහොත් එහි 10 වන ජන කතාව ලෙස ඇතුලත් 'වල්ජම්බුවේ සටන' නම්වූ ජනකතාව ඇසුරින් මා කවි පන්තියක්ද රචනා කළා මට මතකය.
මෙම ග‍්‍රන්ථ ද්විත්වයේ කතුවර තැන්පත් පාඨශාලාචාර්ය ඩී.පී. වික‍්‍රමසිංහයන්ගේ අභාවයෙන් පසුව 2001 වසරේදී පළමු මුද‍්‍රණය ලෙස 'මගදිගට ජනකතා 2' කොටස එළිදක්වන ලදී. එහිද ඉතා රසවත් ජනකතා 26ක් අඩංගු වන අතර මා ඒ කතා 26ද එක හුස්මට කියවා නිමකළ බව සදහන් කරන්නේ අසීමිත ප‍්‍රහර්ෂයෙනි.
ජනශ‍්‍රැතිය සම්බන්දයෙන් ගත් කළ ප‍්‍රධාන වශයෙන් පාඨශාලාචාර්ය ගුණසේකර ගුණසෝමයන්ගේ කෘතීන්ට අමතරව සිත් ඇදබැදගන්නා ජනකතා කෘතියක් ලෙස මා සළකන්නේ 'මගදිගට ජනකතා'ය. මෙයට අමතරව තවත් ජනකතා කෘති පිළිබදව දන්නා අයෙක් ඒ පිළිබදව විස්තර මෙහි දක්වන්නේ නම් කෘතඥ වෙමි.

No comments:
Post a Comment