ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව අද ලෝ්ක වාර්තාවක් පිහිටුවන ලදී. එනම් ලොව පළමු වතාවට, රජය ලෙස පෙනී සිටින සුළුතර මන්ත‍්‍රී කණ්ඩායමක් විසින්, තමන් රජය ලෙස පිළිගන්නා ලෙස පාර්ලිමේන්තුවේදී ප‍්‍රසිද්ධයේ ඉල්ලා සිටීමය. රටක ආණ්ඩුපක්ෂය යැයි කියන මන්ත‍්‍රී කණ්ඩායමක් එවැනි දෙයක් ඉල්ලා සිටින තත්වයට පත්වීම එක අතකින් කණගාටුදායකය. තවත් අතෙකින් හාස්‍යජනකය.
පාර්ලිමේන්තුව යනු නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුදුන්මල්කඩ යැයි කියනු ලැබේ. එනම් ජනතාව ඡන්දයෙන් පත්කර එවන නියෝජිතයන් රට පාලනය කිරීමට අදාළ වැදගත් තීරණ ගන්නා ස්ථානය පාර්ලිමේන්තුවයි.
එම තීරණ ගනු ලබන්නේ පාර්ලිමේන්තුවේ සියලුම මන්ත‍්‍රීවරුන්ගේ ඒකමතික තීරණයෙන් හෝ බහුතර මන්ත‍්‍රීවරුන්ගේ එකගත්වයෙනි. පාර්ලිමේන්තුව යන ආයතනය පැවතීමේ මූලික හරය එයයි. ඒකමතිකත්වය හෝ බහුතර මන්ත‍්‍රීවරුන්ගේ කැමැත්ත යන සංකල්ප ඉවතලා යම් පාර්ලිමේන්තුවක් කටයුතු කරන්නේද එය තවදුරටත් පාර්ලිමේන්තුවක් ලෙස සැළකීමට හැකියාවක් නැත.
කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව විධිවිධාන සලස්වන්නේ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත‍්‍රීන් සංඛ්‍යාවකගේ විශ්වාසය ඇතැයි තමාට "හැගී යන" මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා ලෙස පත්කිරීමටය. මෙම "හැගී යාම" යන වචනය තුල ජනාධිපතිවරයාගේ අභිමතානුසාරී බලයක් පිළිබදව ඉගියක් ගැබ්වී තිබුණද "හැගී යාම සැබෑ තත්වය නොවේ නම්" ඒකමතිකත්වය හෝ බහුතර කැමැත්ත යන සංකල්ප මත ක‍්‍රියාකරන ආයතනයක් ලෙස පාර්ලිමේන්තුවේ ප‍්‍රායෝගිකව කටයුතු කරගෙන යාමට නොහැකි තත්වයක් උද්ගත වේ.
බහුතර මන්ත‍්‍රීවරුන්ගේ විශ්වාසය ඇතැයි ජනාධිපතිට හැගී යන රටක පාර්ලිමේන්තුව තුල ආණ්ඩු පක්ෂය ලෙස හදුන්වන පක්ෂය ප‍්‍රායෝගිකව ආඥාදායක ආස්ථානයක හෙවත් commanding position එකක සිටිය යුත්තේ ඒ නිසාය. පාර්ලිමේන්තුව තුල එවැනි බලයක් ඇති පක්ෂයක් ආණ්ඩු පක්ෂය ලෙස තමන්ට ලැබිය යුතු පිළිගැනීම, තනතුරු, බලතල ආදිය ලබාගැනීම සදහා තවත් පාර්ශවයකින් එනම් යටත් පිරිසෙයින් කතානායකවරයාගෙන් හෝ ඉල්ලා සිටීමේ හෝ් බැගෑපත් වීමේ හෝ අවශ්‍යතාවයක් නැත. එය ආණ්ඩු පක්ෂය ලෙස පත්වීම සදහා මූලික සුදුසුකම ලෙස ලොව පුරා හදුනාගනු ලබන පාර්ලිමේන්තුවේ බහුතර මන්ත‍්‍රීවරුන්ගේ සහයෝගය හරහා තම බලය පාවිච්චි කර ලබා ගැනීමට ආණ්ඩු පක්ෂයකට හැකියාව තිබිය යුතුය. එම හැකියාව ප‍්‍රායෝගිකව නොමැති පක්ෂයකට ආණ්ඩුවක් පවත්වාගෙන යාම යනු පාර්ලිමේන්තු ක‍්‍රමය තුල සිදුකළ හැකි ක‍්‍රියාවක් නොවන්නේය. එබැවින් එවැනි බලයක් නොමැති පක්ෂයක් පාර්ලිමේන්තු ක‍්‍රමය ක‍්‍රියාත්මක වන ලෝකයේ කිසිදු රටක ආණ්ඩුවක් ලෙස පිළිගැනෙන්නේ නැත.
ඒ අනුව සැබෑ ආණ්ඩු පක්ෂයකට අද උදෑසන බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා සිදුකළාක් මෙන් කතානායකවරයාගෙන් තමන්ව ආණ්ඩුව ලෙස පිළිගන්නා ලෙස ඉල්ලා සිටීමේ අවශ්‍යතාවයක් නැත. කතානායකවරයා සැබැවින්ම එසේ බලයක් සහිත ආණ්ඩු පක්ෂයකට ඔවුන්ගේ් අයිතිවාසිකම් ලබා නොදෙන්නේ නම් විශ්වාසභංග යෝජනාවක් හරහා කතානායකවරයා පවා ඉවත් කිරීමේ බලය සහ හැකියාව සැබෑ ආණ්ඩු පක්ෂයකට තිබේ.
ඒසේ ප‍්‍රායෝගික බලයක් නොමැති වීම යනු සැබැවින්ම පාර්ලිමේන්තුව තුල බලය ගිලිහී යාමකි. එසේ බලය ගිලිහී ගිය අවස්ථා වල සිදුකළ යුතු කාරණා සහ අනුගමනය කළයුතු පිළිවෙත් පාර්ලිමේන්තු ක‍්‍රමය පවත්නා වෙනත් රටවල මෙන්ම ශ‍්‍රී ලංකාවේද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුල හා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වල ඉතා පැහැදිලිව දක්වා ඇත.
මේ අවස්ථාවේ කතානායකවරයා ඒවා යටතේ ක‍්‍රියාකර නැතැයි චෝදනා කරන බොහෝ දෙනෙකු එසේ කතානායකවරයා විසින් කඩකරන ලද්දේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ හෝ ස්ථාවර නියෝග වල කුමන ප‍්‍රතිපාදනදැයි ඇසූ විට නිරුත්තර වෙති. ස්ථාවර නියෝග වල කුමක් සදහන් වුවද ස්ථාවර නියෝග 135 යටතේ බහුතර කැමැත්තෙන් යෝජනාවක් සම්මත කර ක‍්‍රියාත්මක වීමට පාර්ලිමේන්තුවට පවත්නා හැකියාව සහ ස්ථාවර 143 වැනි ස්ථාවර නියෝගය යටතේ අවස්ථානුකූලව තීරණ ගැනීමට කතානායකවරයාට ඇති බලය නොදැක්කා නොදුටුවා සේ සිටිමින් අනෙකුත් ස්ථාවර නියෝග කඩා ඇති බවක් පුන පුනා කියති.
ස්ථාවර නියෝග 135 එහි ඇතුලත් කිරීමට හේතුවක් ඇත. එනම් ස්ථාවර නියෝග වල කුමක් සදහන් වුවද බහුතර මන්ත‍්‍රී සංඛ්‍යාවක් විසින් තීරණය කරන්නේ නම් ස්ථාවර නියෝග නොසළකා ක‍්‍රියා කිරීමට වුවද හැකියාව ලැබෙන ප‍්‍රතිපාදන ඇතුලත් කිරීමෙන් අදහස් වන්නේ පාර්ලිමේන්තුව යනු බහුතර කැමැත්තෙන් තීරණ ගන්නා ආයතනයක් බවය.
ඒ අනුව තේරීම් කාරක සභා පත්කිරීම නොව අවශ්‍යනම් සභා ගර්භය තුල විදුලි පංකා ක‍්‍රියාත්මක කළ යුතුද වායු සමන යන්ත‍්‍ර ක‍්‍රියාත්මක කළ යුතුද යන්න පිළිබදව පවා බහුතර ඡන්දයෙන් තීරණය කිරීමේ හැකියාවක් පාර්ලිමේන්තුවට ඇත. එවැනි කරුණක් අරබයා කිසිදු දිනක පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය තුල ඡන්දය විමසා නැතැයි ප‍්‍රකාශ කිරීම හාස්‍යජනක නිදහසට කරුණකි.
තේරීම් කාරක සභාවේ සංයුතිය තීරණය කිරීම සදහා ඡන්දයක් නොපවත්වා එහි බහුතර සාමාජික සංඛ්‍යාව ආණ්ඩු පක්ෂයට ලබා දෙන්නේ හුදෙක් එසේ ලබාදිය යුතු නිසා නොව සභාවේ බලය (obviously) ඔවුන් සතු නිසා පමණි. ඒ අනුව ඒ සදහා ඡන්ද විමසීමක් පැවැතියේ නම් බහුතර බලයක් සහිත ආණ්ඩු පක්ෂයක් පැහැදිලි ලෙසම එයින් ජයගෙන තේරීම් කාරක සභාවේ බහුතර සාමාජික සංඛ්‍යාවට හිමිකම් කියනු ඇත. ඒ අනුව යම් පාර්ශවයක් ආණ්ඩු පක්ෂයේ බහුතර බලය හබයට ලක් කරන්නේ නම් තේරීම් කාරක සභාවට සාමාජිකයන් පත්කිරීම සම්බන්ධයෙන් වුවද ඡන්ද විමසීමක් ඉල්ලා සිටීමට බාධාවක් නොමැත. අද ඇතැම් අය පුන පුනා කියූ අයුරින් තේරීම් කාරක සභාවේ බහුතරය යම් පක්ෂයකට හිමි විය යුතු බවක් ස්ථාවර නියෝගවල කිසිසේත්ම අන්තර්ගත නොවේ. එය හුදෙක් ජනතාව මුළා කිරීම සදහා නිර්මාණය කරන ලද හාස්‍යජනක බොරුවකි.
මෙහිදී බොහෝ දෙනා සිතා සිටින බව පෙනෙන්නේ රටේ විධායක ජනාධිපතිවරයා බහුතර මන්ත‍්‍රීන් පිරිසකගේ විශ්වාසය ඇතැයි තමාට හැගී යන මන්ත‍්‍රීවරයා අගමැති ලෙස පත්කළ පසු පාර්ලිමේන්තුවේ අනෙකුත් මන්ත‍්‍රීවරු සහ කතානායකවරයා එයට අවනත වී යටහත්ව සිටිය යුතු බවකි. එවැනි විහිළු සහගත ප‍්‍රතිපාදනයක් පාර්ලිමේන්තු ක‍්‍රමය ක‍්‍රියාත්මක වන කුමන රටකවත් නොමැත. ජනාධිපතිවරයාට හැගී යන පරිදි පත්කිරීම සිදුකළද එම හැගී යාම වැරදි බව ඔප්පු කිරීමේ හැකියාව ව්‍යවස්ථානුකූලවම පාර්ලිමේන්තුවට හිමිවේ. එය ජනාධිපතිවරයාට පවා අභියෝග කළ නොහැකි අභිබවා යා නොහැකි බලයකි.
ඒ අනුව පවත්නා පාර්ලිමේන්තුව පිළිබදව දෙසැම්බර් 07 වැනිදා අධිකරණ තීරණයක් ලැබෙන තුරු දැනට ඇත්තේ ආණ්ඩුවක් නොමැති තත්වයකි. ජනාධිපතිවරයා පිළිගත්තද නොගත්තද නීත්‍යානුකූලව සම්මත කරන ලද විශ්වාසභංග යෝජනාවකින් පැවැති ආණ්ඩුව බලයෙන් පැහැදිලි ලෙසම පහකර තිබේ. ජනාධිපතිවරයා එය පිළිනොගැනීම මත මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පිළිගතයුතුයැයි පාර්ලිමේන්තුවට හෝ යටත් පිරිසෙයින් රටේ කිසිදු පුරවැසියෙකුට හෝ බලකිරීමේ හැකියාවක් කිසිවෙකුටවත් නැත.
මෙහිදී සුළුතරයක් තිබෙන පක්ෂයකින් වුවද අගමැති පත්කළ හැකිය යන තර්කය සාධාරණීකරණය කිරීමට ගෙන එන තවත් තර්කයක් වන්නේ 2015 ජනවාරි 09 වැනිදා ජනාධිපතිවරයා විසින් රනිල් වික‍්‍රමසිංහව අගමැති ලෙස පත්කරද්දී ඔහු නියෝජනය කළ එජාපයට තිබුණේ පාර්ලිමේන්තුවේ ආසන 41ක් පමණක්ය යන කරුණය.
ආසන 41ක් පමණක් පැවතියද ජනාධිපතිවරයාගේ සභාපතීත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයද රනිල් වික‍්‍රමසිංගේ එජාප ආණ්ඩුවේ ඇමති ධූරද ලබාගෙන එයට අවශ්‍ය බහුතරය ලබාදුන් බව ඉහත කී චෝදනාව නගන බොහෝ දෙනා අමතක කරති. ඒ අනුව අද බන්දුල ගුණවර්ධන සිදුකළ ආකාරයට දණින් වැටෙමින් ආණ්ඩුව ලෙස තමන් පිළිගන්නා මෙන් පාර්ලිමේන්තුව තුල අයැද සිටීමේ අවශ්‍යතාවයක් රනිල් වික‍්‍රමසිංහට නොතිබුණි. ඒ වෙනුවට "ඉදගන්නවා අයිසෙ ජනාධිපතිතුමාට කියල ඉන්දවන්නද" ආදී වශයෙන් එදා බහුතරය ඇතැයි කී සන්ධානයේ මන්ත‍්‍රීවරුන්ට කෝචොක් දැමීමේ හැකියාවක් පවා ඔහුට තිබුණි.සමහරු එය පිළිගත්තද එසේ සහයෝගය දුන්නේ ඉදිරිපත් කළ වැඩ පිළිවෙල ඉදිරියට පවත්වාගෙන යාමේ සද්චේතනාවෙන් බවට අතේ පැළවෙන බොරු කියති.
ජනවාරි 9 වැනිදා උදෑසන මහින්ද රාජපක්ෂ මැදමුලනට ගොස් ජනේලයේ එල්ලී කතා කල මොහොතේ සිටම නැවත බලයට පැමිණීමට අනේකවිධ උත්සාහ දැරූ බව රහසක් නොවේ. ඒ අනුව 2015 ජනවාරි 09 වැනිදා රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් බිහිකළ ආණ්ඩුවට බහුතරය නොතිබිණි නම් එයට එරෙහිව කැමති අවස්ථාවක විශ්වාසභංග යෝජනාවක් ගෙනවිත් එය පරාජය කර ගෙදර යැවීමේ හැකියාව කැමති කෙනෙකුට බහුතරය ඇත්නම් කළ හැකිව තිබිණි. දැන් එය නොකළේ අර හේතුව නිසා මේ හේතුව නිසා වැනි හේතු දැක්වීමෙන් පළක් නොවේ. එය හුදෙක් මා පෙර පෝස්ට්ටුවක සදහන් කළාක් මෙන් කොළොම්බස්ට වඩා හොදින් ඇමරිකාව සොයාගැනීමට තමන්ට හැකියාව තිබුණාය යනුවෙන් එක්තරා ආදිපාදවරයෙකු දෙඩූ හිස් ප‍්‍රලාපයට සමාන වේ.
එදා එක්සත් ජනතා නිදහස් සන්ධානය එසේ නොකළ නිසා අද එජාපයද එසේ නොකළ යුතු බවක් ඉන් කිසි සේත් අදහස් වන්නේ නැත. යම් පක්ෂයක් ගනු ලබන තීන්දු තීරණ සහ අනුගමනය
කරන
දේශපාලනික උපාය මාර්ග එම පක්ෂයේ අරමුණු සහ උන්නතිය ඉලක්ක කරමින් තීරණය කළ
යුත්තේ එම පක්ෂයයි. තමා නායකත්වය දරණ එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන්
එම තීරණය ගැනීමට ජනාධිපතිවරයාට බලය තිබුණද ඔහු කිසිදු තනතුරක් නොදරන එජාපය
වෙනුවෙන් එම තීරණය ගැනීමේ කිසිදු අයිතියක් ජනාධිපතිවරයාට නොමැත.
සටහන අථිල අතාවුද
No comments:
Post a Comment