මේ
චිත්‍රපටය මගේ මතකයේ තිබුණෙ ඒකෙ අඩංගු ගීත දෙකක් නිසා. එකක් මගෙ ජීවිතයට
සම්බන්ධ විශේෂ ගීතයක් වන "ek ladki ko dekha toh aisa laga" ගීතය. මම පළමු
වතාවට මගේ බිරිද දැකපු දවසෙ ගෙදර ඇවිත් නැවත නැවතත් ඇය ගැන හිත හිත අහපු
ගීතය තමයි ek ladki ko dekha toh aisa laga. අනෙක් ගීතය Kuch na Kaho ගීතය.
ඒ ගීතයෙ තියෙන ළගන්නාසුළු සුන්දර බව නිසා ඒකට මම හැමදාමත් ආශා කළා.
ඒ ගීත ආදරණීය වුණත් චිත්‍රපටයේ නම A Love Story හෙවත් "එක් ආදර කතාවක්" යන්න වුණත් එක් ආදර කතාවකට වඩා ගීතයේ තියෙන්නෙ ඉන්දියානු නිදහස් සටනේ ඇග කිළිපොලා යන එක්තරා පැතිකඩක්. ඒක මහත්මා ගාන්ධිගේ අවිහිංසාවාදය මුල්කරගත් නිදහස් සටනට වඩා නෑකම් කියන්නෙ Syama Prasad Mukherjee වැනි අයගෙ ආක්‍රමණශීලී නිදහස් සටනට.
සටනකදි එවැනි ආක්‍රමණශීලී බවක් ආවේගයක් අවශ්‍යයි. ඉන්දීය සිනමාව දිගින් දිගටම ඉන්දීය ජනතාවගේ ආවේගශීලී ජාතිකත්වය නැංවීම වෙනුවෙන් සිනමා නිර්මාණ කරල තියෙනවා. කාලයක් තිබුණා ඉන්දීය සිනමාවේ හැම චිත්‍රපටයක්ම පාහේ කොහෙන් හරි ජාතිකත්වයට ගාවපු. මේ චිත්‍රපටය ඒ සිනමා ප්‍රවණතාවයේ උපරිමයෙදි නිර්මාණය වූවක් බව පේනව.
1994දි ඒ කියන්නෙ මීට වසර විසි හයකට උඩදි තිරගත වූ චිත්‍රපටයක් වුණත් ඒ කාලෙ හින්දි චිත්‍රපටවල කොහොමත් දකින්න ලැබෙන විදියෙ යම්කිසි විදියක අතිශයෝක්තිගත බවක් තිබුණත් චිත්‍රපටයක් විදියට නිර්මාණාත්මක ගුණය අඩු නැතිව මෙහිදී හමුවෙනවා. විශේෂයෙන්ම චිත්‍රපයට තුල ආදර කතාවට දෙන සුළු ඉඩ පවා ඉතා ඉහළ නිර්මාණාත්මක ගුණයකින් යුතුව නිමැවී තිබෙනවා.
මම හිතාගෙන හිටියෙ මම මේ චිත්‍රපටය මීට කලින් බලල නෑ කියල. නමුත් අවසාන දර්ශනයේදි මීට කලින් නැරඹුවා වගේ මතකයකුත් ආවා. ඒ බොහෝවිට 1997 වගේ වකවානුවෙදි එවකට MTV (Maharaja Television) ඔස්සේ වෙන්න ඕන.
ඇදිරි නීති සමයේ සිරස පෙන්වන චිත්‍රපට නැවතත් අර ඉස්කෝලෙ ඇරිලා හවසට සිරසෙ යන හිට් ටීවී බලන්න ගෙදරට දුවගෙන ගිහින් අම්මගෙන් බැණුම් අහ අහ හින්දි බලපු ඒ සුන්දර සමයට අපව ගෙනයනවා. ඒ අනුව විකාශය කිරීම සදහා ආකර්ශණීය සිනමා නිර්මාණ විශේෂයෙන් හින්දි සිනමා නිර්මාණ තෝරාගැනීම අතින් සිරසට ළගාවෙන්න පුළුවන් ටෙලිවිෂන් නාලිකාවක් තවමත් ශ්‍රී ලංකාවෙ බිහිවී නැහැ කියන එක බය නැතුව කියන්න පුළුවන්.

No comments:
Post a Comment