දැනුම වැඩි තැනැත්තා තමයි බලවත්. ඔහු තමයි ඇත්තටම පොර. යමක් නොදන්නාකම පොරත්වයට හේතුවක් නෙවෙයි. ගොන්කම වැඩි වීමට හේතුවක් මිසක්.
ඉස්කෝලෙ යන කාලෙ දෙමළ භාෂාව හරිහැටි ග්‍රහණය කර නොගැනීමේ ගොන්කම දැන් තමයි
තේරෙන්නෙ. ඒත් සමහරුන්ට දෙමළ නොදැනීම ආඩම්බරයට කාරණයක් වෙලා තියන බව පේනව.
"උන්ට ඕන නම් සිංහල ඉගෙනගන්න කියපල්ලා. අපට මොකටද දෙමළ?" කියලා අහන අය
ඉන්නව.
දෙමළ කියන්නෙ දෙමළ ජාතිකයන්ගේ විතරක් නෙවෙයි, ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන්ගෙත් භාෂාව. සිංහල බහුතරය දෙමළ අකුරක් වත් දන්නෙ නෑ. උගත් සිංහල අය අතරත් දෙමළ භාෂාව දන්නා අය ඉන්නෙ ඉතාම අඩුවෙන්. නමුත් දෙමළ මුස්ලිම් අයගෙන් සැලකිය යුතු ප්‍රතිශතයකට සිංහල පුළුවන්. උගත් දෙමළ සහ උගත් මුස්ලිම් ජාතිකයන්ට අනිවාර්යයෙන්ම සිංහල පුළුවන්. ඔබ කියයි "ඉතිං අපිට මොකද?" කියල. නමුත් එහෙම වුණාම ඇත්තටම මොකද වෙන්නෙ? ඔබත් මමත් මේ දේ දිනපතා අත්දකිනවා අපි ඒ ගැන නොහිතුවට.
බලන්න ඔබ යමක් මිළදී ගන්න දෙමළ හෝ මුස්ලිම් කඩයකට ගියාම ඔවුන් ඒ භාණ්ඩය සම්බන්ධයෙන් එකිනෙකා හා කතා කරන්නෙ දෙමළ භාෂාවෙන්. ඩිස්කවුන්ට්, වොරන්ටි ගැන විතරක් නෙවෙයි ඒ භාණ්ඩයට ආවේණික දුර්වලතා මොනවහරි තියෙනවනම් ඔවුන් ඒවත් ඔබ ළග තියාගෙන දෙමළෙන් කතා කරනවා. නමුත් ඔබට වචනයක් වත් තේරෙනවද? නැහැ නේද? දැන් කවුද මෝඩයා වෙන්න වැඩි ඉඩක් තියෙන්නෙ? ඔබම නේද? ඔවුන් මොනවා කිව්වත් ඒක හිනා වෙන එකක්ද, අඩන එකක්ද, රවන එකක්ද කියලවත් දන්නෙ නැතුව ගොනා වගේ කටබලියං ඔලුව වනන්න වෙන්නෙ ඔබට නේද? ඔබට පුළුවන්ද ඔවුන් ඉදිරියේ ඔවුන්ට නොවැටහෙන්න සිංහලෙන් කතා කරන්න? කොහෙත්ම බෑ. දැන් කවුද පසුගාමී මෝඩයා? වෙන කවුරුත් නෙවෙයි ඔබමයි. දැන් මේක කියවන අන්ත ජාතිවාදී කොටස් කියාවි මේක සිංහල රට නිසා ඔවුන් ඔබ ඉදිරියේ සිංහලෙන් කතා කළ යුතුයි කියලා. ඒ කියන්නෙ ඔවුන්ව බලෙන් සිංහල කතා කරවිය යුතුයි කියලා. නමුත් ඒක මේ කපේට කරන්න බැරි ගොන් යෝජනාවක් බව තේරුම් ගන්න එක වසරටවත් ඉස්කෝලෙ ගිහිං තියෙන්න ඕන නෑනෙ. තවත් අය කියාවි දෙමළ මුස්ලිම් කඩ වලට නොයා හිටියම ඉවරයි කියලා. එච්චර පටුවට හිතන්න එපා. ඒක මම ගත්ත එක උදාහරණයක් විතරයි. දෙමළ බස කතා කරන අය එක්ක අපිට කටයුතු කරන්න සිද්ධ වෙන අවස්ථා තව ඕන තරම් තියනව.
දැන් ඇයි අපට එහෙම වුණේ? අපේම ගොන්කම නිසා. 1 සිට 9 වෙනකල් දෙමළ උගන්නපු කාලෙ අපි ඒ පීරියඩ් එකේ පිස්සු කෙළපු නිසා. ඒ විදියට "හොදට වැඩකරන ළමයි" පවා දෙමළ පීරියඩ් එකේ පිස්සු කෙළියෙ ඇයි? දෙමළ අනිවාර්ය නොවුණ නිසා. සාමාන්‍යපෙළ කඩඉමට දෙමළ කැමතිනම් තෝරාගන්න විෂයක් විදියට පැත්තකට කරල තිබුණ නිසා.
ඉතින් අපි විහින් නොදැනුවත් භාවයට පත්වුණ විදියට අනාගත පරපුරත් නොදැනුවත්ව අදුරේ සිටිය යුතුද?
මෙතනදි තේරුම් ගතයුතු ප්‍රධාන කාරණය බොහෝ දෙනා හරිහැටි හරි තැනින් ග්‍රහණය කරගන්නෙ නෑ. ඒ තමයි "අපි දෙමළ ඉගෙනගත යුත්තේ උත්පත්තියෙන් දෙමළ කතා කරන අය වෙනුවෙන් නෙවෙයි. අපි වෙනුවෙන්" කියන එක.

No comments:
Post a Comment