Monday, April 13, 2020

සුනාමි මතකය




2004 කියන්නෙ අපි සාමාන්‍යපෙළ කරපු අවුරුද්ද. සාමාන්‍යපෙළ විභාගය ඉවර වුණේ 23 වැනිදා. අපි තවත් කණ්ඩායමක් එක්ක 25 වැනිදා ත‍්‍රිකුණාමලයේ යන්න සූදානම් වෙලා හිටියෙ. නමුත් අපි යන්න හිටපු වාහනේ ඇතිවුණ ගැටළුවක් නිසා පිටත් වීම 25 ඉදන් 28 වෙනිදට කල් දැම්මා. 

26 වෙනිදා උදේ 9ට විතර අපි දැනගත්තෙ සුනාමි ඇවිත් කියල. ඒක හරියට හාස්කමක් වගේ. අපි ඒ ගමන ගියා නම් සුනාමි ආපු ඒ වෙලාවෙ අනිවාර්යයෙන්ම ඉන්නෙ වෙරළෙ.

ඒ දවස් වල අපිට දුරකථන පහසුකම් තිබුණෙ නෑ. අපේ ගෙවල් පැත්තට සිග්නල් නැති නිසා ජංගම දුරකථන තිබුණෙත් නෑ. ඒ නිසා අපි ත‍්‍රිකුණාමලයේ යනවා කියලා දැනගෙන හිටපු අයට, අපි ගියෙ නැති බව දැනුම් දෙන්න ක‍්‍රමයක් තිබ්බෙත් නෑ. එහෙම දැනුම් දෙන්න ඔන කියල අපිට මතක් වුණෙත් නෑ. කොහොමහරි අපේ ඥාති සමූහයා කළබල වෙලා තිබ්බ. ත‍්‍රිකුණාමලය ආසන්නයෙ තියෙන සුනාමි කදවුරු වල, රෝහල් වල, මෝචරිවල පවා අපිව හොයල තිබ්බ. නමුත් අවසානයේ අපේ ගමේ කෙනෙකුට කෝල් කරල අහනකොට කියල තිබුණෙ ''ගියාද නැද්ද නම් දන්නෙ නෑ.
කොහොම වුණත් දැන්නම් 4 දෙනාම ගෙදර ඉන්නව'' කියල. එතකොට තමයි අපේ කිරි අම්මලගෙ පුංචි අම්මලගෙ ඇගවල් වලට ලේ ටිකක් උණල තියෙන්නෙ.

ඒ බියකරු දවසෙ ජීවිත අහිමි වුණ ශ‍්‍රී ලංකාවාසීව සිටි සියළු දෙනාටත් (සියළු දෙනාට කියලා ටිකක් විශේෂයෙන් කිව්වෙ කිහිපදෙනෙක්, සමහරු අතහැරල ''අහවල්ලු හැර'' කිය කිය නිවන් සුව පතනවා ශෝකය පල කරනවා දැක්ක නිසා) එදවස සුනාමි උවදුරට ලක්වූ අපේ අසල්වාසී රටවල්වල සියල්ලන්ටත් නිවන් සුව පතනවා.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...