චරිතය නිරූපණය කළේ ශ්‍රියන්ත
මෙන්ඩිස්. ඇත්තටම මේ කතාවෙ එන දුෂ්ටයාගෙ චරිතය. ඒත් ඒ චරිතයට ආරෝපණය වෙලා
තිබුණ පෞරුෂය, ප්‍රභාව අද්විතීය එකක්. ඕනෑම කෙනෙකුව බැල්මෙන් පවා දමනය කළ
හැකි පෞරුෂයක් දඬුබස්නාමානයේ ආරච්චිට තිබුණ. අදටත් දඬුබස්නාමානය කියද්දි, ඒ
මියුසික් එක ඇහෙද්දි මුලින්ම හිතට එන්නෙ ආරච්චි රවාගෙන ඉන්න මූණ. ඒ තරමට ඒ
චරිතය හිතට කාවැදිල තියනව.
09. මල්දෙණිය - කූඹියෝ
මල්දෙණිය
කූඹියෝහි ලොකු චරිතයක් වුණාට ටෙලිනාට්යය් සැබැවින්ම රංගනයෙන් දායක වන
කොටස් ගණන අඩුයි. මම මල්දෙණියට කැමති ජාතික මට්ටමක දේශපාලනඥයෙකුගෙ තිබිය
යුතු සංයමය ඒ චරිතය දැකපු සීමිත අවස්ථා ගණනෙදි මම මල්දෙණිය තුලින් දැකපු
නිසා. මල්දෙණිය අනතිමට ජෙහාන්ට වෙට්ටු දාන්න ගිහින් ඇණගන්නව ඇති. ඒත්
මල්දෙණිය දකින වාරයක් පාසා සැබෑ ජීවිතයෙදි අපි දකින ව්‍යාජ ප්රභාවක්
ආරෝපණය කරගත්තු දේශපාලනඥයන්ට වඩා ඉවසිලිවන්ත, නිවුණු, සරළ, ගැඹුරක් ඇති බව
පෙනෙන මල්දෙණියට මම ආස කළා.
08. ගාමිණියා - ඉන්ගම්මාරුව
ගාමිණියා බැලු බැල්මට පාදඩයෙක් වුණාට නරක මිනිහෙක් නෙමෙයි. ගාමිණියා තුලින්
නිරූපණය වුණේ දුගී දුප්පත්කමින් බැටකාපු පීඩිත, නූගත් ඒත් ඇතුලාන්තයෙන්
අහිංසක, සමාජ ක්රමයේ වරදින් පාදඩකරණයට ලක්වුණ බහුතරයක් ශ්‍රී ලාංකීය
තරුණයන්ගෙ කතාව.
07. මිස්ටර් දියබත්තුවේගම
දියබත්තුවේගම
කියන්නෙ හේමසිරි ලියනගේ නිරූපණය කරපු චරිත වලින් මම දැකපු සාර්ථකම චරිතයක්.
කොමිස්, පගා ජීවිකාව කරගත්තු ලොක්කන්ට මුට්ටි අල්ලලා වැජබෙන රාජ්‍ය
සේවකයෙක් තමයි දියබත්තුවේගම. වාසියට පාට වෙනස් කරන්න ඔහුට යන්නෙ එක
මොහොතයි. වර්තමාන ශ්‍රී ලංකාවෙ සමාජ ක්රමයේ නොනැසී ඉන්න සමත් වෙන්නෙ
දියබත්තුවේගමල වගේ මිනිස්සු.
06. අඩප්පරයා - ඇත්කඳ ලිහිණියා
අඩප්පරයා පෙන්නන්නෙ අපේ සමාජයේ එක්තරා පුස්කාපු තැනක්. පීඩිතයන් අතර
ඉපදිලා තමන්ට බලපුළුවන්කාරයන්ගෙන් ලැබෙන කටු සූප්පු කරමින් තමන්ගෙම උන්ට වල
කපන ජාතියෙ අන්තිම ජරා පැවැත්මක් අඩප්පරයට තිබ්බෙ. කේලම් කීම, ලොක්කන්ගෙ
මතවාද සමාජයේ ප්‍රසිද්ධ කිරීම, ඒ වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටීම වගේ
සට්ටඹි වැඩ වලට අඩප්පරයා හැමවෙලාවෙම සැදී පැහැදී ඉන්නව.
05. සේදිරිස් - සූරිය අරණ
ජැක්සන්ගෙ හොඳම නිරූපණය මේක කියල මම කියන්නෙ නෑ. ඒක මතකයේ රැදෙන්න හේතුව
දුෂ්ඨයි කියලා සමාජය පැත්තකට කරන මිනිස්සුන්ටත් කතාවක් තියන බව සේදිරිස්
ප්‍රකාශ කරන අපූරු ආකාරය. එක තැනක කියනවා මෙහෙම:-
"මගෙ මේ ගාතෙ ගිහින් දීපියව් අහවලුන්ට, මේ ගාතෙ ගිහින් දීපියව් තොපේ හාමුදුරුවන්ට. ඉතුරු ටික...ඉතුරු ටික තොපි කාපියව්"
04. ස්ටැන්ලි - මචං
ඒ චරිතය කොච්චර වැදුණද කියනවනම් අදටත් ධර්මප්‍රිය ඩයස් මොන නිර්මාණයක
දැක්කත් මට මුලින් ස්ටැන්ලි පෙනිලා තමයි ඊළඟට ඒ චරිතයේ පුද්ගලයා පේන්නෙ.
ස්ටැන්ලි කියන්නෙ මචං එකේ එන පැයක් වුණත් වතුර නොබී කතා කරන්න පුළුවන්
අනික් චරිත ඔක්කොම එකට බැඳෙන රන් හුය කීවොත් නිවැරදියි.
03. ඉස්කෝලෙ මහත්තයා - සරෝජා
ජනක කුඹුකගේ කියන අපි නිතර දකින නළුවගේ නිතර නොදකින ප්‍රභාව එළියට ආවෙ මේ
චරිතයෙන්. සංවේදී හිතක් ඇති මෝඩයෙකුත් නොවන ඕනෑම මිනිසෙක් ඒ වගේ තත්වයකට
මුහුණ දුන්නොත් හිත වැඩ කරන ආකාරය ඒ චරිතයෙන් හරිම ලස්සනට පෙන්නල තියනව.
මුලදි එන ආවේගය, අවිශ්වාසය වගේම පස්සෙ එන සන්සුන් බව, අවබෝධය, නිවුණු
මානුෂික ගුණාංග ආදී සියල්ල එතන තිබුණා.
02. හබරා - අබා
ආචාර්ය සෞම්‍ය ලියනගේගෙ තවත් අති විශිෂ්ට රංගනයක්. ජැක්සන් ඇන්තනි කිව්වෙ
අබා කියන්නෙ රජුන් තනන මිනිසුන්ගේ කතා කියල. ඒකෙ ඉන්න අංක එකේ රජුන් තනන
මිනිහා තමයි හබරා. රජුන් තනනවට මම පෞද්ගලිකට එකඟ නෑ. මම කැමති ඊට වඩා හොඳ
ක්‍රමවේදයක් හදන්න. ඒත් එදා මෙදා තුර ලෝකයේ අරගල වලදි සැබෑ දහඩිය ලේ
කඳුළු හලපු නම නොකියවෙන සාමාන්‍ය මිනිහා තමයි හබරා. ඒ චරිතය අමුතු එකක්
වුණාට ඒකට ආවේණික ප්රභාවක් ජැක්සන් ඇන්තනි දීල තිබ්බ.
මේක ගොඩ දෙනෙකුගෙ තේරීම වෙන්න ඇති. හැමෝම ආසයි හැමෝටම ජෙහාන්ට වගේ ලෝකය
අමුතුම කෝණෙකින් පේනවනම්. ඇත්ත එහෙම නොපෙනෙනව නෙමෙයි. මිනිස්සු එහෙම බලන්න
ලෑස්ති නෑ. ලෝකෙ මිනිස්සු තම තමන්ට ලොක්කො හදල දීපු පොඩි පොඩි රේස් වල
හැල්මෙ දුවද්දි ඒ හැමෝම දිහා සමච්චල් සහගත හිනාවකින් බලාගෙන තමන්ගෙ ගමන
තමන්ගෙ සැළසුමේ හැටියට යන මිනිහෙක් ජෙහාන්ගෙන් පේනව. අපි ජෙහාන්ට බැඳෙන්නෙ
ඒකයි. ඒත් ලස්සන වැඩේ අන්තිමට බලද්දි ජෙහාන්වත් පාලක පැලැන්තිය බොහොම
කාලෙකට ඉස්සර සල්ලි දීල අරං.
No comments:
Post a Comment