අපි
පුංචි කාලෙ පිස්සුවෙන් වගේ බලපු චිත්‍රපටය "කුච් කුච් හෝතාහේ". ඒ මතකය
අදටත් තියෙනව. ඒ සුන්දරත්වය වෙන මොන හින්දි චිත්‍රපටයකින්වත් මම අද
වෙනකල්අති විඳලා නෑ. ලොකු කතාවක් නැති බව ඇත්ත. ඒත් ඒ වගේ කතාවක් ඩොං ගාලා
ඔලුවටම වදින වයසක එහෙම කාලෙක බලපු ඒ චිත්‍රපටය තවමත් හිතේ අරක්ගෙන
තියෙන්නෙ පුදුමාකාර විදියට.
අපිට ටිකක් කලින් පරම්පරාවෙ ප්‍රියතම හින්දි චිත්‍රපටය වුණේ "සාජන්".
ඉන්දියාවේ "දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ" ජනප්‍රිය වුණත් ලංකාවෙ සිනමා
රසිකයා ඊට වඩා බොහොම ආදරෙන් සාජන් වැළඳගන්නව. ඊට ප්‍රධාන හේතුව චිත්‍රපටයේ
ඇතුලත් වන ගීත. ඒ ගීත හැම එකක්ම එකකට එකක් නොදෙවෙනි ඒවා. මට මතක විදියට
සාජන් චිත්‍රපටයේ ගීත අඩංගු කැසට්පට පවා ආවා ඒ කාලෙ.
එක වසරෙ
ඉඳන් පහ වසර වෙනකල් පොල්ගහවෙල ආදර්ශෙට ගියෙ පින්නවල අයියගෙ වෑන් එකේ. ඒකෙ
දාපු අපි ආසම පීස් එක තමයි සාජන්. අපි සින්දු ඇහුවා විතරක් නෙමෙයි. පුංචි
කටහඬවල් වලින් අමාරුවෙන් වචන අල්ල අල්ල ඒ සින්දු කිව්වා. Lasantha Adikari, Pulasthi Herath මතක ඇති සමහරවිට.
මට චිත්‍රපටය බලන්න ලැබෙන්නෙ ඊට ගොඩක් පස්සෙ. අමන්, ආකාශ් සහ පූජාගෙ ආදර
කතාව සරළ බව ඇත්ත. ලොකු න්‍යායන් චිත්‍රපටය තුල නෑ. ඒත් ඒක බොහොම සුන්දර
සිනමා නිර්මාණයක්.
ශ්‍රී ලංකාවෙ වාණිජ ටෙලි නිර්මාණ හා සිනමා පට
තවමත් 1991 බොලිවුඩය පැවති තත්වයටවත් යන්න සමත් වෙලා නෑ. හොඳ පිටපත් නෑ,
වේශ නිරූපණ අන්තිමයි. මොකෙක්හරි වීරයෙක් කියලා එකෙක්, දැක්කම හිනා යනව
වෙනුවට ඇඬෙන ජෝකරයෙක් එක්ක මොනවදෝ උකුළු මුකුළු පාන එක තමයි අපේ වාණිජ
සිනමාව තුල ගොඩක් දුරට තියෙන්නෙ.
නමුත් ජනප්‍රියම සම්මාන තවමත් ඒ
වගේ නිර්මාණ වලට යන එක පුදුමයට කරුණක්. රංජන් රාමනායකගෙ "මායා" වගේ
කොපියක් ඇරුණාම අනිත් චිත්‍රපට වල රඟපෑමට ජනප්‍රියම සම්මාන ලැබෙන්නෙ කොහොමද
කියන එක තාම හොයාගෙන නෑ.
වසර ගණනාවකට කලින් අර්ජුන් කමලනාත්ගෙ
චිත්‍රපටයක් ආවා. ඒකෙ පූර්ව ප්‍රචාරක ඡායාරූප වල ඔහු ඉතා කෙටි සායක් ඇඳපු
තරුණියක් ඔඩොක්කුවෙ ඉන්දවගෙන ඉන්නව. ඇත්තටම ඒක ඕන කෙනෙකුට දෙපාරක් බැලෙන
ෆොටෝ එකක්. ඒ ෆොටෝ එක බලලා ඒ නිළියගෙ කකුල් දෙක බලන්න හිතාගෙන චිත්‍රපටය
බලන්න ගියපු හිතවතෙක් බැණ බැණ එනව දැකල හිනාව නවත්තගන්න බැරිවුණා මතකයි. ඒ
නළුව වරක් කියල තියෙනව ඔහුගෙ සැබෑ වැඩ බලන්නලු නරඹන්නන් එන්නෙ. එහෙම යන අය
ඉන්නවද අර්ජුන් කමලනාත් වැඩ දානව බලන්න යන අය? කෝ අත උස්සන්න බලන්න.
අපේ වාණිජ සිනමාව තියෙන්නෙ එහෙම තැනක. අපේ වාණිජ ටෙලි නිර්මාණ තියෙන්නෙ
ලස්සන කෙල්ලෙකුයි කොල්ලෙකුයි පාර අයිනෙ කතා කර කර ඉන්නව වගේ අන්තිම සිල්ලර
දර්ශන වලින් ධාවන කාලයෙන් 90%ක් දුවවන තැනක.
අඩුම ගාණෙ හින්දි
වාණිජ සිනමාව 1991 තිබ්බ තැනටවත් අපිට හැමදාම බලන්න දකින්න තියෙන
ටෙලිනාට්‍ය ටිකවත් ගෙනියන්න පුළුවන් නම් ගොඩක් වටිනව.
වැදගත්
වෙන්නෙ ඉන්දීය හෝ විදේශීය ටෙලිනාට්‍ය තහනම් කිරීම හෝ අධික බදු පැනවීමට වඩා
අපේ ටෙලිනාට්‍ය කලාවට ප්‍රමිතියක් හදන එක. එදාට අපිත් ආපහු ටෙලිනාට්‍ය
බලයි. හෝල් වලට ගිහින් ටිකට් අරන් සිංහල වාණිජ චිත්‍රපට බලයි. දැන්නම් ඊයා.
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Tuesday, April 14, 2020
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment