Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Saturday, April 11, 2020
හෙළ සංගීත අඹරෙහි අමරණීය වූ දෙවියන් හෙවත් අමරදේව
(2016 නොවැම්බර් 16 වැනි දින පණ්ඩිත් අමරදේවයන්ගේ අභාවය නිමිත්තෙන් ලියන ලද පොස්ටුවකි)
ඔහු නමින් වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා නම් විය. එහෙත් ඇසූ පමණින් ඔබත් මාත් ඔහු හදුනන්නේ අමරදේව යන නමින් විය. අමරදේව යන්නෙහි අරුත අමරණීය දෙවියා යන්න වේ. සැබැවින්ම ඔහු ලක් සංගීත කෙතෙහි සදා අමරණීය දෙවියෙකු බවනම් සත්‍යයකි.
වර්ෂ 1927 දෙසැම්බර් මස 5 වැනි දින මොරටුවේ කොරළවැල්ලේදී මෙම මහා ගාන්ධර්වයා මෙළොව එළිය දුටුවේ වන්නකුවත්ත වඩුගේ දොන් ගිනොරිස් පෙරේරා සහ බලපුවඩුගේ මැගී වෙස්ලිනා මෙන්ඩිස් යුවළගේ දරුවන් සත් දෙනාගෙන් බාලම දරුවා ලෙසිනි.
කුඩා අමරදේවයන් මුලින්ම සංගීතයට යොමු කරවන්නේ ඔහුගේ පියාණන් විසින්. ඒ වඩු කාර්මිකයෙකු වූ ඔහු වෙත අලුත්වැඩියා කිරීම සදහා ලැබුණු වයලීන වාදනයට ඔහුව යොමු කිරීමෙනි. තම මවගේ ගීත නාදයට අනුව වයලීනය වැයීම කුඩා අමරදේවයන්ගේ විනෝදාංශයක් වූ අතර තම වැඩිමහල් සොහොයුරකු විසින් ඉන්දියානු ශාස්ත‍්‍රීය සංගීතයේ මූලිකාංග කුඩා අමරදේවයන්ට අත්පොත් තැබවීම ශාස්ත‍්‍රීය සංගීතයේ මූලාරම්භය සැපැයීය.
එසේ ඇරඹුණු සංගීත අභිචාරිකාවෙහිදී පානදුර සිරි සුමංගල විද්‍යාලය කළුතර විද්‍යාලය වැනි අධ්‍යාපන පිංකෙත්හි අභාසය ලද අමරදේවයන් ප‍්‍රවීණ සංගීතවේදී සුනිල් ශාන්තයන්ගේ සෙවණ ලබමින් සංගීත ක්ෂේත‍්‍රයෙහි දැවැන්ත වෘක්ෂයක් ලෙස වැඩෙන්නේ තම ගුරු වූ සුනිල් ශාන්තයන්ද අභිබවමිනි. වර්තමාන ශ‍්‍රී ලාංකීය සංගීත ක්ෂේත‍්‍රයෙහි මුදුන්මල්කඩක් මෙන් වන්දනාමානයට පාත‍්‍ර වූ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේවයන් වර්ෂ 2016ක්වූ නොවැම්බර් මස 03 වැනි දින මෙලොවින් නික්ම යනවිට වසර අසූ අටක පරමායුෂ භුක්තිවිදි භාග්‍යවන්තයෙකු විය.
ඔහුගේ වියෝව සැළවූ වහාම දෙනෙත් බොදවූ මා හට මුලින්ම සිහියට නැගුණේ ඔහුගේම ගීයක පදවැලකි.
සසර වසනතුරු
නිවන් දකින තුරු
පින්කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා
හේතු වාසනා
අමරදේවයන් මෙම ගීය ගයන්නේ වෙනස් වූ අරුතකින් වුවද ඔහුගේ සංගීත කර්ණ රසායනය මැනවින් වින්දනය කළ සකළ ශ‍්‍රී ලාංකීය රසවතුන්ගේ එකම පැතුම ඔබේ මියුරු හඩින් ගැයෙන ඒ සප්තස්වර සුගායනය නැවතත් වින්දනය කිරීමට අපහට ඉඩහසර ලබාදෙනුවස් ඔබ මේ දෙරණේම යළි යළිත් උපදීවාය යන්න නොරහසකි.
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ‍්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment