ඇත්තය. එය නීති විරෝධීය. "අප ස්පර්ශ කර හඳුනාගත් සදාචාරය"ටද පටහැණිය.
මිනීමැරුමක්ද නීති විරෝධීය, අප ස්පර්ශ කළ නොකළ සියලුම සදාචාරයන්ට පටහැණිය.
නමුත් ගණිකාවට සමාජ ඉල්ලුමක් ඇත. සමාජ අසහනයෙන් යම් ප්‍රතිශතයක් උරා අවශෝෂණය කරගැනීමේ හැකියාවද ඇත. මිනීමැරුමකට සමාජ ඉල්ලුමක් නැත. අවශෝෂණය කරගන්නා අසහනයක් නැති. එය වැඩි කරනවා මිස.
නමුත් මළගිය ඇත්තා තමන්ගේ නොවන තාක්කල් කිසිවෙකුට එය ගාණක් නැත. මරා දැමූ ඇත්තාගේ තරාතිරම මත ඔහුගේ හරිවැරැද්ද නිෂ්චය කළ හැකිය. එබැවින් ඔවුන් හඹායාම කාලය කාදමනසුළු අතෘප්තිකර වැඩකි.
ගණිකාවට තැලීම ඊට වඩා සතුට දනවනසුළුය. තෘප්තිදායකය. පරපීඩාකාමී සරතාන්තයක්ද ලද හැකිය. ඇයගේ පැවැත්ම සුද්දා හඳුන්වා දුන් අප අද බදා වැළඳ සිටින නව සිංහල සංස්කෘතිය උත්කර්ෂයට නැගීමට මහත් බාධාවෙකි.
ඇගේ මුහුණ මාධ්‍යයෙන් පෙන්වූවාට කම් නැත. ලැජ්ජාවක් ඇත්නම් ඔවැනි දේ නොකර සිටිය යුතුය. ඇය සේවය ලබාදෙමින් සිටින වේලාවක අත්අඩංගුවට පත්වී නිරුවතින් එළියට ඇදගෙන ආවේනම් මරුය. රටට රෙද්ද උස්සපු උන් තව මොනවා හංගන්නද? අත්අඩංගුවට ගෙන රැගෙන යන අතර පොලිස් නිලධාරීන් ඇගේ අඟ පසඟ ඇල්ලුවේ නම්, නිදහස් කිරීමට ලිංගික අල්ලස් ඉල්ලුවේ නම් හොඳ වැඩේය. ඕකුන්ට ඔහොම වෙලා මදිය. උන් තව මොනවා පරිස්සම් කරන්නද?
උන්ගේ මුහුණු රූපවාහිනියේ දුටු විට නැවත දිනක මහ මඟ දුටුවොත් අඳුනාගත හැකිය. එක්කෝ හෙමිහිට ඩීල් එකක් දමාගත හැකිය. එයට මුදල් අතමිට මදිනම් ඇයව යහළුවන්ට පෙන්වා අර යන්නෙ බඩුවක් යැයි කියා සිනාසිය හැකිය. ඇගේ දරුවන් දෙමාපියන් නෑදෑයින් දන්නා අඳුනන්නේ නම් ඔවුන්ටද හිනාවිය හැකිය. රෑට නිවස අසළට ගොස් හූ කියා දිවිය හැකිය. උන්ටත් හොඳ වැඩේය.
ගණිකාවන් අප මෙන් කෑම කන්නේ හෝ වතුර බොන්නේ නැත. බෙහෙත් හේත් අවශ්‍යද නැත. ආදරය, කරුණාව, සෙනෙහස උන්ට වැඩක්ම නැත. ඒ සියල්ල වෙනුවට අහවල් කාරිය කිරීම ප්‍රමාණවත් වේ. ඇය උදේ නැගිට රාත්‍රිය වනතුරු එකී කාරිය කරමින් සිට රෑට නිදාගනී. හීනෙන්ද පේන්නේ ඒවාම වියයුතුය. නැවත උදේ නැගිට අර පෙර දින චරියාවමය.
ඒ අනුව උන් සාමාන්‍ය මිනිස්සු කුලකයෙහි ලා ගිණිය යුතු නැත. උන් අමුතුම වල් මානව කොට්ඨාසයක්ය. එන්න (නිකම් දුන්නොත් යන ව්‍යතිරේකයට යටත්ව) අපි මිනීමරුවන් නිදහස් කර ගණිකාවන්ට තලා පන්නමු.

No comments:
Post a Comment