(2017 සැප්තැම්බර් 24 වැනි දින ලියන ලද පොස්ටුවකි)
ශ්‍රී
ලංකාවේ කුල ක්‍රමය වනාහි අතීත වැඩවසම් යුගයෙන් අද දක්වා ඉතිරි වූ සමාජ
විද්‍යාත්මක උණ්ඩුක පුච්ඡයකි. වර්තමානයේ කුලවාදයක් නැත්තේයැයි විවිධ හේතුන්
මත විවිධ අය මතිමතාන්තර පළ කළද සමාජ ක්‍රියාකාරිත්වය පිළිබදව ගැඹුරින්
විමසා බැලීමේදී ශ්‍රී ලාංකීය ජන සමාජය තුල තවමත් ඉතා ශක්තිමත්ව මෙන්ම
තීරණාත්මක බලවේගයක් ලෙස කුලභේදය සැගවී ඇති අාකාරය දැකිය හැකිය.
නූතනවාදී බහුතරය කුලභේදය කුමක්දැයි හෝ නොසළකා බැහැර කළද විවිධ අවස්ථා වලදී
දැනුවත්ව මෙන්ම නොදැනුවත්ව කුලභේදය තම ජීවිත වලට අදාළ කර ගනිති. දිනපතා
පුවත්පත් වල පුද්ගලික දැන්වීම් තීරයේ සැමදාම නම් වෙනස් කිරීමේ දැන්වීම්
20ක් පමණ තිබේ. මෙම දැන්වීම් වලින් අවම වශයෙන් 15ක් වත් කුලය අනාවරණය වන
කුලහීන යැයි සම්මත වාසගම්, උසස් යැයි සම්මත කුලීන වාසගම් දක්වා වෙනස් කරන
දැන්වීම් වේ. නම් වෙනස් කිරීම කුලවාදී පියවරක් වන්නේ, යමෙකු එසේ තම නමින්
හැගවෙන කුලය වෙනස් වන පරිදි තමාගේ නම වෙනස කිරීමට පියවර ගැනීම තුලම, තමාගේ
පෙර නමින් නිරෑපිත කුලය පහත් බවටත්, අළුත් නමින් නිරෑපිත කුලය උසස් බවටත්,
එසේ නම් වෙනස් කරන්නා ව්‍යංගයෙන් පිළිගැනීමක් කරන බැවිනි. මෙසේ නම් වෙනස්
කරන වේගය අනුව තව වසර 50කින් පමණ ශ්‍රී ලංකාවේ සියලුම සිංහලයෝ එකම කුලයක්
බවට පත්වනු ඇතැයි වරක් මාගේ ඥාතිවරයෙක් උපහාසයෙන් පවසනවා මට ඇසී ඇත.
තවත් පිරිසක් ප්‍රකාශ කරන්නේ නම් වෙනස් කළද, කුලයට ආවේණික හැසිරීම් රටාවන්
වෙනස් නොවන බවත්, ඒ අනුව පුද්ගලයෙකු හැසිරෙන ආකාරය අනුව ඔහුගේ කුලය
කුමක්දැයි ඉතා පහසුවෙන් පැවසිය හැකි බවත්ය. එහි සත්‍යාසත්‍යතාව කුමක්
වුවද, එම මතයේ එල්බ සිටින උසස් යැයි සම්මත කුල වල අය මෙන්ම පහත් යැයි සම්මත
කුල නියෝජනය කරන අයද සැළකිය යුතු පිරිසක් මට හමුවී ඇත.
සමාජ
උපනතියක් ලෙස සළකා කුල ක්‍රමය පිළිබදව සමාජ විද්‍යාත්මක සාකච්ඡාවක යෙදීම
ඉතා ප්‍රවේශමෙන් කළ යුත්තකි. විශේෂයෙන් එසේ සාකච්ඡා කරන දෙදෙනා හෝ කිහිප
දෙනා කුල දෙකක් හෝ කිහිපයක් නියෝජනය කරන්නෝ වන කල මතභේදයක්
ඇතිකරගැනීමකින් තොරව සාකච්ඡාව නිමාකළ හැකි වන්නේ සාකච්ඡාකරුවන් සියලුම දෙනා
යම් අවම බුද්ධි මට්ටමක් සහිත විවෘත මනසක් ඇත්තවුන් වන්නේ නම් පමණි. එවන්
සාකච්ඡා කිහිපයක යෙදීමේ අවස්ථාව භාග්‍යය මට ලැබී ඇති බව සිහිපත් කරන්නේ ඒ
විවෘත මනස් සහිත සාකච්ඡා සගයන් කිහිපදෙනා සෙනෙහසින් සිහිපත් කරමිනි.
කුල භේදය සියයට සියයක් බැහැර කරන්නන්ට අමතරව, සමාජයේ තවත් පිරිසක්
පවසන්නේ කුල භේදය විවාහය වැනි අවස්ථාවන්හිදී පමණක් සැළකිල්ලට ගත යුතු බවය.
කුලවාදය ප්‍රසිද්ධියේ බැහැර කරන බොහෝ දෙනා මෙම කාරණයේදී තවමත් රහසිගතව
කුලභේදය ඉතා දැඩිව ආරක්ෂා කරන බව රහසක් නොවේ. විශේෂයෙන් විවාහ යෝජනා වලදී,
බොහෝ දෙනා නම් වෙනස් කර ඇති තත්වයක් තුල සැබෑ කුලය නමින් හෙළිදරව් නොවිය
හැකි බැවින්, විශාල මුදල් ප්‍රමාණ ගෙවා ඔත්තුකරුවන් යොදවා යෝජිත අනෙක්
පාර්ශවයේ මීමුත්තාගේ සිට කුලමල සෙවීම රටේ අනෙකුත් ප්‍රදේශ වලට සාපේක්ෂව
දියුණු සමාජ චින්තනයක් පවතින්නේ යැයි කියන අගනුවරට පවා අළුත් දෙයක් නොවේ.
කෙසේ වුවද කුලමල බැහැර කළයුතු බවද සමාජයට අවවාද දෙන පන්සලෙන් පවා අද
දක්වාම කුලය බැහැර වී නැත. අදටත් සියම් නිකාය තුල ගොවිගම නොවන අයෙකුට
පැවිද්ද ලබාගැනීමට අවසර නැත. රටේ සග පරම්පරාවේ අධිරජවර ලෙස සැළකෙන සියම්
නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශවයන් විසින් තවදුරටත් මෙම සම්ප්‍රදායන්
ආරක්ෂා කරනු ලැබීම තුල, කුල ක්‍රමය යනු හෙට අනිද්දා මියැදුණු සංකල්පයක් බවට
පත්වීමට නියමිත "පණ අදින සංකල්පයක්"මදැයි සැකයක් මතුවේ.
ශ්‍රී
ලංකාවේ දේශපාලන සන්දර්භය තුලද තීරණාත්මක භූමිකාවක් කුල ක්‍රමය විසින්
නිරුපණය කරනු ලැබේ. වැඩවසම් යුගයේදී මෙන්ම උඩරට රාජ්‍යය ඉංග්‍රීසින්ට
නතුවීමෙන් පසුද මේ දක්වාම ශ්‍රී ලංකාවේ සිදුවූ සෑම තීරණාත්මක දේශපාලන
සංසිද්ධියකදීම කුලය යන්න තීරණාත්මක සාධකයක් වී ඇත.
වික්ටර්
අයිවන්ගේ "දේශපාලනයේ පවුල හා කුලය" ශ්‍රී ලාංකීය දේශපාලන සන්දර්භයේ ඒ ඒ
තීරණාත්මක අවස්ථා වලදී කුලය යන සාධකය නිරෑපණය කරන ලද හා මේ වනවිටද නිරෑපණය
කරමින් සිටින භූමිකාවන්ගේ හැඩය හදුනාගැනීමට යම් මග පෙන්වීමක් ලබාදෙන, අගය
කළයුතු සමාජ විද්‍යා පර්යේෂණාත්මක ග්‍රන්ථයක් ලෙස මම දකිමි.
තවද
මෙම ග්‍රන්ථයේ අවසාන ඡේදයේ කතුවරයා තමා මෙම ග්‍රන්ථය පුරාවට ස්ථාපිත කරනු
ලබන තර්කය හා සමායෝජිතව එක්සත් ජාතික පක්ෂයේ අනාගතය වියහැකි පුද්ගලයෙකු
පිළිබදව ඉඟි පලකරයි. එම පුද්ගලයා ශ්‍රී ලංකාවේ ජාතික නායකත්වයට තරඟ කළහැකි
තත්වයට පත්වීම කුලවාදී හා පවුල්වාදී සංසිද්ධියක් විය හැකි වුවද ශ්‍රී
ලංකාවේ රජයක් පිහිටුවීමට ශක්‍යතාවක් ඇති ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේම ජාතික
නායකත්වයට පත්වීමට ඔන්න මෙන්න යැයි ඉඟි පළවන අනෙක් සියලු දෙනාට සාපේක්ෂ ඔහු
කිසසේත් ඊට නුසුදුස්සකු බවට පත් නොවේ.
ශ්‍රී ලංකාවේ තත්කාලීන
දේශපාලන ප්‍රවණතා පිළිබදව, විශේෂයෙන් විජේදාස රාජපක්ෂ ආණ්ඩුවෙන් නෙරපීම හා
සම්බන්ධයෙන් මා සමග ඇතිවූ සුහද සාකච්ඡාවකදී, ශ්‍රී ලංකාවේ දේශපාලනයේ
තීරණාත්මක භූමිකාවක් කුලවාදයට ඇත්තේද, විජේදාස නෙරපීමේ සිද්ධියේ කුලවාදී
පැත්තක් තිබෙන්නේද, යන්න පිළිබදව ඇතිවූ කතා බහේදී මෙම ග්‍රන්ථය පිළිබදව
මාගේ කුතුහලය ඇවිස්සූ දයාබර Piyumal Herath සොයුරාට අපමණ තුති.
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
පාහියන් ගල්ලෙනේ සිදුකළ කැණීම් වලින් වසර 48000ක් පමණ පැරණි බව සැක කෙරෙන දුනු ඊතල වල අවශේෂ කොටස් සොයාගැනීමට පුරාවිද්‍යාඥයින් සමත් වී ඇත. මෙ...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
-
රත්න ශ් රී විජේසිංහයන් ලියපු රෝහණ වීරසිංහයන් සංගීතවත් කරපු මේ සුන්දර ගීතය පිළිබදව අර්ථකථන ගණනාවක් මම කියවලා තියෙනව. ඒවා බොහොම සුන්දර අර්...

No comments:
Post a Comment