ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48(1) අනුව ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍යාකාරයකින් අග්‍රාමාත්‍යවරයා ධුරය දැරීම නතර වූ විට සහ 48(2) අනුව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෝ විසර්ජන පනත් කෙටුම්පත පරාජය වීමෙන් හෝ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් සම්මත කළ විට අමාත්‍ය මණ්ඩලය විසිරෙයි.
එසේ අමාත්‍ය මණ්ඩලය විසිරීම යනු පෙර මෙන් පාර්ලිමේන්තුව විසිරීමට හේතුවක් නොවන අතැ එවන් අවස්ථාවක ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාවේ 42, 43 සහ 45 ව්‍යවස්ථා අනුව අග්‍රාමාත්‍යවරයෙකුද, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්ද, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරයන්ද, නියෝජ්‍ය අමාත්‍යවරයන්ද පත්කල යුතුයි.
මේ මොහොතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැකි වන්නේ 2/3 බලයක් සහිත
යෝජනා සම්මතයක් හරහා පමණයි. ඒ අනුව එවන් යෝජනාවකට යන්නේ නම් ඒ සදහා එජාපය
සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය අතර එකගතාවයක් ඇතිවීම හෝ එවන් යෝජනාවක්
ගෙනෙන පක්ෂයට තුනෙන් දෙක ගොඩනැගෙන පරිදි ප්‍රතිපක්ෂය කඩාගෙන එන
මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගැනීම අනිවාර්යයි.
මහ මැතිවරණයකට හෝ වෙනත් මැතිවරණයකට පෙර ජනාධිපතිවරණයක් ලබාගැනීම සදහා කළහැකි සියලුම උප්පරවැට්ටි දමමින් සිටින එජාපය එවන් පාර්ලිමේන්තුව විසිරවීමේ එකගතාවයකට එළඹේ යැයි හිතන්න අමාරුයි. බොහෝවිට ඉඩ ඇත්තේ මුස්ලිම් මන්ත්‍රීවරු අමාත්‍ය ධුරවලින් ඉවත් වී පසුපෙළ සිටිමින් දිගමට ආණ්ඩුවට සහාය දක්වමින් ආණ්ඩු පක්ෂයේ රැදී සිටීමට.
ඒ විදියේ විසදුමකට ගියොත් පාර්ලිමේන්තුව තියා අමාත්‍ය මණ්ඩලයවත් විසිරෙන්නේ නැහැ. අනික එහෙම මුස්ලිම් පක්ෂ සහය නොමැතිව විසිරෙන තැනට ගියොත් පොහොට්ටුව ආණ්ඩුවට උපක්‍රමික සහය ලබාදී කාලසීමාව අවසන් වනතුරු ආණ්ඩුව නොවට්ටා ගෙනයන බව විමල් වීරවංශ පවසා තිබෙනවා.
ඒ ස්ථාවරයට හේතුවක් තිබෙනවා. යම් හෙයකින් ආණ්ඩුව විසිරීම නිසා පොහොට්ටුවට මේ මොහොතේ බලය ගන්න සිදුවුණොත් එය ඔවුන්ට බෙහෙවින් අවාසිදායක වෙන්න පුළුවන්. ඒ නිසා බොහොදුරට එක්කෝ පාර්ලිමේන්තුව විසිරවීමක් සදහා 2/3ක් ලබාගැනීමට එජාපය එකග කරවාගැනීම හෝ උපක්‍රමික සහය පමණක් ලබාදෙමින් අංග විකල ආණ්ඩුවට තව තවත් ඇණගනිමින් විසිරවිය හැකි දිනයක් දක්වා වැරහැළි පිටින් ඉදිරියට යාමට සැළැස්වීම පොහොට්ටුවේ උපක්‍රමය වන්නට බොහෝවිට ඉඩ තිබෙනවා.
එජාපයට තමන්ගේ මන්ත්‍රීවරුන් පොහොට්ටුවට එක්වීමත් වලක්වාගෙන, එජාපයේ කිසිවෙකු අගමැති ධුරය භාරගැනීමද ප්‍රතික්ෂේප කරමින් ඉල්ලා අස්වීමට හැකිනම් තත්වය මදක් ඊට වඩා සංකීර්ණ වෙනවා.

No comments:
Post a Comment