යම් බලවේගයක් විනාශ කිරීම හෝ දියකර හැරීම එයට පිටින් සිට විවේචනය කරන්නාට වඩා එය ඇතුලත සිටින්නෙකුට ඉතාම පහසුය. ඔහු එම බලවේගයට නායකත්වය දෙන්නා වශයෙන් අනෙකුත් සටන් සගයන් පිලිගන්නේනම් එය තවදුරටත් පහසු කාර්යයක් බවට පත්වේ. ඒ සදහා ක්‍රියාත්මක වන අභ්‍යන්තර ගේම්කරුවන්/ දියකර හරින්නන් සාමාන්‍යයෙන් පහත ක්‍රියාමාර්ග අනුගමනය කරති:-
1. විනාශ කළ යුතු හෝ දියකර දැමිය යුතු බලවේගය හදුනාගැනීම.
2. එයට සහයෝගය දක්වන්නෙකු සේ පෙනී සිටිමින් එයට ඇතුලත්වීම/ හැකිනම් එයට නායකත්වය දීම.
3. බලවේගයේ දිශානතිය ක්‍රම ක්‍රමයෙන් ඵල රහිත ගමනාන්තයක් (dead end) දක්වා උපක්‍රමශීලීව වෙනස් කිරීම.
4. එසේත් නැත්නම් බලවේගය තුලට ව්‍යාජ කරුණු හෝ ව්‍යාජ ආකර්ෂණීය සරුවපිත්තල විජ්ජා එන්නත් කොට එයට කෘතීමව පිම්බීමක් ලබාදීම.
5. කෘතීම පිම්බීම දරාගත නොහැකිව බලවේගය පුපුරා යන තැනට පත්කිරීම.
6. පුපුරා යාමෙන් පසු ස්වභාවිකවම දියවී යන බලවේගය දෙස බලමින් කිඹුල් කඳුළු හෙලීම.
7. තම භූමිකාව හෙළිදරව් වීමට පෙර දියකර හැරිය යුතු ඊළග බලවේගය වෙත වහාම පිවිසීම.
බලවේගයට ප්‍රධාන ගාමක බලය සපයන්නා ලෙස පෙනී සිටීම දියකරහරින්නන්ගේ සාමාන්‍ය පිළිවෙතයි. එවිට යටත් පිරිසෙයින් ඔහු සමග බලවේගය තුල සටන් සගයන්ට හෝ ඔහු දියකර හරින්නෙකැයි යන සැකය උද්ගත වන්නේ නැත. දියකරහැරියේ ඔහුයැයි විශ්වාස කිරීම තරයේ ප්‍රතික්ෂේප කරන්නන්ගේ සංඛ්‍යාව වැඩිවන තරමට දියකර හැරීමේ සාර්ථකත්වය මැනිය හැකිය. එකම බලවේගයේ සටන් නැවත නැවතත් දියකරහැරීමට මැදිහත් වීමටද හැකිය. ඉතා ඉහළ මුදල්මය හෝ වෙනත් ගාස්තුවක්ද අයකළ හැකිය.
ඔහු දියකරහරින්නෙකු බවට හදුනාගන්නේ දියකරහැරීම සදහා ඔහුව යොදවන අය සහ සිද්ධියට සම්පූර්ණයෙන්ම පරිබාහිරව සිටිමින්, යම් බලවේගයක් පැවැති බවත්, එයට අසවලා මැදිහත් වී ව්‍යාජ පිම්බීමක් ඇතිකළ බවත්, ඉන්පසු බලවේගය පුපුරා ගිය බවත්, දැන් කිසිවක් නැති බවත්, බලවේගය නැවත එසැවිය නොහැකි හෝ එසැවීම ඉතාම අපහසු ලෙස හාන්සි වී ඇති බවත්, එහි කේන්ද්‍රය අසවලා බවත් විමර්ශනශීලීව නිරීක්ෂණය කරන්නෙකුට පමණි.
ප.ලි - මෙය ටෙලිනාට්‍යයක හෝ චිත්රපටියක හෝ නවකතාවක තේමාවකට ඉතා සුදුසු සංකල්පයකැයි සිතමි. තත්කාලීන සිදුවීම් වලට ආදේශ කිරීමේ හෝ නොකිරීමේ අයිතිය කියවන්නා සතුය.

No comments:
Post a Comment