මේ තියෙන්නෙ චේතන් භගත්ගෙ පොත් වලින් මම වැඩිම උනන්දුවකින් කියවපු පොත. ඒ උනන්දුව කතාවෙ අවසානය දක්වාම පොඩ්ඩක්වත් අඩු වෙන්නෙ නෑ.
චේතන් භගත්ගෙ Original English Edition එක කියෙව්වත් Dileepa Jayakodyගෙ පරිවර්තනය අනිවාර්යයෙන්ම කියවන්නම ඕන. මොකද ඒ පරිවර්තනයෙ තියෙනව මුල් පොතේ නැති දිලීප ජයකොඩි ලකුණ. එ් ලකුණ හරි රහයි.
චේතන් භගත්ගෙ අනෙක් පොත් වලට වඩා මේක වෙනස්. යම් යම් පැතිවලින් ඉදිරියෙනුත් තියනව. මම කවදත් ආසයි චේතන්ගෙ පොත්වල චරිත අව්‍යාජව විස්තර කරන විදියට. ඒ කියන්නෙ පරමාදර්ශී චරිත නෑ. හැමෝගෙම චරිත ලක්ෂණ වල සුදු කළු දෙපැත්තම ඇඟට පතට නොදැනී පෙන්නන විදිය හරි ආකර්ශනීයයි. ඒ ලක්ෂණය මේ පොතටත් පොදුයි.
තව ගොඩක් හොඳ ලක්ෂණ තියෙනව. එ්ත් ඒව කියවලම දැනගන්න එක තමයි හොඳ. ඒත් මම කියන්නම් මම දැක්ක දුර්වලතා කීපයක්:-
ප්‍රධාන දුර්වලතාවය තමයි අපරාධයක් සම්බන්ධ නීති තත්වය පිළිබඳව දැනුම මදිකම.
1. පශ්චාත් මරණ පරීක්ෂණය
මේක වැඩියෙන්ම පේන්නෙ මරණයට පත්වෙන සාරාගෙ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණයකින් තොරව මුදාහරින තැනදි. ඒක සාමාන්‍යයෙන් ඉන්දියාව වගේ රටක වුණත් වෙන්නෙ නැතිම වැඩක්. විශේෂයෙන්ම කැම්පස් එකක ගැහැණු ළමයෙක් කැම්පස් හොස්ටල් එකේදිම අබිරහස් ලෙස මියයෑම වගේ ඉතාම සැකකටයුතු සිදුවීමකදි ළමයගෙ තාත්තා නෙවේ මහරජ්ජුරුවන් ඇවිත් ඉල්ලුවත් පශ්චාත් මරණ පරීක්ෂණයකින් තොරව මිනිය දෙන්නෙම නෑ. තමන්ගෙ පවුලෙ කවුරුහරි හදිසියේම මැරිල තියෙන ඕනම කෙනෙක් මම මේ කියන කතාවෙ ඇත්ත තත්වය මොකක්ද කියල හොඳටම දන්නව. ඒක මේ කතාවෙ හරයටම බලපාන විදියෙ ලොකු වරදක්.
2. පශ්චාත් මරණ පරීක්ෂණයක් කරල නැත්නම් එතන අදාළ මරණය මිනීමැරුමක්ද නැද්ද කියල තහවුරු කරගන්න තියෙන ප්‍රබලම සාක්ෂිය නැතුව යනව. එතකොට විමර්ශන වලදි මොන මොන දේවල් අනාවරණය වුණත් ඇසින් දුටු සාක්ෂි නැති නඩුවකදි මැරිලාද මරලාද කියලා හරියට තීරණය කරගන්න බැරිවීම නිසා විත්තිකරු නිදහස් වෙනව.
3. අගතා ක්‍රිස්ටිගෙන් ඉල්ලා ගත්තු අන්තිම මීටිම
අගතා ක්‍රිස්ටිගෙ රහස් පරීක්ෂක කතාවල ඔය අන්තිම මීටිම සාමාන්‍ය දෙයක්. ඒ කියන්නෙ විමර්ශකයා හැමෝම රැස්කරවල තමන්ගේ සොයාගැනීම් ගැන කියල අනපේක්ෂිතව අපරාධකරු හෙළිදරව් කරනව. ඒක අහන අපරාධකරු එක්කො පැනල දුවන්න හදනව. නැත්නම් කළකිරිලා තවත් හංගලා පලක් නෑ කියල හිතල මුළු වරදම අර සෙනග ඉස්සරහ පාපෝච්චාරණය කරනව. ඕක චිත්‍රපටිවලයි නවකතා වලයි විතරක් සිදුවන අමු බොරුවක් බවත්, අපරාධකාරයෙක් (විශේෂයෙන්ම මේ කතාවෙ වගේ සැළසුම් සහගත අපරාධකරුවෙක්) කිසිවිටක circumstances හැදුව කියල පාපොච්චාරණය කරන්නෙ නැති බවත් චේතන් භගත් දැකිය යුතුව තිබුණා.
මේ කතාවෙ අපරාධකරු කලබල වෙලා පැනල යන්න හදලා ඊට පස්සෙ පාපොච්චාරණය කරන්න තීරණය කරන අවස්ථාව වනවිටත් ඔහුට එරෙහිව උසාවියකදි ඔප්පු කළ හැකි කරුණු හෙළිදරව් වෙලා නැහැ. ඉතින් මොකටද වරද පිළිගන්නෙ? ඒ තත්වයට මුහුණ දෙන මොළේ කළඳක් තියෙන ඕන කෙනෙක් කරන්නෙ පුළුවන් නම් ඔප්පු කරපන් කියල බලාගෙන ඉන්න එක.
අපරාධ නඩුවක් බිඳහෙලන්න අවශ්‍ය සාධාරණ සැකයන් ගණනාවක් කතාව අවසන් වෙද්දිත් ඉතිරිවෙලා තිබුණා:-
1. පශ්චාත් මරණ පරීක්ෂණයක් නෑ. ඒ කියන්නෙ මේ මරණය මිනීමැරුමක් බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කරල නෑ.
2. ගුවන්තොටුපළ CCTV දර්ශන අපැහැදිලියි.
3. CCTV වලින් මුහුණ හෙළිදරව් වුණත් ඒකෙන් පේන්නෙ අදාළ දවසෙ චූදිත දිල්ලියෙ හිටිය බව පමණයි. ඔහු දිල්ලි අයි.අයි.ටී එක අහළකටවත් ගිය බව ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් නෑ.
4. සැකකරු පොලිස් නිලධාරීන් නොවන හතරදෙනෙක් ඉදිරියේ පාපෝච්චාරණය කරනව. ඒත් ඒ වෙලාවෙ ඔහු නහයෙන් ලේ එන්න පහරදීමට ලක්වෙනව. ඔහුට බොහොම පහසුවෙන් කීවහැකි තමා පාපොච්චාරණය කියල කිව්වෙ ඇත්ත නෙවෙයි, ගුටිකන්න බැරි නිසා එහෙම කිව්ව කියල.
5. කේශප් සහ සව්රබ්ව පොලීසිය මුළදිම මුදාහැරියට අධිකරණය ඉදිරියෙදි විත්තියට අවස්ථාවක් තියෙනව මේක අපරාධයක් නම් ඒක කරන්න මේ දෙන්නටත් අවස්ථාව තිබුණා කියන කරුණ නඩුවෙ හරයටම බලපාන සාධාරණ සැකයක් ලෙස මතුකරන්න.
අපරාධයක් අපරාධ පරීක්ෂකයගෙ හිත ඇතුලෙ විසඳුනාට වැඩක් වෙන්නෙ නෑ. ඒක සාධාරණ සැකයෙන් ඔබ්බට සාක්ෂි මගින් අධිකරණයක් ඉදිරියේ ඔප්පු කළ යුතුයි. එතනදි උපකල්පන සාක්ෂි බවට පත්වෙන්නෙ නෑ. මේ පොතේ කතාව ඉවර වෙනකොටත් එහෙම නඩුවක් ඔප්පු කරන්න පුළුවන් තත්වයක් ඇතිවෙලා තිබුණෙ නෑ.
ඒ හින්ද අපරාධකරු නිදහස් වෙන්න තියෙන ඉඩ වැඩියි.
මම මේ සටහන පටන්ගත්තෙ මේක මම කියවපු චේතන්ගෙ පොත් අතරින් වැඩිම උනන්දුවකින් කියවපු පොත කියල. ඒක ඇත්ත. එ්ත් මම කිව්වෙ නැහැ මේක හොඳම පොත කියල. මට පේන විදියට යථාර්ථවාදීව ගත්තොත් මේක අසාර්ථක කතාවක්.
ඒත් රසවත් බවේනම් කිසිම අඩුවක් නෑ. ඒ කියන්නෙ කතාව අසාර්ථක වුණත් සාර්ථක පොතක්.

No comments:
Post a Comment