(2015.11.20 වැනි දින ලියන ලද පෝස්ටුවකි)
ජැක්සන්
ඇන්තනි, කමල් අද්දරආරච්චි, ශ‍්‍රියන්ත මෙන්ඩිස්, මහේන්ද‍්‍ර පෙරේරා,
සෞම්‍ය ලියනගේ, ධර්මප‍්‍රිය ඩයස්, බුද්ධදාස විතානාරච්චි, ඩබ්ලිව් ජයසිරි,
ජගත් චමිල, සබීතා පෙරේරා, යශෝධා විමලධර්ම වැනි අය රගන ජයන්ත චන්ද‍්‍රසිරි
අධ්‍යක්ෂණය කළ ''දඩුබස්නාමානය'' මාදිලියේ නිර්මාණාත්මක ගුණයෙන් අනූන වූ
ටෙලි නාට්‍යයක් හෝ චිත‍්‍රපටයක් නැරඹීමට මහත් වූ ආශාවක් සිනමා ලෝලියෙකු ලෙස මා තුල ඇත.
නවක නළු නිළියන් ලෙස මෙයට පුබුදු චතුරංග, සුබුද්ධි ලක්මාලි, උද්දික ප්‍රෙමරත්න, චතුරිකා පීරිස්, සමනලී ෆොන්සේකා වැනි කිහිප දෙනෙකු යොදා ගැනීම වඩාත් උචිත වනු ඇත. එහි සංගීත අධ්‍යක්ෂණය ප්‍රෙමසිරි කේමදාසයන් විසින් සිදුකලේ නම් එය සර්ව සම්පූර්ණ නිර්මාණයක් වනු ඇත. නමුත් ඒ වාසනාව අපට අහිමි වී ඇත. එතුමා අප අතරින් වියෝවී පසුගිය ඔන්තෝබර් 24 වැනිදාට සත් වසරක් පිරුණි. එයට සුදුසු ආදේශකය ජයන්ත චන්ද්රසිරි සමනල සන්ධ්වනියේදී සොයාගෙන තිබුණි.
ඉතිහාසය යැයි කියමින් මොනවා හෝ රූගත කොට චිත‍්‍රපට පෙන්නීමට වඩා තම නිර්මාණ වල නිර්මාණාත්මක ගුණය උපරිම කිරීම රසඥතාවයේ මෙන්ම සිනමා හා ටෙලි නාට්‍ය කර්මාන්තයේ ප‍්‍රගමනයටම හේතු වන බව නිර්මාණ කරුවන් අමතක කර ඇති සේය. එවැනි නිර්මාණාත්මක ගුණයක් පැවැති, සැබැවින්ම ලොමු ඩැහැගන්වන සිංහල ටෙලි හෝ සිනමා නිර්මාණයක් මෑතකදී නිර්මාණය නොවූයේ මන්දැයි මම නොදනිමි.
දවසේ ටෙලි නාට්‍ය පෙන්වන වේලාවේ රූපවාහිනිය ඉදිරියේ නොසිට අතීතයේ අප අමන්දානන්දයට පත්කළ ළාහිරු දහසක්, බෝඩිම, වෙද හාමිනේ, දඩුබස්නාමානය, සුසීමා, ඇල්ල ළග වලව්ව, ඉන්ගම්මාරුව, අකාල සන්ද්‍යා, ගිනිගත් රුයක්, කඩුමුණ, හතේ වසම වැනි මතකයේ රුදුණු ටෙලි නිර්මාණ මතක් කරමින් ලැප්ටොප් තිරය දෙස බලා හීල්ලීමට අපට සිදුවී ඇත්තේ වර්තමාන නිර්මාණකරුවන්ගේ ගොන්බූරු නිර්මාණ වල ඇති ඇල්මැරුණු ස්වභාවය නිසාමය.
එකම රටාවේ පවුලේ කතා පමණක් ටෙලිනාට්‍ය වලට විෂය විය යුතුයැයි නීතියක් පැණවූයේ කවුරුන්දැයි මම නොදනිමි. නමුත් සියළුම අධ්‍යක්ෂ වරුන් එය ස්වයං නීතියක් ලෙස පණවාගෙන ඇති සේය. භයානක රසය කුමක්දැයි ඔවුන් කිසි සේත් නොදනී. වර්තමාන ටෙලි නාට්‍ය වල ප්‍රෙක්ෂකයා බිය ගැන්වීමට සිතා ඉදිරිපත් කරන බොහෝ දර්ශන වලින් සිදුවන්නේ බිය වීමට වඩා සිනහ යාමය.
80 දශකයේ අග භාගයේ හා 90 දශකයේ අඩු තාක්ෂණික පහසුකම් යටතේ වුවද නිර්මාණය වූ ටෙලි නාට්‍ය සියල්ලක්ම පාහේ එකකට එකක් පරදවන තරම් ආකර්ශණීය වේ. එකළ අප එක කථාංගයක් නරඹා ඊළග කථාංගය නැරඹීමට සතියක් බලා සිටිය යුතුය. නමුත් උද්‍යෝගය හෝ කුතුහළය කිසි සේත් අඩු නොවේ. එය එම නිර්මාණ වල පැවැති ගුණාත්මක භාවයයි.
නමුත් වර්තමානයේ සෑම ටෙලි නාට්‍යක්ම පෙම් කතාවකි. ඒ අස්සේ ඔපාදූප, ගොන් බූරු වැඩ, ගෙදර ප‍්‍රශ්න, කාර්යාලයේ ප‍්‍රශ්න, කඩමණ්ඩියේ කතා බහ ආදිය අතර මැද්දට දමා කතාව ආකර්ෂණය කරන්නට නිර්මාණ කරුවා උත්සාහ කළද ඒවා අර පැරණි නිර්මාණවල පැවැති උසස් නිර්මාණාත්මක ගුණයට අලගු තබන්නටවත් ප‍්‍රමාණවත් නොවේ.
එබැවින් වර්තමානයේ ටෙලි නාට්‍ය පෙන්වන වේලාවේ ෆේස්බුක් පෝස්ට් එකක් දමන්නට, පසුවදා ඇති නඩු පොත කියවාගන්නට, ඉංග‍්‍රීසි හෝ හින්දි චිත‍්‍රපටයක් බලන්නට, සිංදුවක් අහන්නට, ටෙලි නිර්මාණයක් රසවිදින්නට අවශ්‍යම යැයි සිතෙන්නේ නම් විදේශීය ටෙලි නිර්මාණ වන The Vampire Diaries, The Originals, Boston Legal, Law and Order, Lost, Prison Break, Arrow වැනි ටෙලි නාට්‍යයක කථාංගයක් රසවිදීමට මාද ඇතුළු උගත් තරුණ පරපුරේ බහුතරය පෙළැඹී ඇත. කොරියානු හා ඉන්දියානු ටෙලි නාට්‍ය වලට කාන්තා පාර්ශවය බෙහෙවින් ආකර්ශණය වී ඇත. මෙය තවමත් ශ‍්‍රී ලාංකීය ටෙලි නාට්‍ය කර්මාන්තයට දැඩි තර්ජනයක් බවට පත්වී නැතත් එසේ වන දිනය වැඩි ඈතක නොවන බව ටෙලි නිර්මාණකරුවන් තරයේ සිහිතබාගත යුතුව ඇත.
මෙතෙක් කියලාත් නොතේරුණි නම් මා මෙතෙක් වේලා අටුවා ටීකා ටිප්පණි ඇතුව කීවේ අපට සීනිබෝල එපා කියාය. ගමේ කඩේ ඇත්තේ සීනිබෝල පමණක් වන විට අල්ලපු ගමේ කඩයට හෝ ගොස් අපට අවශ්‍ය අනෙකුත් දේවල් මිළදී ගැනීම ස්වභාවයයි. සිංහල ටෙලි නාට්‍ය කලාවටද තවම නොදැනුණද පාරිභෝගිකයන් අහිමි වෙමින් යන සමයකි මේ. කුමක් හෝ නොකළොත් පමා වැඩි වනු ඇත.

No comments:
Post a Comment