අනුරාධපුර සිද්ධියේ සත්‍ය කතාව කුමක් වුවද, ඒ සම්බන්ධයෙන් මේ දිනවල ක්‍රියාත්මක මාධ්‍ය සංදර්ශනයෙන් කිසිදු පාර්ශවයකට යහපතක් නම් අත් නොවන බව එම පාර්ශවයන් වහාම වටහාගත යුතුව ඇත.
මාගේ පුද්ගලික මතය නම් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරය හේතුවෙන් යුක්තිය ඉටුකිරීමේ ක්රියාවලියට සිදුවන හානිය මෙතෙකැයි කිව නොහැකි බවයි.
විමර්ශන කටයුතු වලදී අනාවරණය වන කාරණා අතරින් සාක්ෂි ආඥා පනතේ ප්‍රතිපාදන
ප්‍රකාරව අධිකරණය හමුවේ සාක්ෂි ලෙස ඉදිරිපත් කළ හැකි හා නොහැකි සියලුම
කාරණා නඩු විභාගයට පෙර මාධ්‍ය හරහා නිල මට්ටමින්ම ජනගත කිරීම තුලින් නඩුවේ
යම් පාර්ශවයකට වාසිදායක හෝ අවාසිදායක වාතාවරණයක් කල් ඇතිවම ඇතිකරන්නේ නම්
විධිමත් නඩු විභාගයක් අවශ්‍ය නැත. ඒ නඩු මෙහෙයවීම පිළිබඳව විධිමත්
පුහුණුවක් ලද නීතිඥවරුන් මෙන්ම නඩුවල සාක්ෂි මැන බලා තීන්දු දීමට පුහුණුවක්
ලද විනිසුරුතුමන්ලාද ඒ අනුව අවශ්‍ය නොවනු ඇත.
මාධ්‍ය මගින් ජනතාවට සාක්ෂි ඉදිරිපත් කර එ් පිළිබදව මහජන මතය විමසා වැරදිකරු නිවැරදිකරු තීරණය කොට දඩුවමත් ජනතාවටම තීරණය කිරීමට ඉඩහරින වගකීම් විරහිත නඩු විසඳන රටාවක් ඒ හරහා නොදැනීම නිර්මාණය වේ.
එවන් අවස්ථාවක ජනතාව තීරණය කරන වරදකරු නිවැරදිකරු හා දඩුවමේ ප්‍රමාණය සමග අධිකරණ ක්‍රියාවලිය හරහා ඇතිවන ප්‍රතිඵලය සමපාත නොවන කල ඇතිවන උභතෝකෝටික ප්‍රශ්න වලින් බැට කෑමට සිදුවන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට තනිව නොව සමස්ථ සමාජයටමය.
මෑතකාලීනව අවස්ථා ගණනාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරය හේතුවෙන් අනවශ්‍ය ගැටලු රාශියක් නිර්මාණය වූ බව දනිමින්ම එය තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක කරමින් තව තවත් නාගැනීම රෑ වැටුණු වලේ දවල් වැටීම මෙන් උත්ප්‍රාසජනක කටයුත්තකි.

No comments:
Post a Comment