මුත්තයියා මුරලිදරන් යනු මා කුඩා කළ සිටම ඉතා ආදරය කළ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. කලක් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව අනුකරණය කරන්නටද උත්සාහ දැරුවෙමි. ඔහු ටෙස්ට් කඩුලු 300 කඩඉම පසුකළ සමයේ ඔහු පිළිබඳව පුවත්පත් වල පළවූ වාර්තා සහ ඔහුගේ ඡායාරූප එක් කොට තැනූ ස්ක්රැප් පොතක් තවමත් මා සතුව ඇත.
මුරලිගේ දේශපාලන මතය කුමක්ද?
එය මට කිසිදාක ප්‍රශ්නයක් වූයේ නැත. අදටත් නැත. ඔහු ද්‍රවිඩ ජාතිකයෙකු
බවවත් විශේෂයෙන් මගේ සිතට පැමිණි අවස්ථාවක් තවමත් මට සිහි කළ නොහැක. මන්ද
මා ඔහු අගය කරන්නේ ක්‍රීඩකයෙකු වශයෙන් පමණි. ඔහුගේ පවුල් පසුබිම, ව්‍යාපාර
යනාදී පෞද්ගලික කාරණා වල හාංකවිසියක් මා දන්නේ නැත. මට වැඩක්ද නැත.
පුද්ගලයෙකු වශයෙන් තමා කැමති දේශපාලන වේදිකාවක සිටගැනීමට මුරලිට අයිතියක් ඇත. ඔහු රටම ආදරය කරන ක්‍රීඩකයෙකු වීම ඔහුගේ ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට බාධාවක් විය යුතු නැත.
මුරලිට ඇති ආදරය හේතුවෙන් ඔහුගේ දේශපාලන මතය මත තමාගේ මනාපය කාටදැයි තීරණය කරන්නෙකු වේ නම් ඔහු අරුම පුදුම අන්දමේ පරාධීන මනුෂ්‍ය ප්‍රාණියෙකු විය යුතුය. පෞද්ගලිකව මටනම් එය සිනාවට කරුණකි.
එබැවින් මුරලි දේශපාලන වේදිකාගත වීම පිළිබඳව උදම් වීම මෙන්ම, හුදෙක් ඒ මත පිහිටා මුත්තයියා මුරලිදරන් යනුවෙන් අප දැන සිටි ඒ විශිෂ්ට ක්‍රීඩකයාට අපහාස කිරීම යන දෙකම පුද්ගලයෙකුගේ දේශපාලන බුද්ධයේ මොට්ට බව මිස අන් කිසිවක් නිරූපණය නොකරයි.
මුරලිට පමණක් නොව තිලකරත්න ඩිල්ශාන්ට, කුමාර් සංගක්කාරට, ලසිත් මාලිංගට මේ ඉරණමම අත්වනු මම බලා සිටියෙමි.
ඒ ඒ අවස්ථා වල ඔවුන්ගේ දේශපාලන තේරීම් ඔවුන්ගේ පෞද්ගලික අයිතියකි. එයට ගරු කිරීම ශිෂ්ට සම්පන්න මිනිසෙකු සතු ආචාර ධර්මයකි.
දේශපාලන මතයක් දැරීම සිනා උපදවන මට්ටමට යාමේදී එයට සිනාසීම හා උපහාසයට ලක්කිරීම වෙනත් දෙයකි. එය හා අපහාසය අතර විශාල පරතරයක් තිබේ.
බොහෝ කළාකරුවන් දේශපාලනයට කඩේ යාමේදී බොහෝවිට මේ සිනා උපදවන සීමාවද පසුකර යති. කඩේ යාමෙන් ඔවුන්ට ලැබෙන වරදාන වරප්‍රසාද වල තරම මත විහිළුවක් වීමේ සීමා ඉම බොහෝවිට තීරණය වේ. වරදාන වරප්‍රසාද උදෙසා කඩේ යන බොහෝදෙනා එයින් ඇතිවන ලෝකාපවාදයෙන් ගැලවීමට තමා සහ අන් අය සමාන කරති. සියලු දේශපාලන පක්ෂ එක හා සමාන බවත් එවාට වැඩකරන සියල්ලෝ වරදාන බලාපොරොත්තුවෙන් වැඩකරන බවත් අවසානයේ කියති. එය සදෝෂී උන් අනෙකාට තමාව හැකිතාක් සමාන කරගැනීමෙන් තම චිත්තාභ්‍යන්තරයෙන් පැනනගින ආත්ම දෝෂාරෝපණය වලක්වා ගැනීමට නිතැතින්ම මනස යොදන ස්වභාවික උපක්‍රමයකි. එය බෙහෙවින් සිනා උපදවනසුළුය. මන්ද වරදාන වරප්‍රසාද ලැබෙන දේශපාලන කදවුරු මොනවාද නොලැබෙන ඒවා මොනවාද යන්න මොනවා කිව්වත් කවුරුත් දනිති.
ඉහත කී ක්‍රීඩකයන් කිසිවෙකු එවන් උපහාසාත්මක සිනා උපදවන තලයකට තවමත් පත්වී නැත. එබැවින් එය වෘත්තීයමය ලෙස මහත්මයෙකුගේ දේශපාලනික මතයක් ලෙස සැළකීමට මහත්මා සියල්ලන්ට යුතුකමක් පවතී.

No comments:
Post a Comment