ජීවිතේ ගතවෙන හැම තත්පරයක්ම මැරිලා වගේ ඔහේ ඉන්නෙ නැතුව ජීවයෙන් පිරිලා ජීවත් වෙන්න පුළුවන් වීම කොයිතරම් ලොකු භාග්‍යයක්ද. සමහරු ඉන්නවා අසහනයෙන් යුතුව ඉන්න හේතු හොයාගන්න පුදුමාකාර දක්ෂතාවයක් තියෙන අය. ඒ අය අසහනය තමන්ට උරාගෙන තමන් ඉක්මනට වයසට යනවා විතරක් නෙවෙයි තමන් වටා ඉන්න අයටත් ඒ අසහනය බෝ කරනවා.
ප‍්‍රශ්න ගැටලු හොයාගෙන ගිහින් ඒක මැද්දට පනින එක නෙවෙයි ජීවිතය. කාටද ප‍්‍රශ්න නැත්තෙ? වැදගත් වෙන්නෙ ප‍්‍රශ්න කොයි තරම් තිබුණත් සැහැල්ලුවෙන් හිනා වෙලා ජීවිතය ගෙනියන්න තියෙන හැකියාව. ඇත්තටම ඒක හැකියාවක්, දක්ෂතාවයක්, නිපුණතාවයක්. එහෙම නොහැකි අය ඇත්තටම අනුකම්පාකටයුතු පිරිසක්.
දවසේ වැඩ ඉවර වෙලා අපි මුහුදු වෙරළට යනවා. නමුත් ඔබ ඔබේ ඇදුම තෙමෙයි කියල
රැුල්ල පාගන්න යන්නෙ නෑ. සමහරවිට ඒ ඔබේ ජීවිතේටම ඔබට රැුල්ල පාගන්න ලැබෙන
අවසාන අවස්ථාව වෙන්න පුළුවන්. ඔබ ආපහු යනකොට වාහනයක් ඔබව යටකරගෙන ගිහින්
ඔබේ දෙපා අදම ඔබට අහිමි වුණොත් ආය ජීවිතේට ඒ සන්තෝශය ලබන්න බැරි වෙනවා.
ජීවිතය කියන්නෙ අන්න ඒ වගේ අවිනිශ්චිත දෙයක්. නමුත් ඔබ ඔබේ ඇදුම නොතෙමා
තබා ගැනීම ඊට වඩා වැදගත් ලෙස සළකනවා. ඇත්ත. ඇදුම තෙමුණාම කරදරයි. නමුත් ඔබට
ලැබෙන අන්තිම වෙලාවෙ ඔබ ඒ සතුට මගඇරගන්න එක ඊට වඩා අපරාදෙ නේද?
ඔබ මහන්සිවෙලා වැඩ ඇරිල ගෙදර යනවා. ඉස්සරහට දුවගෙන එන්නෙ ඔබේ සුරතල් බලු පැටියා. ඔබ ඌගෙ ඔලුවට තට්ටුවක් දාල ගේ ඇතුලට යනව. ඌගෙ බලාපොරොත්තුව ඔයා ඌව වඩාගනී හුරතල් කරයි හුරතල් නම් වලින් කතා කරයි කියල. නමුත් ඔයා ඇදුමෙ කුණු ගෑවෙයි කියල එහෙම කරන්නෙ නෑ. බලු පැටියා හෙටත් එනව. හෙටත් ඔයා තට්ටුවක් දාල නිකං ඉන්නව. මේ විදියට බලු පැටියා ටික ටික ලොකු වෙලා මැරිල යනකල්ම දවසින් දවස බලාපොරොත්තු කඩ වුණත් ඒ විදියටම වැඩ ඇරිල මහන්සියෙන් එන ඔයාව ආදරෙන් පිලිගන්නව. ඌ මැරුණට පස්සෙ ඔයාට දැනෙනව මං කාලෙකින් ඌව බදාගත්තෙ වඩා ගත්තෙ නෑ නේද කියල. එතකොට පරක්කු වැඩියි. ඒ දැනෙන වේදනාව මහ දැවැන්ත එකක්. ඇයි ඒ කොහොමත් හෝදන ඇදුමක් හින්ද ඒ විදියෙ විශාල පසුතැවිල්ලක් පසුවට තියාගන්නෙ?
ගොඩක් අය ගමනක් ට‍්‍රිප් එකක් ගියාම සිංදුවක් කියන්න අදිමදි කරනව. එකක් ලැජ්ජාව අනික තමන්ට සින්දු කියන්න බෑ කියල හිතන එක. ට‍්‍රිප් ගියාම සින්දු කියන්නෙ පුළුවන් අය විතරක් කියල කොහෙද ලියල තියෙන්නෙ. බැරුව බැරුව කියපු සින්දු තමයි ගොඩක් සුන්දර මතකයන් ඉතිරි කරන්නෙ. තවත් සමහරු වැවක පොකුණක ඇළක දොලක ගිලිල නාන්න අදිමදි කරනව. ඒවයෙ ජරාවලු කොණ්ඩෙ ඇලෙනවලු. එහෙම අයට ඉතිං ඒකෙ තියෙන වින්දනය කවදාවත් ලැබෙන්නෙ නෑ.
ජීවිතේ කොයි වෙලාවෙද කියන්න බෑ. ඒ නිසයි ජීවිතේ ගතවෙන හැම තත්පරයක්ම වටින්නෙ. ඒ හැම තත්පරයක්ම හිනා වෙලා සතුටින් ගතකරන්න පුළුවන් නම් තවත් කෙනෙකුට සතුටක් සැනසීමක් දෙන්න පුළුවන් නම් හෙට මැරෙනව කිව්වත් ඔයාට පොඩ්ඩක්වත් බය හිතෙන්නෙ නෑ. මොකද ඒ තරමට ඔයා සතුටින් සහ ජීවයෙන් පිරිලා.

No comments:
Post a Comment