(2018 ජූනි 25 වැනි දිනැති පොස්ටුවකි)
ඌෂි වර්ගයේ අධිබලැති ස්වයංක්‍රීය පිස්තෝල පිළිබඳව කතාබහ නැවත කරලියට පැමිණ තිබේ. බොහෝ දෙනා අසන ප්‍රශ්නය වන්නේ සාමාන්‍ය පොලිස් නිලධාරීන්ට පවා ලබා නොදෙන එවැනි අවියක් පාතාල සාමාජිකයන්ට ලැබුණේ කෙසේද යන්නයි. සමහරු ඒ පිළිබදව පුදුමය පළකරනුද දැකිය හැකිය.
මාගේ මතකය නිවැරදි නම් ශ්‍රී ලංකා පාතාලයේ පළමු වතාවට ඌෂි අවියක් භාවිතාකර සිදුකළ මනුෂ්‍ය ඝාතනයක් වාර්තා වන්නේ මීට වසර 11කට පමණ ඉහතදීය.
මොරටු සමන් නම් පාතාල නායකයා ඝාතනය කිරීමට තොප්පි චමින්ද සහ ඇට ඉන්දික යන පාතාල සාමාජිකයන් දෙදෙනා භාවිත කලේ ඌෂි අවියකි.
ඒවා මෙරටට ගෙන එන්නේ කෙසේද යන්න පිළිබඳව පුදුමයට පත්විය යුතු නැත. ශ්‍රී ලංකාවට පිටරටින් එන එකම නීතිවිරෝධී භාණ්ඩය ඌෂි අවිය පමණක් නම් එවන් පුදුමයක් සාධාරණ වනු ඇත. ශ්‍රී ලංකාවේ ඕනෑම නගරයකින් මිළදී ගතහැකි හෙරොයින්, කෑලි දෙක පූට්ටු කළ වාහන යනාදී නීති විරෝධි භාණ්ඩ පැමිණෙන්නේ යම් සේද පාතලයට අවශ්‍ය ගිණිඅවිද එසේම පැමිණෙනු ඇත. ඒවා සියයට සියයක් නැවැත්වීමට ආරක්ෂක දැලෙහි ඇති හිඩැස් මැකීමට කිසිවෙකුට සැබෑ වුවමනාවක් නැත. මන්ද ඒ සියල්ලෝම සෘජුව හෝ වක්‍රව විවිධ ප්‍රමාණයන්ගෙන් එකී ක්‍රියාකාරකම්වල වාසි අත්විඳින බැවිනි.

No comments:
Post a Comment