බුදුදහමට අපහාස වන අන්දමේ කෙටි කතාවක් ලියා පළකලේ යැයි කියමින් ලේඛක ශක්තික සත්කුමාරට එරෙහිව ලැබුණු පැමිණිල්ලක් මත පොල්ගහවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඔහු සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබදව ජාත්‍යන්තර සම්මුති පනත යටතේ වරදක් කර ඇති බවට අධිකරණය ඉදිරියේ කරුණු වාර්තා කර තිබුණි. එකී පනත යටතේ කරුණු වාර්තා කර ඇති අවස්ථාවක ඇප ලබාගත හැක්කේ සුවිශේෂී කරුණු යටතේ මහාධිකරණයේදී පමණි.
මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරාම කතා බහට ලක්වූ සිදුවීමක් වූ අතර ශක්තිකට මහාධිකරණයෙන් ඇප ලැබෙන තෙක්ම ඔහුගේ නිදහස වෙනුවෙන් වූ අරගලයට විටින් විට දායක වීමට මට අවස්ථාව සැළසුණි. පහත දැක්වෙන්නේ ශක්තික සත්කුමාර නඩුව සම්බන්ධයෙන් මාගේ අත්දැකීම් පිළිබදව තබන ලද සටහන් වල එකතුවකි.
2019 අප්‍රේල් 9 වැනිදා මා තැබූ සටහන
ශක්තික සත්කුමාර විසින් රචිත අර්ධ නම් කෙටිකතාවේ යම් කොටසක් මගින් බෞද්ධාගමට බලපෑමක් විනැයි පොල්ගහවෙල පොලීසිය මගින් පොල්ගහවෙල මහේස්ත්රාත් අධිකරණයේ පවරා ඇති නඩුව අද දිනයේ කැදවන ලදී. එහිදී උදෑසන පටන්ම පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය ඉදිරිපිට ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක් ඇතුලු පිරිසක් නිහඩ විරෝධතාවයක යෙදනු දක්නට ලැබුණි. මාධ්‍යවේදීන් කිහිපදෙනෙක්ද විරෝධතාකරුවන්ගේ ඡායාරූප ගැනීමෙහි යෙදී සිටිනු දක්නට ලැබුණි.
නඩුව අධිකරණයේ කැදවූ අවස්ථාවේ පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පොල්ගහවෙල පොලීසියේ නිලධාරීන් පිරිසකුත් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ මහේෂ් හේරත්, නීතිඥ උපුල්සරා ජයසිංහ, නීතිඥ පද්මසිරි හේරත් යන මහත්වරුන් සමග නීතිඥ සරත් දසනායක මහතා පෙනී සිටින ලදී.
ශක්තික සත්කුමාර වෙනුවෙන් නීතිඥ නිහාර රන්දෙණිය, නීතිඥ අථිල අතාවුද, නීතිඥ සංජය විල්සන්, නීතිඥ සී.ඩබ්.ඩබ්. රත්නායක, නීතිඥ බුද්ධදේව ගුණරත්න, නීතිඥ තුෂාර ද සිල්වා සහ නීතිඥ එස් කොටගොඩහෙට්ටි යන මහත්වරුන් සමග ජනාධිපති නීතිඥ එස්.ටී. ජයනාග මහතා පෙනී සිටියේය.
පොල්ගහවෙල පොලීසිය විසින් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම නඩුවට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවත් මෙය දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේ සහ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබදව ජාත්‍යන්තර සම්මුති පනතේ 3 වැනි වගන්තිය යටතේ කරන ලද වරදක් වන හෙයින් ඇප ලබාදීමේ බලය මෙම අධිකරණයට නොමැති හෙයින් සැකකරු දිගටම රක්ෂණ භාරයට පත්කරන මෙන් ඉල්ලා සිටියෝය.
අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ සරත් දසනායක මහතා කරුණු දක්වමින් ප්‍රකාශනයේ සහ භාෂණයේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇතත්, ඒ සදහාද සීමාවන් පවත්නා බව සදහන් කලේය. වැඩිදුරටත් කරුණු දැක්වූ ඒ මහතා මෙම කෙටි කතාව මුහුණු පොතේ පළකිරීමට යොදාගෙන ඇති ආවරණ ඡායාරූපය අඩ නිරුවත් එකක් බවත් එය බෙහෙවින් අනුචිත බවත් මේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව අතර ඉමහත් කැළඹීමක් ඇතිවී තිබෙන බවත් එම ජනතාවගෙන් කොටසක් අද දිනයේ අධිකරණය ඉදිරිපිට විරෝධතාවයක යෙදෙන බවත් කියා සිටියේය.
සැකකරු වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ එස්.ටී. ජයනාග මහතා පළමුවෙන්ම සැකකරු කවරෙක්ද යන්න පිළිබදව අධිකරණයට හැදින්වීමක් කලේය. ඔහු සාහිත්‍යකරුවෙකු බවත් සාහිත්‍ය විචාරකයෙකු බවත් දැනට පොත් ගණනාවක් ලියා පළකල ගත්කතුවරයකු බවත් අධිකරණයේ අවදානයට යොමු කරමින් ඔහු විසින් රචනා කරන ලද පොත් ලැයිස්තුවක්ද එම පොත් වලින් 3ක පමණ පිටපත්ද අධිකරණයට ඉදිරිපත් කර සිටියේය. ඊට අමතරව සැකකරු කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකු වන බවද පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ බුද්ධ ධර්මය පිළිබදව ඩිප්ලෝමාධාරියෙකු බවද අධිකරණයේ අවදානයට යොමුකර සිටියේය.
ඉන්පසු පොලීසිය විසින් මෙම වරදට අදාළව සම්පූර්ණ කරුණු අධිකරණය වෙත වාර්තා කර නොමැති බවත් යටත් පිරිසෙයින් ප්‍රශ්නගත වී ඇති සම්පූර්ණ කෙටි කතාව හෝ අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව අවධානයට යොමුකළ ජනාධිපති නීතිඥවරයා "අර්ධ" කෙටිකතාවේ සම්පූර්ණ පිටපතක් පළමු වරට අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ එම සම්පූර්ණ කෙටිකතාව කියවා බලන කල ඉන් බුදු දහමට හෝ බෞද්ධාගමික විශ්වාසයට කිසිදු අපහාසයක් සිදුවන බවක් අනාවරණය නොවන බවයි.
ඒ අනුව මෙහිදී සිදුවී ඇති සත්‍ය සිදුවීම මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පොලීසිය විසින් කරුණු වාර්තා කර ඇති ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන දෙකේම ඇති සංඝටක තෘප්ත නොකරන බව අධිකරණයට සැළකල ජනාධිපති නීතිඥ ජයනාග මහතා මහනුවර මහාධිකරණයේදී විනිසුරු ආර්.බී. රණරාජා මැතිතුමන්ගේ අධිකරණ තීන්දුවක් කෙරෙහි අධිකරණයේ අවධානය යොමුකරමින් එම තීන්දුවේ දක්වා ඇති පරිදි පොදු ආචාරධර්ම සම්බන්ධයෙන් අධිකරණය මැදිහත් වීම අනවශ්‍ය බවත්, පුද්ගල නිදහස මිනිසෙකු සතු පූජනීයම අයිතිය බවත්, අත්අඩංගුවට පත්වීම නිසා ඔහුට එම නිදහස අහිමි වනවා මෙන්ම විමර්ශන නිලධාරීන්ට අත්අඩංගුවට පත්වන පුද්ගලයා කෙරෙහි අසීමිත බලයක් ලැබෙන බවත් එවන් අවස්ථාවක පොලීසිය මගින් ඉදිරිපත් කරන අසාධාරණ තොරතුරු වාර්තාවකට වලංගුභාවයක් ලබාදෙන හුදු රබර් මුද්‍රාවක තත්වයට අධිකරණය පත්විය යුතු නැති බවත් සැළකර සිටියේය.
ඩැනී එදිරිව සිරිනිමල් සිල්වා පොලිස්පති නඩු තීන්දුව උපුටාදක්වමින් වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා "යම් පූර්ව නිගමනයක් කරපින්නාගත් විමර්ශකයෙකුගේ නිර්දය අභිලාසයන් මුදුන් පමුණුවාලීමට මහේස්ත්‍රාත්වරයකු සැකකරුවකු බන්ධනාගාරගත නොකළ යුතු බව" අවධාරණය කළේය.
සෙබස්තියන් ප්‍රනාන්දු එදිරිව කටාන විවිධ සේවා සමුපකාර සමිතිය නඩු තීන්දුව උපුටා දක්වමින් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ජයනාග මහතා යම් අවස්ථාවක අදාළ වන නීතිය පිළිබදව ව්‍යාකූලත්වයක් පවත්නා විට සහ තොරාගැනීම් දෙකක් සිදුකළ හැකි විට දණ්ඩන නියමයක් නොපැණවිය හැකි යම් විකල්පයක් වේ නම් එය තොරාගතයුතු බවත් මෙහිදී පොලීසිය විසින්ම දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යන්තර සම්මුති පනතේ 3 වගන්තිය ආදී වශයෙන් විකල්ප දෙකක් ඉදිරිපත් කර ඇති තත්වයක් තුල එකම වරදකට චෝදනා දෙකකට වරදකරු නොකළ හැකි හෙයින් මෙහිදී ඇප දියහැකි වරදක් වන දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය තොරාගෙන ඒ අනුව ඇප නියම කිරීමට මෙම අධිකරණයට බලය ඇති බවත් සදහන් කරමින් සැකකරුගේ පූර්ව කල්ක්‍රියාව, පෙර වැරදි හෝ පවත්නා නඩු නොමැති වීම, සැකකරුට කුඩා දරුවන් දෙදෙනෙකු සිටීම යනාදී කරුණුද සළකා බලා එළඹෙන සිංහල අලුත් අවුරුදු සමයේ සැකකරුට පවුලේ සාමාජිකයන් සමග ගතකිරීමට අවස්ථාව හිමිවන පරිදි ඔහු ඇපමත මුදාහරින ලෙස ඉල්ලා සිටින ලදී.
ඉන්පසු මහේස්ත්‍රාත්තුමිය විසින් සැකකරු අප්‍රේල් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.
ශක්තික සත්කුමාර වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් බොහෝ පාර්ශවයන්ගෙන් එල්ල වූ විරෝධතා හේතුවෙන් ඒ පිළිබදව ස්ථාවරය පැහැදිලි කිරීම සදහා 2019 මැයි 22 දිනැතිව මා තබන ලද සටහන පහත පරිදි වේ:-
ශක්තික කාගෙද කියන එක ප්‍රශ්නයක්ද?
ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගැනීම සහ රක්ෂණ භාරයේ රදවා තැබීම අභියෝගයට ලක්කරමින් ගොණුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමට ශ්රේෂ්ඨාධිකරණය විසින් ඊයේ අවසර ලබාදුන් බව (leave granted) මා මිත්ර Sanjaya Wilson Jayasekera ඊයේ වාර්තා කර තිබුණි.
මේ පිළිබදව ඇතිවූ සුහද කතාබහකදී ශක්තික සිරගතකළ යුතුයැයි විශ්වාස කරන මාගේ මිතුරකු විසින් දක්වන ලද අදහස් කිහිපයක් මෙම ගැටලුවට අප මැදිහත් වීමේ පදනම පිළිබදව යම්කිසි පැහැදිලි කිරීමක් කිරීමට මා පෙළඹවීය. එමෙන්ම ඔහු විසින් එසේ යොමුකළ ප්‍රශ්න කොන්දේසි විරහිතව අපගේ මැදිහත් වීම පිළිකෙව් කරන පිරිසට අයත් නොවන එහෙත් එම මැදිහත් වීම ප්‍රශ්න කරන කුලකයේ බොහෝදෙනෙකුට පැන නැගිය හැකි ප්‍රශ්න බව පෙනී යන හෙයින් ඒ පිළිබදව සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් කළ යුතුයැයි කල්පනා කරමි.
1. ශක්තික කවුද?
සැබැවින්ම ඒ පිළිබදව මා දැන සිටියේ නැත. මෙම ගැටලුව උද්ගත වන අවස්ථාව දක්වාම එවැන්නෙක් සිටින්නේද යන්න පවා මගේ අවධානයට නම් යොමුවී තිබුණේ නැත. නමුත් ඔහු විසින් යම් අධ්‍යාපනික පසුබිමක් සහිතව පොත්පත් ගණනාවක් රචනා කළ අයෙකු බවත් ඇතැම් රචනයන් සදහා සම්මාන දිනාගෙන ඇති බවත් පසුව දැනගතිමි. මෙම ප්‍රශ්නයට මැදිහත් වූ අනෙක් පිරිසෙන් කීදෙනෙකු ගැටලුවට පෙර ශක්තික දැන සිටියාදැයි මා දන්නේ නැත.
2. අප මැදිහත් වන්නේ ශක්තික වෙනුවෙන්ද?
නැත. ශක්තික යනු ප්‍රශ්නයට විෂය වූ චරිතයේ නම මිස ප්‍රශ්නයේ නම නොවේ. මිනිසාගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අභියෝගයට ලක්වීම, කලාකරුවෙකුගේ පරිකල්පනයට සීමා පැණවීම සහ යම් අරමුණක් වෙනුවෙන් පනවා ඇති නීතියක් වෙනත් අරමුණක් සදහා භාවිත කිරීමත් මෙහිදී ඇතිවී ඇති ගැටලු වලින් ප්‍රධාන වේ. මෙම ගැටලුවට හෙට ශක්තික නොවන වෙනත් අයෙකු මැදිවුවද ඒ වෙනුවෙන් අප ඉදිරිපත් විය යුතු බව මාගේ හැගීමයි.
3. "අප" යනුවෙන් මෙහිදී සදහන් කළ කණ්ඩායමේ හැඩය කුමක්ද?
මම "අප" යනුවෙන් හැදින්වූයේ මෙම ප්‍රශ්නයේදී ඉහත කී ගැටලු වලට එරෙහිව පෙරට ආ කණ්ඩායමයි. එම කණ්ඩායමට නිශ්චිත හැඩයක් නැත. එය නීතිඥවරුන්, කළාකරුවන්, මාධ්‍යවේදීන්, චිත්රපට අධ්‍යක්ෂවරුන්, ලේඛකයන් යනාදී විවිධාකාර පුද්ගලයන්ගේ එකතුවකි. තවද ඒ ඒ එක් එක් පුද්ගලයා මෙම ප්‍රශ්නයට මැදිහත් වීමට පසුබිම් කරගන්නා කරුණු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.
4. අප කණ්ඩායම ශක්තික විසින් බුදුන්වහන්සේට අපහාස කරමින් ලියුවේ යැයි කියන රචනය අනුමත කරන්නේද?
එය මටනම් අදාළ ප්‍රශ්නයක් නොවේ. මෙහිදී පුද්ගලයෙකුගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් මැදිහත් වීම යනු එම අදහස් වලට තමන් එකග වන අවස්ථා වලදී පමණක් කළයුතු දෙයක් ලෙස මම සළකන්නේ නැත. අනෙකාගේ අදහසට මම ඉදුරා විරුද්ධ මතයක් දරන්නෙකු විය හැකිය. එහෙත් මට විරුද්ධව වුවද එම මතය දැරීමට සහ එය අදහසක් වශයෙන් ප්‍රකාශ කිරීමට ඔහුට ඇති අයිතියට මම ගරු කරමි. එම අයිතිය ඔහුට සුරක්ෂිත කොට දීමට කැපවෙමි.
5. ශක්තික සත්කුමාර එම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් මීට පෙර පෙනී සිටි අයෙක්ද?
එය මා දන්නේ නැත. ඔහු ඒ වෙනුවෙන් පෙනී සිට තිබුණද ඊට එරෙහිව පෙනීසිට තිබුණද එය අපට අදාළ කරුණක් නොවේ. අප පෙනී සිටින්නේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙනි. මෙම කාරණයට මා මැදිහත් වීම හේතුවෙන් අද මට බැණවදින කෙනෙකුගේ එම අයිතිය වෙනුවෙන් වුවද හෙට පෙනීසිටීමට කිසිදු අපහසුවක් හෝ බැරිකමක් මට නැත.
6. අද අපගේ ක්‍රියාකලාපය හරහා ශක්තිකට යම් සහයෝගයක් ලැබුණද මෙය අවසන්ව ශක්තික මෙයින් නිදහස් වූ දිනක ඔබගේ කදවුර නියෝජනය නොකළොත් කුමක් කරන්නේද?
මෙතැන කදවුරක් නැත. තමා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට වෙනුවෙන් පෙනී සිටිනවාද ඊට එරෙහි ස්ථාවරයකට යනවාද එසේත් නැතහොත් එවැනි ප්‍රශ්න වලට මැදිහත් නොවී සිටිනවාද යන කරුණු තීරණය කිරීමේ සම්පූර්ණ අයිතිය ශක්තික සතුය. ඔහු වෙනුවෙන් අප පෙනී සිටි පලියට මතු දිනක අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් පෙනී සිටීමේ බැදීමකින් ශක්තික බැදෙන්නේ නැත.
7. එසේ ශක්තිකම යම් දවසක අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් ඔබේ සටනට පිටුපෑවහොත් එය ඔබේ ලැජ්ජාවට කරුණක් නොවන්නේද?
ශක්තික පිළිබඳව එවැනි නිගමනයකට එළඹීමට තවමත් කල් වැඩිය. කෙසේ වෙතත් ශක්තික එවන් තීරණයක් ගතහොත් මටනම් එය ලැජ්ජාවට හේතුවක් නොව අභිමානයට හේතුවකි. මන්ද එවිට අපි ප්‍රතිවිරුද්ධ මතධාරියෙකුගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් පෙනීසිට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියේ සැබෑ ශ්රේෂ්ඨත්වය පෙන්වා ඇත.
8. ශක්තික මේ ප්‍රශ්නයට මැදි වුවද ඔහු පන්සල සමග සමීප සම්බන්ධතාවයක් ඇති අයෙක්. ඔහු යම් හෙයකින් තමාගේ වරද පිළිගෙන මහා සංඝරත්නයෙන් සමාව ඉල්ලා සිටියහොත් එයය ඔබේ සටන පාවාදීමක්ද?
කිසිසේත් නැත. ඒ අයුරින් හෝ මේ ප්‍රශ්නය විසදා ගැනීමට ඔහු සමත් වන්නේනම් මම ඒ පිළිබඳව බෙහෙවින් සතුටට පත්වෙමි. එවන් පියවරක් සටන පාවාදීමක් වන්නේ "ශක්තික ලියූ දෙය හරි" යන ස්ථාවරයේ පිහිටා සටනට එළඹියේනම් පමණි. මෙතැන අපගේ සටන එහි ඇති හරි වැරැද්දක් මත පදනම් වූ එකක් නොව ප්‍රකාශන අයිතිය, කලාකරුවකුගේ පරිකල්පනීය නිදහස හා නීතිය අවභාවිතයට එරෙහි වීම යන කරුණු මත පදනම් වූවකි. එබැවින් මෙම සටන බුදුදහමට, බෞද්ධ සංස්කෘතියට එරෙහි එකක් ලෙස වරදවා වටහා නොගත යුතුය. එම දහම පිළිගත්, වෙනත් දහමක් පිළිගත් මෙන්ම කිසිදු දහමක් පිළිනොගත් යනාදී වශයෙන් සියලු කාණ්ඩ නියෝජනය කරන්නන්ට මෙම සටන තුල සිටිය හැක.
2019 අගොස්තු 6 වැනිදා
ශක්තික සත්කුමාර වෙනුවෙන් නීතිඥ සී.ඩබ්.ඩබ්. රත්නායක සහ නීතිඥ බුද්ධදේව ගුණරත්න යන මහත්වරුන් සමග මම පෙනී සිටියෙමි. එදින කරුණු දැක්වීම සිදුකරන ලද්දේ මා විසිනි. එය සංක්ෂිප්තව පහත පරිදි වේ.
බෞද්ධාගමට අපහාසයක් වන අන්දමේ
කෙටිකතාවක් ලියා පළකලේයැයි කියමින් ලේඛක ශක්තික සත්කුමාරට එරෙහිව පොල්ගහවෙල
පොලීසිය විසින් ගොණුකොට ඇති නඩුව අද දිනයේද පොල්ගහවෙල මහේස්ත්‍රාත් නෙළුම්
ප්‍රියදර්ශනී මැතිනිය ඉදිරිපිට කැදවන ලදී.
පැමිණිල්ල වෙනුවෙන් පොල්ගහවෙල පොලිස්
නිලධාරීන්ද, අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ උපුල්සරා ජයසිංහ මහත්මිය
සමග නීතිඥ සරත් දසනායක මහතාද, සැකකරු වෙනුවෙන් නීතිඥ සී.ඩබ්.ඩබ්. රත්නායක,
නීතිඥ බුද්ධදේව ගුණරත්න යන මහත්වරුන් සමග නීතිඥ අථිල අතාවුද මහතාද පෙනී
සිටින ලදී.පැමිණිල්ල වෙනුවෙන් පොල්ගහවෙල පොලීසිය විසින් වැඩිදුර වාර්තාවක් ගොණුකරමින් මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ඉල්ලා ඇතත් තවමත් අවශ්‍ය උපදෙස් ලැබී නැති බවත් වාර්තා කරන ලදී.
සැකකරු වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ අථිල අතාවුද මහතා කරුණු දක්වමින් මෙම සිදුවීම නාටකීය අයුරින් මුලින් ආරම්භ වුවද එසේ ආරම්භයේ සිට මෙම අධිකරණය ඉදිරියේ පවා උද්ඝෝෂණ මෙහෙයවමින් මෙය නාට්‍යානුසාරීව බරපතළ සිදුවීමක් බවට කෘතීමව හුවාදක්වන ලද කිසිවෙකු අද වනවිට නොමැති බවත් ඔවුන්ගේ පිපාසිත දඩයමේ ගොදුර බවට පත්වූ අහිංසක සාහිත්‍යකරුවෙකු පමණක් දින 120කට වැඩි කාලයක් තිස්සේ සිරගතව සිටින බවත් මෙම සිදුවීම ඉලිප්පීමේ ව්‍යාජය එයින්ම පෙනී යන බවත් අධිකරණයේ අවධානයට යොමුකරන ලදී.
තවද මීට පෙර සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ එස්.ටී. ජයනාග මහතා සහ නීතිඥ සංජය විල්සන් මහතා ඇතුලු පූර්ව නීතිඥවරුන් විසින් සැකකරු වෙනුවෙන් දක්වන ලද සියලුම කරුණු පුනරුච්චාරණය කරන බව සදහන් කළ නීතිඥ වරයා, ඒ අනුව එකිනෙකට විකල්ප චෝදනා දෙකක් සදහන් කර ඇති මේ නඩුවේ ICCPR පනතේ 3වන වගන්තිය යටතේ චෝදනාව ඉවත් කර, දණ්ඩ නීති සංග්‍රහයේ 291 වගන්තිය යටතේ නඩුව සළකා බලමින් සැකකරුට ඇප නියම කිරීමේ අධිකරණ බලය මේ මොහොතේද මෙම අධිකරණයට ඇති බව සැළකර සිටියේය.
තවදුරටත් කරුණු දැක්වූ නීතිඥ අථිල අතාවුද සදහන් කලේ ICCPR පනතට පදනම් වන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යන්තර සම්මුතිය පැණවීමේ අරමුණ වන්නේ පීඩිතයන් ආරක්ෂා කිරීම වුවද, අද පොලිස් දෙපාර්තමේන්තුව යම් පාර්ශවයකගේ වුවමනාවට එය පීඩක උපකරණයක් ලෙස අවභාවිත කරමින් සාහිත්‍යධරයන්ගේ තටු කපනු ලැබීම කණගාටුවට කරුණක් බව පෙන්වා දුන්නේය.
වැඩිදුරටත් කරුණු දක්වමින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යන්තර සම්මුතිය සුදු කොඩියකට සමාන කළ නීතිඥවරයා, දැන් සිදුවී ඇත්තේ එම සාමයේ සංකේතයක් වන සුදු කොඩිය කැබලි වලට ඉරා එම කැබලි වලින් කඹයක් අඹරා එයින් සාහිත්‍යකරුවන් එල්ලා මැරීම වැනි ක්‍රියාවක් බවත්, එයින් ලෙරකී සුදු කොඩියේ මුඛ්‍ය අරමුණ විකෘති වන බවත්, අවභාවිත වන බවත් දූෂ්‍ය වන බවත් පෙන්වා දුන්නේය.
ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය එම පුවත වාර්තා කර තිබූ අයුරු:-
මීට පෙර දිනයේ නීතිඥ සංජය විල්සන් සදහන් කළ බෞද්ධාගමික සූත්‍ර දේශනාවක් පිළිබදව නැවතත් ගරු අධිකරණයේ අවධානයට යොමු කළ නීතිඥ අථිල අතාවුද, එකී සූත්‍රය දේශනාවේදීද අප අසා ඇති බුද්ධ චරිතයට වෙනස් වූ බුද්ධ චරිතයක් ගැන කියවෙන බවත්, එපමණක් නොව මහායාන බුදු දහම ඇතුලු බුදු දහමේ උප කොටස් ගණනාවක් තුල බුද්ධ චරිතය ලෙස හදුනාගන්නා චරිතය එකිනෙකින් සැළකිය යුතු ලෙස වෙනස් වන බවත්, මහාචාර්ය සුචරිත ගම්ලත් විසින් රචිත "බුද්ධ චරිතය" කෘතියේද බුද්ධ චරිතය පිළිබදව වෙනස් කියවීම් ගණනාවක් ඇතුලත් වන බවත් සදහන් කරමින්, එය බෞද්ධ සාහිත්‍යය මිස බෞද්ධාගම ලෙස සැළකෙන දේශිත ධර්මයෙන් පරිබාහිරවූ මුඛ පරම්පරාගත කරුණු සමුදායක් බවත්, ඒවා එකිනෙකින් වෙනස් වූ පමණින් බෞද්ධාගමට අපහාසයක් වීය යන පදනම මත ඒ එක් එක් කණ්ඩායම් ICCPR පනත යටතේ අධිකරණයට කැදවීමේ හැකියාවක් ඇත්තේද යන ප්‍රශ්නය මෙහිදී පැන නගින බවත් සදහන් කර සිටියේය.
තවද මිනීමැරුමක්, සොරකමක්, ස්ත්‍රී දූෂණයක් වැනි ක්‍රියාවකට සාපේක්ෂව සාහිත්‍ය නිර්මාණයකින් සමාජයට සිදුවන්නේයැයි සිතිය හැකි හානිය කුමක්දැයි පැහැදිලි නැති බවත්, ඒ අයුරින් සාහිත්‍යකරුවන්ගේ තටු කැපීම වර්තමාන ලෝකයේ සිදුවන්නේ රටවල් ඉතාම අතලොස්සකගේ බවත්, ඒවා අන්තවාදී රටවල් වන බවත් ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් වශයෙන් මුළු ලෝකයම බලා සිටියදී සාහිත්‍ය නිර්මාණයක් කළ පමණින් සාහිත්‍යකරුවෙකු සිරගත කිරීම රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට දැඩි ලෙස හානිදායක බවද නීතිඥවරයා පෙන්වා දුන්නේය.
ගෝලීය සාහිත්‍ය ක්ෂේත්‍රයේ උදාහරණයක් වශයෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ බ්‍රහ්මචාරී පුද්ගලයෙක්ය යනුවෙන් පවත්නා විශ්වාසයට විකල්පව උන් වහන්සේ මේරි මැග්ඩලේන් නම් කාන්තාවක සමග විවාහ වී දරුවකුද ලබා එම දරුවාගෙන් පැවතෙන පරපුර අද දක්වාම ජීවත් වන බවට දක්වමින් Dan Brown නම් ලේඛකයා විසින් රචනා කළ Da Vinci Code නම් කෘතිය දැක්විය හැකි බව පෙන්වාදුන් නීතිඥ අථිල අතාවුද, එයට එරෙහිව ආගමික අපහාසය යටතේ නඩු පවරනු වෙනුවට උසස් සාහිත්‍ය කෘතියක් වශයෙන් ලෝක සම්භාවනාවට පාත්‍ර වී ඇති බව පෙන්වා දුන්නේය.
තවද ICCPR පනත වැනි නීතියක් අවශ්‍ය වන්නේ කුමක් නිසාද යන්න පසුගිය මාස 3ක කාලසීමාවක් තුල ශ්‍රී ලංකාවේ සිදුවූ සිද්ධීන්ගෙන් මනාව පෙනී යන බවත්, මෙවන් ක්ෂුද්‍ර කරුණක් මුල්කොටගෙන අහිංසක සාහිත්‍යකරුවෙකු සිරගත කිරීම පනතේ අරමුණින් බැහැරව එය අවභාවිත කිරීමක් බව නැවතත් අවධානයට යොමුකළ නීතිඥවරයා පෙර සදහන් කළ නීතිමය කරුණු අනුව විකල්ප චෝදනාව ඉවත් කර ඇප ලබාදීමේ අධිකරණ බලය මෙම අධිකරණයට ඇති බව නැවතත් සදහන් කරමින් කරුණු දැක්වීම අවසන් කරන ලදී.
ඉන්පසු අගතියට පත් පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ නීතිඥ සරත් දසනායක මහතා, විත්තිය විසින් දිගින් දිගටම මෙම කරුණුම දක්වමින් ඇප ඉල්ලා සිටියද, ICCPR පනත යටතේ චෝදනා ඇති නඩුවකට ඇප දීමේ බලය මෙම අධිකරණයට නොමැති බව සදහන් කලේය.
පැමිණිලි පක්ෂය වෙනුවෙන් නැවතත් අධිකරණය ඇමතූ පොලිස් නිලධාරීවරයා ප්‍රකාශනයේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇත්තේ සීමාවන්ට යටත්ව බව සදහන් කලේය.
එයට පිළිතුරු දුන් නීතිඥ අථිල අතාවුද මහතා සදහන් කළේ සාහිත්‍යකරුවකුට පවත්නා සීමාවන් පිළිබදව සාහිත්‍ය ක්ෂේත්‍රයේ වර්තමාන ප්‍රායෝගික නිම්වළළු සළකා බලා තීරණය කළ යුතු බවයි.
කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත් තුමිය මෙම නඩුව 2019 අගෝස්තු 06 වැනිදා නීතිපති උපදෙස් සදහා කැදවීමටත්, ඒ දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටත් නියෝග කළාය.
නඩුවට පසු,
ලේඛක ශක්තික සත්කුමාරගේ බිරිඳ සහ ඇයගේ ඥාතිවරියක සමග නඩුවට පෙනී සිටි නීතිඥ සී.ඩබ්.ඩබ්. රත්නායක මහතා සහ මම අධිකරණ භූමියෙන් පිටතට පැමිණියෙමු. මෙම සිද්ධිය වාර්තා කිරීම සදහා "දෙරණ" කැමරා ශිල්පියෙකු සහ ඔහුගේ සහයකයා අධිකරණයෙන් පිටත රැදී සිටියහ.
අද දින නඩුවේ දක්වන ලද කරුණු පිළිබදව සහ මේ අවස්ථාවේ පවත්නා තත්වය පිළිබදව කෙටි voice cut එකක් මා විසින්ද, වාරියපොල පොලීසිය විසින් පොලිස් සහතික නිකුත් කිරීම සදහා භික්ෂුන් වහන්සේ නමක විසින් නිකුත් කළ චරිත සහතිකයක් ඇතුලුව චරිත සහතික පහක් ඉල්ලා සිටීම පිළිබදව යනුෂා ලක්මාලි විසින් තවත් voice cut එකක්ද ලබාදෙන ලදී.
නිල වශයෙන් voice cut ලබාගැනීමෙන් පසු අප එම ස්ථානයෙන් පිටත් වීමට යන විටදී (කැමරාව අප වෙත එල්ල වී තිබියදීම) පෙරකී voice cut සදහා මයික්‍රපෝනය අල්ලා සිටි පුද්ගලයා යනූෂා ලක්මාලිට ලංකාදීප පුවත්පතේ පළවූ වාර්තාවක් පෙන්වා සිටිමින් "මේ කරල තියන වැඩේට ඔහේලට හෙණ ගහනවා" යනුවෙන් ප්‍රකාශ කර සිටියේය. තවමත් අප දෙසටම එල්ල වී තිබූ කැමරාව දුටු අපි "මේක අධිකරණයෙන් තීන්දු කළයුතු දෙයක්" යනුවෙන් පමණක් පවසා එම ස්ථානයෙන් පිටවී ආවෙමු.
දෙරණේ මාධ්‍ය භාවිතය පිළිබදව ජීවන අත්දැකීම් අපහට උගන්වන ආකාරයට ඔවුන් එම ස්ථානයට තම වාර්තාකරුවන් එවා ඇත්තේම අපට එරෙහි යම් වාර්තාකරණයක් සදහා බව ඉතා පැහැදිලි වේ. ඒ අනුව ඔවුන් බලාපොරොත්තු වූ ආකාරයේ උණුසුම් තත්වයක් උද්ගත නොවීම සහ ශක්තික අද දිනයේ මුදා නොහැරීම හේතුවෙන් ඔවුන් විසින්ම සිදුවීමක් ඇතිකොට එය වාර්තා කිරීමට මෙහිදී උත්සාහ දරණ ලද බව ඉතාමත් පැහැදිලිය.
යම් හෙයකින් පෙරකී මයික්‍රපෝනය ඇල්ලූ පුද්ගලයාගේ චෝදනාවට අප විසින් යම් උද්වේගකර ප්‍රතිචාරයක් දක්වන ලද්දේ නම් හෝ එයට එරෙහිව ඔහුට කරුණු කීමට ගියේ නම් එය වීඩියෝගත කරගෙන අදාළ පුවතේ ප්‍රධාන හරයට වඩා එම සිදුවීම උළුප්පමින් වාර්තා කිරීම සිදුවීමට බොහෝදුරට ඉඩ තිබුණි.
මාධ්‍ය වල වගකීම වන්නේ සිදුවන දේ ඇති සැටියෙන් වාර්තා කිරීමය. නමුත් යම් පුවතක ඔවුන් නියෝජනය කරන සමාජ දේශපාලන ධාරාව විසින් අපේක්ෂා කරන කුණු රසය නැති කළ තම හෙංචයියකු හෝ යොදවා සිදුවීම කැලැත්තීම මගින් පුවත් නිර්මාණය කර වාර්තා කිරීම නූතන වැඩවසම් මාධ්‍ය කලාව තුල කිසිසේත්ම පුදුමයට කරුණක් නොවේ.
2019 අගෝස්තු 8
ලේඛක ශක්තික සත්කුමාරගේ බිරිඳ සහ ඇයගේ ඥාතිවරියක සමග නඩුවට පෙනී සිටි නීතිඥ සී.ඩබ්.ඩබ්. රත්නායක මහතා සහ මම අධිකරණ භූමියෙන් පිටතට පැමිණියෙමු. මෙම සිද්ධිය වාර්තා කිරීම සදහා "දෙරණ" කැමරා ශිල්පියෙකු සහ ඔහුගේ සහයකයා අධිකරණයෙන් පිටත රැදී සිටියහ.
අද දින නඩුවේ දක්වන ලද කරුණු පිළිබදව සහ මේ අවස්ථාවේ පවත්නා තත්වය පිළිබදව කෙටි voice cut එකක් මා විසින්ද, වාරියපොල පොලීසිය විසින් පොලිස් සහතික නිකුත් කිරීම සදහා භික්ෂුන් වහන්සේ නමක විසින් නිකුත් කළ චරිත සහතිකයක් ඇතුලුව චරිත සහතික පහක් ඉල්ලා සිටීම පිළිබදව යනුෂා ලක්මාලි විසින් තවත් voice cut එකක්ද ලබාදෙන ලදී.
නිල වශයෙන් voice cut ලබාගැනීමෙන් පසු අප එම ස්ථානයෙන් පිටත් වීමට යන විටදී (කැමරාව අප වෙත එල්ල වී තිබියදීම) පෙරකී voice cut සදහා මයික්‍රපෝනය අල්ලා සිටි පුද්ගලයා යනූෂා ලක්මාලිට ලංකාදීප පුවත්පතේ පළවූ වාර්තාවක් පෙන්වා සිටිමින් "මේ කරල තියන වැඩේට ඔහේලට හෙණ ගහනවා" යනුවෙන් ප්‍රකාශ කර සිටියේය. තවමත් අප දෙසටම එල්ල වී තිබූ කැමරාව දුටු අපි "මේක අධිකරණයෙන් තීන්දු කළයුතු දෙයක්" යනුවෙන් පමණක් පවසා එම ස්ථානයෙන් පිටවී ආවෙමු.
දෙරණේ මාධ්‍ය භාවිතය පිළිබදව ජීවන අත්දැකීම් අපහට උගන්වන ආකාරයට ඔවුන් එම ස්ථානයට තම වාර්තාකරුවන් එවා ඇත්තේම අපට එරෙහි යම් වාර්තාකරණයක් සදහා බව ඉතා පැහැදිලි වේ. ඒ අනුව ඔවුන් බලාපොරොත්තු වූ ආකාරයේ උණුසුම් තත්වයක් උද්ගත නොවීම සහ ශක්තික අද දිනයේ මුදා නොහැරීම හේතුවෙන් ඔවුන් විසින්ම සිදුවීමක් ඇතිකොට එය වාර්තා කිරීමට මෙහිදී උත්සාහ දරණ ලද බව ඉතාමත් පැහැදිලිය.
යම් හෙයකින් පෙරකී මයික්‍රපෝනය ඇල්ලූ පුද්ගලයාගේ චෝදනාවට අප විසින් යම් උද්වේගකර ප්‍රතිචාරයක් දක්වන ලද්දේ නම් හෝ එයට එරෙහිව ඔහුට කරුණු කීමට ගියේ නම් එය වීඩියෝගත කරගෙන අදාළ පුවතේ ප්‍රධාන හරයට වඩා එම සිදුවීම උළුප්පමින් වාර්තා කිරීම සිදුවීමට බොහෝදුරට ඉඩ තිබුණි.
මාධ්‍ය වල වගකීම වන්නේ සිදුවන දේ ඇති සැටියෙන් වාර්තා කිරීමය. නමුත් යම් පුවතක ඔවුන් නියෝජනය කරන සමාජ දේශපාලන ධාරාව විසින් අපේක්ෂා කරන කුණු රසය නැති කළ තම හෙංචයියකු හෝ යොදවා සිදුවීම කැලැත්තීම මගින් පුවත් නිර්මාණය කර වාර්තා කිරීම නූතන වැඩවසම් මාධ්‍ය කලාව තුල කිසිසේත්ම පුදුමයට කරුණක් නොවේ.
2019 අගෝස්තු 8
මෙම දිනයේ කුරුණෑගල මහාධිකරණ විනිසුරුතුමිය විසින් ශක්තික සත්කුමාර ඇප මත මුදාහැරීමට නියෝග කරන ලදී. වෙනත් නඩුවක් සදහා දුර බැහැර ප්‍රදේශයකට යාමට සිදුවීමෙන් එදින මා හට නඩුවට පෙනී සිටීමට අවකාශය සැළසුණේ නැත. එදින මා විසින් තබන ලද සටහන මෙසේය:-
කුරුණෑගල
මහාධිකරණය විසින් නියම කල ඇප කොන්දේසි පොල්ගහවෙල මහේස්ත්රාත් අධිකරණයේ
කියවා දී සම්පූර්ණ කිරීමෙන් පසු මුල් අත්අඩංගුවට පත්වූ දිනයෙන් මාස පහකට
පමණ පසුව අද ලේඛක ශක්තික සත්කුමාර ඇප මත මුදාහැරුණා.
සතුටුයි!
අහම්බෙන් වුණත් එතන ඒ මාස පහ තිස්සේ අපූරු සුන්දර මිනිසුන්ගෙ එකතුවක් හැදුණා. කිසිම පූර්ව සූදානමක් නැතුවම.
පසුගිය මාස පහ පුරාම සහභාගි වූ හැමෝම දාන්න පහක්!
මේක දිහා වෛරයෙන් බලන අය ඇති. ඒ අයට මෛත‍්‍රිය හැරෙන්නට දෙන්න උත්තරයක් මා ළග නැහැ.
සතුටුයි!
අහම්බෙන් වුණත් එතන ඒ මාස පහ තිස්සේ අපූරු සුන්දර මිනිසුන්ගෙ එකතුවක් හැදුණා. කිසිම පූර්ව සූදානමක් නැතුවම.
පසුගිය මාස පහ පුරාම සහභාගි වූ හැමෝම දාන්න පහක්!
මේක දිහා වෛරයෙන් බලන අය ඇති. ඒ අයට මෛත‍්‍රිය හැරෙන්නට දෙන්න උත්තරයක් මා ළග නැහැ.
No comments:
Post a Comment