"මන්නාරම් පිටි වැල්ලේ
මදටිය වැල් ඔන්චිල්ලේ
කොණ්ඩෙ කඩන් හඳට අඬන්
සිංදු කියන්නේ
කුණ්ඩුමණී"
ශුෂ්ක මන්නාරමේ හුළඟට ගහගෙන ඇවිත් දාඩියත් එක්ක හමේ තැන්පත් වෙලා හම කපාගෙන සූරාගෙන යන පිටි වැල්ල එක ජීවත් වෙන කුණඩුමණී ගැන කියන්නෙ බොහෝවිට ඇගේ අතගන්න එන කෙනා දිහා බලාගෙන ඉන්න ඇයට රහසේ ආදරය කරන කෙනෙක් වගේ. මනාලයා ඇවිත් කැන්දාගෙන යනතුරු රාත්‍රියට ඇගේ පාළුව ඔහු දකිනවා. හඳට අඬනව කියන්නෙ සාමාන්‍යයෙන් උලලේනා වගේ තනිකමේ සංකේතයක් වෙච්ච සත්තු. කොණ්ඩෙ කඩාගෙන ඇය සඳ දිහා බලන් තනිකමේ හූල්ලපු කෙනෙක්.
"නැහැයෙ කරාබුව දෙකණේ
කඩුක්කං දමා සියොළඟ
මොට්ටැක්කිළියෙන් හැඩකොට
වසා ඉඟ නමා
උළුඳු කොටා තල වේලා
තල් පත් මත ගිණි අව්වේ ලා
කුණ්ඩුමණී"
කුණ්ඩුමණී පොහොසත් පවුලක නෙමෙයි වගේ. ඇය සාම්ප්‍රදායික ද්‍රවිඩ නිවසක ඉන්න තරුණියකගෙ එදිනෙදා ජීවන රටාව ගෙවන කෙනෙක්. සාම්ප්‍රදායික ලංකා දෙමළ පවුලක කෘෂිකාර්මික හුරු පුරුද්ද රචකයා ඇය තුලින් නිරූපණය කරනව. ඒ වගේම ජාති භේදයක් නැතුව ශ්‍රී ලාංකීය පවුලක තරුණියකගෙ භූමිකාව පෙන්නන්නත් කුණ්ඩුමණී යොදාගන්නව.
"සෙම්බු තාලි උකුලෙ හොවා
ආඬි ළිඳෙන් දිය ඇදලා
ලූණු පාත්තියට දමා විඩාපත් වෙලා
හැන්දෑවට කෝවිල් ගොස් පොල් ගහලා නළලේ අළු ගා
කුණ්ඩුමණී"
දවස පුරාම කාස්ටක අව්වෙ වෙහෙස වෙලා වතුර ඇදලා ලූණු පාත්තියට වත්කරන ධෛර්යයවන්ත ද්‍රවිඩ කාන්තාවන් මන්නාරම කිලිනොච්චිය යාපනය මුලතිව් වගේ ලංකා දෙමළ ජනයා වාසය කරන පැතිවල අදටත් දකින්න පුළුවන්. ඒ සියල්ල සමඟ ඇගේ ආගමික පසුබිමත් මෙතනදි යම් මට්ටමකට කතා කරනව.
"ගොම ඉහළා හැදූ ගෙබිම
පිච්ච මලින් සරසාලා
කෙසෙල් ගස් දෙකක් දොරකඩ
සිටුවා තබලා
කුම්බු ඝටම් මෘදංග නද
මුළු ගමටම හඬවා දීලා
කුණ්ඩුමණී"
දුප්පත් පැල්පත සතුටින් පිරී යන දවස ගැන ඊළඟට කියන්නෙ. එහෙම සරසන්නෙ කුණ්ඩුමණීගෙ මංගල්‍යය සඳහා. දරිද්‍රතාවය මැඩගෙන තමන්ට හැකි උපරිමයෙන් විවාහ මංගල්‍යයක අසිරිය ඔප්නංවන්න කැන උත්සාහය.
"සණ්ඩු කරල බැණුම් අහල
හැංගි හැංගි බැන්ද ප්‍රේමෙ
මහරාජා ආ කල ගෙට
තිරික්කලෙන් බැසලා
කුණ්ඩුමණී යන පෙරහර
බලා හිඳිමි කීකරු වීලා
කුණ්ඩුමණී"
බාධා මැද ඉදිරියට ගිය ඔවුන්ගෙ ආදර කතාව කූට ප්‍රාප්තිය ලබන්න ළඟයි. ඇයව කැන්දන් යන්න එන මනාලයාට දැනෙන්නෙ තමන් රජෙක් වගේ. ඒත් හිතින් රජෙක් වගේ දැනුණට බැහැලා එන්නෙ තිරික්කලෙන් වීමත් එක්ක ඔහුගෙත් දරිද්‍රතාවය අසරණකම පේනව.
තමන්ගෙ හිතේ තියන වියෝ වේදනාව කොහොම වුණත් කුණ්ඩුමණී යන දිහා හිත දමනය කරගෙන මේ කථකයා බලාගෙන ඉන්නව.
බොහෝවිට ඒ කථකයා ද්‍රවිඩ ප්‍රදේශයක වාසය කරන සිංහලයෙක් බව පේනව. ඒ හින්දයි ඔහුට කුණ්ඩුමණීගෙ සංස්කෘතියට ආවේණික ගති ලක්ෂණ ඉතාම සීරුවට පෙනෙන්නෙ. ඒ හැම දෙයක්ම ඔහු දකිනව. ඔහු ඒවට හිතින් බැඳෙනව. ඒ වුණත් කුණ්ඩුමණීව සැබෑ ලෝකේදි හිමිකරගෙන දරිද්‍රතාවයෙන් පිරුණු ඒ ලෝකෙම තවත් තැනකට ඇයව කැඳවාගෙන යන මනාලයා එක්ක ඇය යන හැටි උපේක්ෂාවෙන් බලා ඉන්න සමත් ඔහු ශ්‍රේෂ්ඨ පෙම්වතෙක්.
ෆ්රෙඩී සිල්වා හාස්‍යෝත්පාදක නළුවෙක් ගායකයෙක් තමයි. ඒත් වෙන කාටවත් කිට්ටු කරන්න බැරි මේ වගේ කතා කරන ගීත ඔහු ගයල තියනව.
මේ සිංදුව ගැන ලියපන්කො මල්ලි කිව්වෙ Ajith Edirisinghe අයියා. ඔන්න අයියෙ ලිව්වා.

No comments:
Post a Comment