ඔන්න එංගලන්තෙ රජ පවුලෙ රාජකීය මංගල්ලයක් පැවැත්වුණාලු. රට රටවල රාජ්‍ය නායකයන්ටත් ආරාධනා කළාලු. එක්තරා දකුණු ආසියාතික රටක ජනාධිපති තුමාටයි අගමැති තුමාටයිත් ආරාධනා කරල තිබ්බලු.
දෙන්න එක්ක වෙඩිමට යන්න කලින් කතා වුණාලු මොනවද තෑග්ගට ගෙනියන්නෙ කියල.
"අපි මොකක් වුණත් දේශීය නිෂ්පාදනයක් ගෙනියමු. දේශීයත්වය අපි ජාත්‍යන්තරයට
ගෙනියන්න මේ හොඳ අවස්ථාවක්." ජනාධිපතිතුමා කිව්ව. ඊට පස්සෙ දෙන්නම එක එක
දේශීය නිෂ්පාදන යෝජනා කළත් එකඟතාවයකට එන්න බැරිවුණා.
"එහෙනම් අපි කොස්ගෙඩි දෙකක් ගෙනියමු" අවසානයේ අගමැතිතුමා යෝජනා කළා.
"ම්....... එහෙම නෙවෙයි. කොස්ගෙඩි උස්සගෙන යන්නත් අමාරුයිනෙ. අපි දෙහිගෙඩි දෙකක් ගෙනියමු." ටිකක් කල්පනා කරපු ජනාධිපති තුමා කිව්ව.
"පොඩි වැඩි නැද්ද සර්" අගමැතිතුමා ඇහුව.
"නෑ. කමක් නෑ. දේශීය නිෂ්පාදනයක්නෙ" ජනාධිපතිතුමා දිනුම් පදේ ගැහුව. අගමැතිතුමත් එකඟ වුණා. ඉතින් දෙන්නත් එක්ක ඉරිදා පොලෙන් දෙහිගෙඩි දෙකකුත් අරං රාජකීය විවා මඟුලට ගියා.
රට රටවල විවිධ සම්භාවනීය අමුත්තො ඇවිත්. යාන වාහන, ගෘහ භාණ්ඩ, ආභරණ ඇතුළු අනික් අමුත්තො ගෙනාපු තෑගි බෝග අතර මෙයාල ගෙනියපු දෙහිගෙඩි දෙකත් පීත්ත පටියක් එහෙම ගැටගහල තියල තිබ්බ.
ඔහොම ඉන්නකොට එඩින්බරෝ අදිපාදවරයා තෑගි තියන පැත්තෙ රවුමක් දැම්ම. එතන තිබුණ දෙහිගෙඩි දෙක දැකල ආදිපාදතුමාට යකා නැග්ග.
"කවුද මේ විහිළුවක් කරල තියෙන්නෙ? මේක මහ අපහාසයක්. වහාම මේව ගෙනාපු එවුන් අල්ලගෙන වරෙල්ලා" ආදිපාදතුමා රාජකීය සෙබළුන්ට නියෝග කළා.
සෙබළු ගිහිං අර කලිං නොකියපු රටේ ජනාධිපතිතුමයි අගමැතිතුමයි අල්ලගෙන ආවා.
"මුං තමයි ආදිපාදතුමනි දෙහිගෙඩි ගෙනාවෙ"
"රාජකීය පවුලට අපහාස කරන්ඩ තොපි හිතුව මදි. ඔව දෙහිගෙඩි දෙක අරං ඇරපියව් ඕකුන්ගෙ අධෝමාර්ගය දිගේ උඩටම" අාදිපාදතුමා ගෝරනාඩු කළා.
රාජකීය සෙබළු මොහොතක් වත් නොපැකිළ ආදිපාදතුමාගෙ නියෝගය ක්‍රියාත්මක කරන්න පටන්ගත්ත.
"මං ඒකනෙ තමුසෙට කිව්වෙ දෙහි ගේමු කියල. කොහොමද කොස්ගෙඩි දෙක ගෙනාවනම්" දෙහිගෙඩි මහ බඩවැල හරියට කිට්ටු කරනකොට ජනාදිපතිතුමා අගමැතිතුමාට මිමිණුව.
(පුවත්පතක විහිළු කතා තීරයේ දැනට දශක දෙකකට පමණ ඉහත පලවී තිබුණු කතාන්දරයක් ඇසුරින් මා විසින් නැවත මතකයෙන් ලියන ලදී. අපහාසයට නොවන බව සැලකුවමනාය.)

No comments:
Post a Comment