නමුත් සැබෑ භෞතිකවාදියා යනු ජීවිතය භෞතිකව
වටහාගන්නා පුද්ගලයා. ඒ පුද්ගලයාට හොඳ දේ යහපත් දේ නරක දෙයින් සහ අයහපත්
දෙයින් වෙන්කරගැනීමට, අපි කරන කියන හැම දෙයක්ම උඩ ඉන්න දෙවියන් විසින් හෝ
කර්මය විසින් බලාගෙන ඉඳලා ලියාගෙන අපිට පොලිත් එක්ක විඳවන්න දෙනවා කියන භය
අවශ්‍ය නෑ.
ඔහු යහපත් දෙයක් කරන්නෙ ඒක හුදෙක් යහපත් වීම නිසා මිස
කිසිම යහපත් කර්ම විපාකයක් සඳහා හෝ සර්ව බලධාරියෙකුගෙන් ලකුණු දමාගැනීම
සඳහා නොවෙයි. ඒ යහපත කිරීම තුල ඔහුගේ සිතේ සතුටක් තෘප්තියක් උපදිනවා. ඒ
සතුට තෘප්තිය ඔහුට ප්‍රමාණවත්.
බුදු දහමෙත් කුසලය කියල සැබැවින්ම
හඳුනාගන්නා සංකල්පය මීට ගොඩක් දුරට සමානයි. එතනදි යම් යහපත් කර්ම විපාකයක්
හෝ සර්ව බලධාරියෙකුගේ ප්‍රසාදයක් ආශිර්වාදයක් අපේක්ෂාවකින් තොරව කෙනෙක්
යහපත් දෙයක් සිදුකරන්නේද එයින් උපදින සතුට කුසලය කියනවා.
ඒ වගේම
තමයි අයහපත් දෙයින් සහ වැරදි දෙයින් වැලකීම. වරදක් සිදුනොකළ යුත්තේ හුදෙක්
එය වරදක් නිසා මිස කිසිවෙකුට හෝ විපාකයකට බයෙන් නොවන්නේ නම් එය අවබෝධය
තුලින් වරදින් වැලකීමක් වෙනවා. එයයි භෞතිකවාදීන්ටත් වඩා සමස්ථ ලෝකවාසීන්
වටහාගත යුතු ප්‍රධාන දේ.
මේ අතර අර මුලින් කියපු භෞතිකවාදීන්ට අවලාද
නගන අය අඩුම ගානෙ සර්ව බලධාරියෙකුට හෝ කර්ම විපාකයකට බයෙන් යහපත් දේ කරනවද
අයහපත් දෙයාන් වලකිනවද කියන අතිශය වලංගු ප්‍රශ්නය පැන නගිනවා.
ආගම්වාදීන් බොහෝ විට ආගමික ඉගැන්වීම් පසෙක තිබියදී ආගම සංස්ථාවක් කොටගෙන එය
රැකියයුතු දේපලක් ලෙස සළකා එය රැකීමේ අරමුණින් ආගමේ මූලික ඉගැන්වීම්
නොසළකා කටයුතු කරනවා. එවිට කර්මයට හෝ සර්ව බලධාරියෙකුට භයක් තිබුණත් නැතත්
එය නොසළකා වැරදි දෙය කරන යහපත් දෙය කිරීමෙන් වලකින ඒ පිරිස ප්‍රකාශිත
භෞතිකවාදීන්ටත් වඩා උග්‍ර භෞතිකවාදී පිරිසක් වෙනවා. මොකද ඔවුන් ආගමිකයින්
යැයි කියාගත්තත් කෙළින්ම ආගමික ඉගැන්වීම නොසළකා කටයුතු කරන පිරිසක්.
අනික් පිරිස ආගම් විකුණාගෙන කන උදවිය. ආගමික හෝ විඥානවාදී වෙනත් විශ්වාස,
ඒවා පිළිබඳව සාමාන්‍ය ජනතාව තුල ඇති භය විකුණමින් මේ පිරිස ජීවිකාව
හොයාගන්නවා. දෙවියන් වෙනුවෙන් යැය කියමින් අසරණ මිනිසුන්ගෙන් එකතු කරන
පඬුරු පාක්කුඩම් දාන මාන ආදියෙන් අති සුඛෝපභෝගී ජීවිත ගතකරනවා. ඒ හරහා
ගොඩනැගෙන ආගමික සංස්ථාවේ පැවැත්ම තියන තුරු පමණයි මෙවැනි වංචාකාරයින්ට
පැවැත්මක් තියෙන්නෙ. එබැවින් ඒ ආගමික සංස්ථාව රැකගැනීම සඳහා යැයි කියමින්
මේ පිරිස නොකරන ජරා වැඩක් නැහැ.
එතකොට ඇත්තටම භෞතිකවාදීන් කවුද?
සමාජයට ආගමිකයන් ලෙස පෙන්වා සිටිමින් ඇතැම් කාරණා භෞතිකවාදී ලෙස
අභ්‍යන්තරව විසඳාගෙන සාධාරණීකරණය කරගෙන සමාජයේ අයහපතට කටයුතු කරන්නේ කවුද?
ඔවුන් තමයි උග්‍ර ආගම්වාදීන්. එතැනදි උග්‍ර ආගම්වාදීන් = උග්‍ර භෞතිකවාදීන්
වෙනවා.
නමුත් මේ කතාව විවෘත මනසකින් අසන්න උග්‍ර නොවන මධ්‍යම
ප්‍රමාණයේ ආගමිකයන් සූදානම් නැහැ. මන්ද අර මුලින් කිව්ව ආගමික සංස්ථාවේ
ආරක්ෂාව සඳහා ආගමික සංස්ථා වල උඩින්ම ඉන්න උග්‍ර භෞතිකවාදීන් විසින් මතයක්
ඇතිකරලා තියනවා ආගම් ප්‍රශ්න නොකළයුතු බවට, ඒවා තර්කානුකූලව විග්‍රහ
කරගැනීමට නොයා යුතු බවට සහ එය පාපයක් බවට.
ඉතින් මධ්‍යස්ථ මතධාරී
ආගමිකයන් අර උග්‍ර ආගමික භෞතිකවාදීන් කියන දේ විශ්වාස කරලා තත්‍ය
භෞතිකවාදීන් ඉදිරිපත් කරන සෑම මතයක් දිහාම බලන්නෙ එක්තරා අවඥාවකින්
සැකයකින්. ඒක කණගාටුවට කරුණක්.
No comments:
Post a Comment