අවස්ථානුකූලව හැගීම් වලට
වහල්වී තමාට ආවේණික භේද උත්කර්ෂයට නගමින් යොදන පැලැස්තර වලින් ගැටලුවේ
මුහුණුවර වරින් වර වෙනස් වෙමින් ගැටලුව තවත් සංකීර්ණ වනවා පමණි.
නමුත් මෙම භේදවලට නෛතික හා ව්‍යවස්ථාපිත පිළිගැනීමක් ලැබීම තුල වරප්‍රසාද භුක්ති විදින්නෝ සහ ඉදිරියේදී තමන්ට ආවේණික භේද ව්‍යවස්ථාපිත කරගැනීමට හා නීතිගත කරගැනීමට වෙර දරන්නන් මෙවන් විසදුමකට කිසිදා එකග නොවනු ඇත.
මාක්ස් සදහන් කළ පරිදි ධනපති පන්තිය ස්වේච්ඡාවෙන්ම කිසිදා පොදු යහපත උදෙසා වරප්‍රසාද අත් නොහරින්නේ යම් සේද, සංස්කෘතික බලවතුන්ද පොදු යහපත උදෙසා ශක්තිමත් ආණ්ඩුකරණ ක්‍රමයක් බිහිකරගැනීමේ ක්‍රියාවලියට එලෙසින්ම එනයින්ම එරෙහි වනු ඇත. තම පැවැත්ම ආරක්ෂා කරගැනීමට ධනපති පන්තිය විසින් ජනතාවට වරින්වර ගිල්වනු ලබන අබිං වර්ග ගැන මාක්ස් සදහන් කරයි. ජනවාර්ගික භේදයකින් තොරව ශ්‍රී ලාංකිකයන්ගෙන් අතිමහත් බහුතරය මේ මොහොතේ එම අබිං වර්ග තලුමරමින් රසවිඳින ආකාරය ඇස් පනාපිට දැකිය හැකි වේ.
මාක්ස්වාදයෙන් අකමැති නම්, ධනේශ්වර දකුණු අප්‍රිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉගෙනීමට බොහෝ දේ තිබේ. දශක ගණනාවක් තැලී පොඩිවී ජීවත් වූ දකුණු අප්‍රිකානු කළු ජාතිකයන් සුදු ජාතිකයන්ගෙන් පළිගැනීමට තමන්ට ශුද්ධවූ අයිතියක් තිබෙන්නේය යන විනාශකාරී ස්ථාවරයෙන් බැහැර කොට රටේ දියුණුව උදෙසා ධනාත්මක අයුරින් දිශානගත කරගැනීම ප්‍රශංසනීය වේ.
හැකිතාක් භේද වපුරා, නිරන්තරයෙන් එම භේද නියෝජනය කරමින්, පොදු ජනතාවගේ බෙදීම් තුලින්ම පැවැත්ම සරිකරගන්නා සාම්ප්‍රදායික උප්පරවැට්ටි දේශපාලනඥයන් හරහා මේ තත්වය සාක්ෂාත් කරගැනීමට සිතීමම විහිළුවක් බව නැවත නැවතත් සනාථ වෙමින් තිබේ.

No comments:
Post a Comment