Tuesday, April 14, 2020

පියල් සහ ජිනදාස

ගොඩක් අය ආස ගම්පෙරළියෙ පියල් වෙන්න. ඒත් ඇත්තටම සිද්ධ වෙන්නෙ ජිනදාස ළමාහේවා වෙන්න, එහෙමත් නැත්නම් කරෝලිස් කෙනෙක් හරි කත්තිරිනා කෙනෙක් හරි වෙන්න. මාතර හාමිනේ වගේ හැමෝම වෙනුවෙන් කැපකිරීම් කරන හැම දෙයක්ම ගිලගන්න අය අඩුයි. ඒත් ඒ අය හින්දයි මානව සමාජය නොනැසී පවතින්නෙ. හැමෝම හැල්මෙ දුවන තරඟෙදි තරඟය ජීවිතයත් මරණයත් අතර සටනක් කරගත්තු කෙනාට දිනන්න ඇරල අඩියක් පස්සට අරන් හිනාව සුහදතාවය රැකගන්න සමත් මාතර හාමිනේල වැඩි වැඩියෙන් හිටියනම් හවුලෙ දිනන්න තිබ්බ හැමෝටම.

කතාවෙ මාතර හාමිනේ ගැන අප්‍රසාදයක් එන්නෙ එක තැනක විතරයි. ඒ කත්තිරිනා පියල් ගැන යෝජනාව ගෙනාපු වෙලාවෙම මාතර හාමිනේගෙ කටින් පිටවෙන "උන්ට කවුද හිර දෙන්නේ?" කියන තැන. 

ඒ අප්‍රසාදය පොතේ අවසාන පිටුව දක්වාම තියෙනව. අවසාන පිටුවෙදි පියල් අහනවා මෙහෙම:-
"එතකොට ජිනදාසගෙ මරණෙ කටයුතු කරලා පිං පැමිණෙව්වෙත් මගේ සල්ලි වලින්"
එතනදි හිතෙනවා මාතර හාමිනේ හරියටම හරි කියලා. අර අප්‍රසාදය නැතිවෙලා යනවා.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...