(2016 අප්‍රේල් 02 වැනි දින ලියන ලද පොස්ටුවකි)
ඔබ
හොලිවුඩ් චිත්‍රපට ලෝලියෙකු නම් පහත රූපරාමුව ඔබට අමුත්තක් නොවේ. එහි
සිටින්නේ ලෝක ප්‍රකට රොකී චිත්‍රපට මාලාවේ එන රොකී බැල්බෝවා සහ ඇපලෝ
ක්‍රීඩ් යන බොක්සිං ශූරයන් දෙපල ය. මේ දිනවල මාගේ ජීවන අත්දැකීම් හා
සමාන්තරවට රෝකී චිත්‍රපටමාලාවේ පළමු හා දෙවන චිත්‍රපට වල සිදුවීම් මාලාව
ගැන විග්රහයක යෙදෙන්නට මට සිත්විය.
ඇපොලෝ ක්‍රීඩ් එවකට ලෝක හෙවිවේට් බර පන්තියේ බොක්සිං ශූරයාය. ඔහු හුදෙක්
තම ප්‍රසිද්ධි උදෙසා ඉතාම පහළ මට්ටමේ බොක්සිං ක්‍රීඩකයෙකුට තමා හා තරග
වැදීමට අවස්ථාව ලබාදීමට තීරණය කරයි. ක්‍රීඩකයන් රාශියක් අතුරින් ක්‍රීඩ්
තෝරාගනු ලබන්නේ ඉටැලියන් ස්ටැලියන් (ඉතාලි අශ්වයා) හෙවත් රොකී බැල්බෝවා ය.
රොකී බැල්බෝවා නම් වූ කබ්බා මෙලොව වාසය කරන බව පවා ලෝක වාසීන් දැනගන්නේ
ඉන්පසුවය. ''කවුද මේ ඇපොලෝ ක්‍රීඩ් තරගවදින රොකී?'' යනුවෙන් සමස්ථ
ලෝකවාසී බොක්සිං ලෝලීන් සොයන්නට පටන්ගනී. බොක්සිං තරගයේදී කිසිවෙකු නොසිතූ
පරිදි ලෝක හෙවිවේට් ශූර ඇපොලෝ ක්‍රීඩ් තමග තරගය සම කරගන්නට සමත්වන රොකී
බැල්බෝවා, ඇපොලෝ හා පැවැත්වෙන දෙවන තරගයෙන් ජයගෙන ලෝක හෙවිවේට් ශූරයා බවට
පත්වන්නේ වීරයෙකු ලෙසිනි.
එවැනිම තත්වයක් අලගියවන්න මුකවෙටි තුමා සුභාෂිතයේ ගෙනහැරපායි.
බලැත්තවුන් හට බන් වෙරෙහි නොනැවත
විපත් පැමිණියත් ඉන් කිසි නිගා නැත
මහත් විදුරු ගිරි බිතකට වැද අනුත
සුනත් දළ ඇතුට ලොව අපහසෙක් නැත
රොකී බැල්බෝවා නැමති කබ්බාට ඇපොලෝ ක්‍රීඩ් සමග තරග වැදී පරාජය වුවද
නැතිවීමට අහිමි වීමට දෙයක් නොවීය. පැවතියේ උත්සාහයෙන් ජයග්‍රහණයක්
ලබාගැනීමේ අවස්ථාවක් පමණකි. ඒ කබ්බා ෆෝම් කලේ ඇපොලෝ ක්රීඩ්ය. එබැවින්
කබ්බන් ෆෝම් කිරීම යනු ඇතැම් විටක කබ්බාව උඩ තැබීමම නොව දිගින් දිගටම ඔහුට
පහර දීම, හිරිහැර කිරීම, නින්දා, අපහාස, අවමන් කිරීම මගින්ද සිදුකළ හැකිය.
ලොකු ලොක්කෙකු, පොඩ්ඩෙකුට ප්‍රසිද්ධියේ අභියෝග කරන විට පොඩ්ඩාට ඉන් ඇති වාසි:-
- පැරදුණාට නැතිවෙන්නට දෙයක් නැති බැවින් පරදින්නට බයක් නොමැති වීම.
- ලොක්කා දිගින් දිගටම පොඩ්ඩාට බැණ බැණ යද්දී පොඩ්ඩා නොදැන සිටි අය පවා
පොඩ්ඩාව දැනගැනීම නිසා නොමිළයේ ලැබෙන ප්‍රචාරණය හෙවත් පබ්ලිසිටිය.
- ස්වභාවයෙන්ම ලොක්කා හා එරෙහි අයට නිතැතින්ම පොඩ්ඩා වීරයෙකු බවට පත්වී නිතැතින්ම ඔහු කෙරේ දැවැන්ත ප්‍රතිරූපයක් ආරෝපණය වීම.
එබැවින් කබ්බෙකුට ෆෝම් වීම සදහා ඉහළ තැනකින් ලැබෙන ආධාර උපකාරයට වඩා ඉහළ
අයෙකු විසින් අභියෝග කරනු ලැබීම ඉතාම ඵලදායක වන්නේය. එවිට සමස්ථ ලෝකයා එය
දකින්නේ ''අසවලා අර තරම් කෙරුමෙකු වීලාත්, මෙවන් හීමිච්චකු තම
ප්‍රතිවාදියා ලෙස තෝරාගැනීමට, හීමිච්චා සතුව මොකක් හෝ සුවිශේෂීත්වයක්
තිබිය යුතුමය'' යනුවෙනි. එබැවින් බලපුළුවන්කාරයා හීමිච්චාට එරෙහිව ගනු ලබන
සෑම පියවරකින්ම හීමිච්චා තව තවත් ලොකු වීමේ සහ ශක්තිමත් වීමේ ප්‍රතිඵලය
පමණක් ඇතිවිය හැකිය.
ලොක්කා, හීමිච්චා සිටිනවාදැයි හෝ නොදැන
සිටින ගාණට කල් ගතකලේ නම්, හීමිච්චාට නොමිලයේ පබ්ලිසිටි නොලැබී යන්නේය.
ප්‍රෙක්ෂකයන්ට හීමිච්චා ලොක්කා හා සැසදෙන දැවැන්තයෙකු ලෙස කිසිදා
නොපෙනෙන්නේය. කොටින්ම හීමිච්චා උත්සාහයෙන් හීමිචි තත්වයෙන් මිදී යම් දිනක
ලොක්කකු ලෙස නැගී සිටින තුරු හෝ හීමිච්චකු ලෙසම සිටින්නේය.
නමුත්
දෛවය හැමවිටම මිනිසුන්ට සරදම් කරන්නේය. ඒ අනුව සිනමා ලෝකයේ රොකී බැල්බෝවා
නැමති කබ්බා ෆෝම් කලේ ඇපොලෝ ක්‍රීඩ් ය. ලංකාවේ පාතාල ලෝකයේ චින්තක
අමරසිංහ නැමති කබ්බා ෆෝම් කලේ සොත්ති උපාලි නම් වූ පාතාලයේ කිරුළු පලන්
සක්විති රජුය. මහින්ද රාජපක්ෂ නැමති කබ්බා ෆෝම් කලේ ඔහුව කපා දැමීමට කළ
හැකි සෑම දෙයක්ම කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගය. එබැවින් කබ්බන්ට
පහරදී ලොක්කන් කිරීමේ ඉතිහාසයක් මානව සංහතිය සතුය. එබැවින් තමා පාගා හෝ
ලොක්කකු කිරීම ගැන යම් කබ්බකු තමා පෑගීමට තැත්කළ ලොක්කාට යම් දවසක
ස්තූතිවන්ත නොවේනම් එය මහත් වූ අකෘතඥකමකි.
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
පාහියන් ගල්ලෙනේ සිදුකළ කැණීම් වලින් වසර 48000ක් පමණ පැරණි බව සැක කෙරෙන දුනු ඊතල වල අවශේෂ කොටස් සොයාගැනීමට පුරාවිද්‍යාඥයින් සමත් වී ඇත. මෙ...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
-
රත්න ශ් රී විජේසිංහයන් ලියපු රෝහණ වීරසිංහයන් සංගීතවත් කරපු මේ සුන්දර ගීතය පිළිබදව අර්ථකථන ගණනාවක් මම කියවලා තියෙනව. ඒවා බොහොම සුන්දර අර්...

No comments:
Post a Comment