Tuesday, April 14, 2020

ගිවිසුම් සම්බන්ධ නීතිඥ වගකීම

යම් පාර්ශවයක් හෝ පාර්ශවයන් කිහිපයක් යම් ගිවිසුමක් අත්සන් තැබීම සඳහා නීතිඥවරයකු වෙත යන්නේ අදාළ පාර්ශවයන් එකිනෙකා පිළිබඳව අන්‍යොන්‍ය වශයෙන් සෑහීමකට පත්වීමෙන් පසුව ගිවිසුම ලිඛිත මාධ්‍යයට පත්කොට අත්සන් තැබීම සඳහා පමණි. එනම් නීතිඥවරයා වෙත යාමට ප්‍රථමයෙන් දෙපාර්ශවය අලිඛිතව ගිවිසුමෙන් බැඳී අවසන්ය.

නීතිඥවරයාගේ කාර්යය වන්නේ එම ගිවිසුමේ කොන්දේසි මොනවාදැයි විමසා ඒවා ලිඛිතව කොලයක ඇතුලත් කොට පාර්ශවයන් විසින් අත්සන් තැබීමෙන් පසු තමා ඉදිරිපිට අත්සන් තබන ලද බව සහතික කිරීම පමණි. සත්‍ය හා ප්‍රායෝගික තත්වය එයයි.

ගිවිසුමෙන් බැඳෙන පාර්ශවයන් අදාළ ගිවිසුමේ කොන්දේසි ඉටුකරන බවට වගබලාගන්නා ඇපකරුවකු ලෙස හෝ ගිවිසුමෙන් බැඳෙන යම් පාර්ශවයක හෝ පාර්ශවයන් ගණනාවක චරිතය හෝ විශ්වසනීයත්වය පිළබඳව සහතිකයක් සපයන්නෙකු ලෙස හෝ නීතිඥවරයෙකු ගිවිසුමකට අත්සන් නොතබයි. එබැවින් තමන් "ගිවිසුමට එළඹුණේ ගිවිසුම සහතික කළ නීතිඥවරයා කෙරෙහි විශ්වාසය තැබීම නිසා" යැයි යම් කෙනෙකු ප්‍රකාශ කරන්නේ නම් එය එක්කෝ හුදු නොදැනුවත්කම මත සිදුකරන ප්‍රකාශයකි නැත්නම් අවස්ථාවාදී සාවද්‍ය ප්‍රකාශයකි.

පාර්ශවයන් ගිවිසුමට අත්සන් තැබීම පිළිබඳව අධිකරණයක් ඉදිරියේ සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් නීතිඥ වරයෙකු වෙත විශ්වාසය තැබීම සාධාරණ හා යුක්ති සහගත වුවත් ගිවිසුමේ කොන්දේසි නීතිඥවරයා මැදිහත් වී ඉටුකර දෙන්නේය යනුවෙන් හෝ ගිවිසුමෙන් බැඳෙන යම් පාර්ශවයක විශ්වසනීයත්වය පිළිබඳව නීතිඥවරයා ඇප වන්නේය යනුවෙන් කල්පනා කිරීම බරපතළ ලෙස වැරදි සහගතය. එසේ කළ හැකිනම් අධිකරණය ඉදිරියේ ගොණුවන සෑම දික්කසාද නඩුවකටම අදාළ විවාහය ⁣ලියාපදිංචි කළ රෙජිස්ට්‍රාර්වරයාද වගකිවයුතු වනු ඇත.

No comments:

Post a Comment

දේශපාලන වහල්භාවය

මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...