ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වන්නේ සැබෑ වෙනසක් පිළිබඳව ඔහුට
ඡන්දය දුන් සහ නොදුන් සියළු දෙනා තුලම බලාපොරොත්තු දල්වමිනි. විශේෂයෙන්ම
ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් මතවාදී අරගලයක යෙදුණු උගත් බුද්ධිමත් තරුණ
ප්‍රජාව දිගින් දිගටම අවධාරණය කරන ලද්දේ ගෝඨාභය නිසැකවම රට නව මාවතකට ගෙනයන
බවය.
ඒ අනුව ඔවුන්ගේ ප්‍රධාන සටන් පාඨය වූයේ "පළමුව ගෝඨා ජනාධිපති
කරමු. දෙවනුව උගතුන් බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යවමු" යන්නයි. එය බැලු
බැල්මටම ඉතා ආකර්ශනීය වූ සටන් පාඨයක් විය. වෘත්තීය දේශපාලකයන්ගේ ඩීල්
දේශපාලනය තිත්ත වී සිටි මධ්‍යස්ථ බොහෝ දෙනා ගෝඨාභය කෙරෙහි විශ්වාසය තබා
ඔහුට ඡන්දය දුන්නා පමණක් නොව ඔහුට ඡන්දය දෙන ලෙසට සැළකියයුතු පිරිසක්
පෙළඹවීමද සිදු කළහ. ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය සඳහා සැබෑ තීරණාත්මක ඡන්ද
ප්‍රමාණය සැබැවින්ම සපයා දෙන ලද්දේ ඔහුගේ නව දැක්ම පිළිබඳව විශ්වාසයක්
ඇතිකරගත් උගතුන් හා බුද්ධිමතුන් මිස 2015 පටන් මහින්ද සමඟ නොසෙල්වී සිටි,
බන්දුල ගුණවර්ධන කියන ආකාරයට මහින්ද පොල්ලෙල්ලක් දැමුවත් ඡන්දය දෙන අඳ,
ගොළු, බිහිරි පිරිස නොවේ.
ගෝඨාභය ඉදිරිපත් කළ නව වැඩිපිළිවෙල කියූ
ලෙසටම සිදු නොවන බව පසක් වන පළමු අවස්ථාව ඔහු බලයට පත්වීමෙන් පසුව කැබිනට්
මණ්ඩලය පත්කළ අවස්ථාවයි. එහිදී සැබෑ ලෙස ක්‍රියාත්මක වන්නේ මහින්ද රාජපක්ෂ
සාධකය බවටත් ගෝඨාභයට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එයට අනුගත වීමට සිදුවන බවටත්
සැකයක් ජනිත විය. නමුත් ගෝඨාභයට සහාය දුන් උගත් බුද්ධිමත් තරුණ පරපුර කියා
සිටියේ ඔවුන්ගේ වචන වලින්ම කිවහොත් "ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න මොකද වෙන්නෙ
කියලා" යනුවෙනි.
ගෝඨාභය බලයට පත්වී දින සියයක් අවසානයේ තමා එම දින
සියය සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බවත් 19 වැනි සංශෝධනය තමන්ට ඍජු බාධාවක්
බවත් එය අහෝසි කරගතයුතු බවත් ඔහුම ප්‍රකාශ කරන ලදී.
19 වැනි
සංශෝධනය අහෝසි වන්නේ නම් ඉන්පසු නැවතත් බිහිවන්නේ 18 වැනි සංශෝධනයෙන්
අධිප්‍රමාණය කරන ලද බලතල ඇති සුපිරි විධායක ජනාධිපතිවරයාය. නමුත් 19 අහෝසි
කරගැනීමට නම් පාර්ලිමේන්තුවේ 2/3 බලයක් අවශ්‍ය වන්නේය. ගෝඨාභය ජනාධිපති වූ
අලුත එය එතරම් අපහසු ඉලක්කයක් මෙන් නොපෙනුණි. නමුත් අද තත්වය ඊට වෙනස් වී
තිබේ. වෙනස් වී තිබෙනවාටත් වඩා වෙනස් කර තිබේ. ඒ වෙනස ඉබේ සිදුවූවාට වඩා,
දුරදක්නා නුවණින් යුතුව මහින්ද රාජපක්ෂ විසින් සිතාමතා සිදුකළ එකක් බව
සිතිය හැකිය.
පාර්ලිමේන්තුවේ 2/3 ලබාගතහොත් 19 වැනි සංශෝධනය අහෝසි
කළ හැකිය. එවිට මහින්ද රාජපක්ෂට සිදුවන්නේ රත්නසිරි වික්‍රමනායක, දි.මු.
ජයරත්න වැනි අය දැරූ නාමික අගමැති ධුරය දැරීමටය. ඒ අනුව එතැන් සිට මහින්ද
රාජපක්ෂ යුගයේ යුගාන්තය ස්ථිර ලෙස සනිටුහන් වන අතර ආරම්භ වන්නේ ගෝඨාභය
රාජපක්ෂ යුගයයි. මෙය මහින්ද රාජපක්ෂගේ මෙන්ම ඔහු වටා සිටින පැරණි පිරිවරේ
නොසතුටට හේතුවන බව ඉතා පැහැදිලිය.
සෑම නාම යෝජනා ලැයිස්තුවකටම
දිස්ත්‍රික්කයකින් ගෝඨාභයගේ ආශිර්වාදය යටතේ උගතුන් බුද්ධිමතුන් තිදෙනා
බැගින් ඇතුලත් කළහොත් 2004 මහ මැතිවරණයේදී ජ.වි.පෙ අපේක්ෂකයන් මනාප
ලැයිස්තු වල ඉහළට පැමිණියාක් මෙන් ගෝඨාභයගේ මිනිසුන් ඉහළට පැමිණීම
නොවැලැක්විය හැකිය. එසේ සමස්ථ දිවයිනෙන්ම අවම වශයෙන් ගෝඨාභයගේ උගත්
බුද්ධිමත් වියත් අළුත් මුහුණු හැටක් පාර්ලිමේන්තුවට පැමිණියේ නම් ශ්‍රී
ලංකාවේ දේශපාලන සංස්කෘතිය එනයින්ම වෙනස් වනු ඇත. පොහොට්ටු පාර්ලිමේන්තු
කණ්ඩායමේ වැඩිබලය ගෝඨාභයගේ අලුත් කණ්ඩායම අත්පත් කරගනු ඇත. ඔවුන් සියයට
සියයක්ම නොවුණත් වංචාවට දූෂණයට කොමිස් වලට විරුද්ධ වනවා ඇත. මහින්දගේ
ගෝලබාලයන් වැඩිදෙනෙකු දේශපාලනය ව්‍යපාරික මට්ටමින් සිදුකරන අයයි. මේ නව
ප්‍රවණතාවය ඔවුන්ගේ පරිභෝජනවාදී ගජමිතුරන් සනසන දේශපාලන සංස්කෘතිය අතුගා
දමනවා ඇත.
අනෙක් පැත්තෙන් මහින්ද යුගය නිමාවී ගෝඨාභය යුගය වැඩ කරන
යුගයක් බවට පත්වූ කල තවත් පුද්ගලයෙකුගේ සිහිනය එක්කෝ බොඳවේ නැත්නම් කල්
දැමීමට සිදුවේ. ඒ නාමල් රාජපක්ෂගේ රාජ්‍ය නායක සිහිනයයි. එය පැහැදිලිවම
රාජපක්ෂ පවුලේ ඉහළ තීරකතුමියගේ දැඩි නොසතුටට හේතුවකි. එපමණක් නොව බබා, බේබි
කියමින් නාමල් හිසමත තබාගෙන නටමින් සිටින බොහෝ දෙනෙකුගේ සිහින ඒ හරහා
බොඳවේ.
ඒ අනුව එළඹෙන මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ලබා
ගැනීම කිසි සේත් මහින්දගේ ඉලක්කය නොවේ. ඔහුට සියලු බලතල සහිත අගමැතිවරයා
ලෙස කටයුතු කිරීමට යම් ස්ථාවර සරළ බහුතරයක් ඕනෑවටත් වඩා ප්‍රමාණවත්ය.
ඒ අනුව ගත්කල ගෝඨාභය ජනාධිපති කිරීමේ හොද්ද රසගැන්වීමට යොදාගත් වියත්මග
ඇතුළු උගත් බුද්ධිමත් කරපිංචා නාමයෝජනා ලැයිස්තු වලින් ඉවතට විසිවීම
අහම්බෙන් සිදුවූවක් හෝ වෙන කරන්නට දෙයක් නැති නිසා සිදුවූවක් හෝ නොවේ. එය
සිතාමතාම මේ පවත්නා ජරාජීර්ණ දේශපාලන සංස්කෘතිය ඉදිරියට ගෙන යාමේ අරමුණින්
සිදු කළ දෙයකි.
(මතවාදී කර්තෘභාගය Indunil Bandara Wijayasundaraටත් හිමිවේ)
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Monday, April 13, 2020
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment