කියුබාව සැලකෙන්නේ නිරන්තරයෙන් අමෙරිකා
එක්සත් ජනපදයත් සමග එදිරිවාදී පිළිවෙතක සිටින රාජ්‍යයක් ලෙසය. එය කියුබාවේ
එදිරිවාදීත්වයක්ම නොව ඇමෙරිකා එක්සත් ජනපදයේ දහසකුත් එකක් කෙණෙහෙලිකම් වලට
ක්වනු ලබන කෝපාන්විත ප්‍රතිචාරයක් ලෙසද ගත හැකි වේ.
කියුබාව
ශ්‍රේෂ්ඨ රාජ්‍යයක් බවට පත්කළ අසහාය නායකයා ෆිදෙස් කස්ත්‍රෝ ගේ ජීවිත කතාව
රචනා කරන ලද්දේ ඉග්නාෂියෝ රැමෝනේ විසිනි. මගේ ජීවිතය - ෆිදෙස් කස්ත්‍රෝ
(My Life - Fidel Castro) නමින් පළවූ එම කෘතිය රැමෝනේ විසින් විප්ලවීය
නායකයා සමග පැය සියයකට අධික කාලයක් ගතකොට සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවක
ප්‍රතිඵලයකි. එම කෘතිය සදහා ෆිදෙල් සමග පැය සියයක් මැයෙන් ඉග්නාෂියෝ රැමොනේ
විසින් පෙරවදනක් ලියයි. එම පෙරවදන ආරම්භ වන්නේ ෆිදෙස් කස්ත්‍රෝගේ පෞද්ගලික
කාර්යාල කාමරයේ ඇති බඩු මුට්ටු පිළිබදව හැදින්වීමකි. එහි ඇති ආලේඛ්‍ය
චිත්‍ර හා ප්‍රතිමා අතර හිටපු අමෙරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ගේ උඩුකය
ප්‍රතිමාවක්ද තිබෙන බව රැමෝනේ සදහන් කරයි.
තම
දිගුකාලීන පසමිතුරු රටේ සම්භාවනාවට පාත්‍ර වූ ජනාධිපතිවරයෙකු එනම්
න්‍යායිකව ගත්කල තම රටේ සතුරෙකුගේ ප්‍රතිමාවක් ෆිදෙස් කැස්ත්‍රෝ වැනි
විප්ලවීය නායකයෙකුගේ පුද්ගලික කාර්යාල කාමරයේ තිබීම කෙනෙකුට පුදුමයට කරුණක්
විය හැකිය. එයට හේතු පැහැදිලි නැත. ෆිදෙල් කැස්ත්‍රෝ තම සතුරු රාජ්‍යයේ
වුවද බිහිවූ ශ්‍රේෂ්ඨ නායකයෙකු කෙරෙහි ගෞරවාන්විත වීමට තරම් විවෘත මනසක්
ඇත්තෙකු වීම එයට හේතුව යැයි අනුමාන කරමු. නමුත් විසිවන සියවසෙන් භාගයකට
ආසන්න කාලයක් තිස්සේ ධනේශ්වර ලෝකයේ කෙණෙහෙලිකම් සහ අරියාදු වලට නොසැලී
මුහුණ දුන් ෆිදෙල් කස්ත්‍රෝ වැන්නෙකුගේ ගෞරවය පාත්‍ර වීම ලෙහෙසි පහසු
කාරියක් නොවේ. එයින් පෙනී යන්නේ ඒබ්‍රහම් ලින්කන්ගේ චරිතයේ ඇති
සුවිශේෂීත්වයයි.
එම
සුවිශේෂී රාජ්‍ය නායකයා වර්ෂ 1865 අප්‍රේල් මස 15 වැනිදා අවසන් හුස්ම
හෙළුවේය. ඒ ඊට පෙර දින එනම් 1865 අප්‍රේල් 15 වැනිදා සන්ද්‍යාවේදී
වොෂින්ටන්හි නෘත්‍ය ශාලාවක විශේෂ අමුත්තන්ගේ කුටියේදී ජෝන් විල්ක්ස් බූත්
නමැත්තෙකු විසින් හිසේ පිටුපසට තබන ලද වෙඩි පහරක් හේතුවෙනි. ජනාධිපතිවරයාගේ
හිසේ පිටුපසින් ඇතුළු වූ වෙඩි උණ්ඩය හිස තුලට අගල් පහක දුරක් ගමන්කොට
තිබුණි. වෙඩි පහරින් සිහි විසඥ වූ ඔහු ට පැය 9කට පසු නැවත සිහි නොලබාම
වෙඩිපහරට ලක්වූ නෘත්‍ය ශාලාව ඉදිරිපිට වූ නිවෙසක සයනයක් මතදී අවසන් හුස්ම
හෙළුවේය.
ජනාධිපතිවරයාගේ
ඝාතනයත් සමග එම සිදුවීමට ලැබෙන උද්දීපනය හමුවේ සිද්ධීයට අදාළ සමස්ථ
සිදුවීම් දාමය පිළිබදව අවධානය නිරුත්සාහකවම අඩුවෙයි. එසේ වුවද එදින සැළැස්ම
වූයේ හුදෙක් ජනාධිපතිවරයා ඝාතනය කිරීම පමණක් නොව උප ජනාධිපතිවරයා සහ
රාජ්‍ය ලේකම් වරයාද ඝාතනය කිරීමෙන් සමස්ථ රාජ්‍ය තන්ත්‍රයම අකර්මණ්‍ය
කිරීමය. එවැනි දැඩි වෛරයක් පාලන තන්ත්‍රය කෙරෙහි ඇති වීමට හේතුව කුමක්ද?
එයට විවිධ පුද්ගලයන් විවිධ මතවාද ඉදිරිපත් කරනු දැකිය හැකිය. නමුත් වැඩි
වශයෙන්ම කතාබහට ලක්වන හේතුව වන්නේ ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා විසින්
හදුන්වාදෙන ලද නව සංශෝධන එක්සත් ජනපදයේ දකුණුදිග ජනපද වල ක්‍රියාකාරීන්ගේ
නොසතුටට හේතු වීම වේ.
අමෙරිකාව
විශාල වශයෙන් වර්ණ භේදවාදය පැවැති රටකි. සුදු ජාතිකයන්ගේ දේපල වශයෙන් කළු
ජාතික වහලුන් සැලකුණි. වහලුන් නොවන කළු ජාතිකයින් පවා සැලකුණේ රටේ පළමු
පන්තියේ පුරවැසියන් වූ සුදු ජාතිකයන්ගේ ප්‍රමුඛතාවයට යටත්ව ඔවුන්ගේ සතුටට
හානි නොවන පරිදි ඊට යටින් ජීවත් වූ නොවැදගත් ජන කොටසක් වශයෙනි. එවන්
රාජ්‍යයක් විසි එක්වන සියවස වන විට කළු ජාතික ජනාධිපතිවරයෙකු යටතේ පාලනය වන
තත්වයට පත්වීම සැබැවින්ම උඩු යටිකුරු වීමකි. එම උඩු යටිකුරු වීම සාධනීය
බවට තර්කයක් නොමැත. නමුත් වහලුන් දේපලක් ලෙස සැලකුණු යුගයක වහලුන්ට නිදහස
හා සම තත්වය ලබාදීමෙන් වහලුන්ගේ ප්‍රමාණයෙන් වත්පොහොසත්කම තබාගත් බොහෝ සුදු
ජාතිකයින් බංකොලොත් භාවයට පත්වූහ. ගව පට්ටි මෙන් වහලුන් බිහි කර අලෙවි
කිරීම සිදුකල වහල් ගොවිපළවල් සම්පූර්ණයෙන්ම වැසී ගියේය. ඒබ්‍රහම් ලින්කන්
එම උඩු යටිකුරු කරවීමේ පුරෝගාමියෙකි. ඔහු වරප්‍රසාද තවදුරටත් පවත්වාගැනීම
අවශ්‍ය ලෙස සැළකූ සුදු ජාතිකයන්ගේ දැඩි වෛරයට ඉලක්ක විය.
පළමුව
පැහැර ගැනීමක් සදහා වන සැළසුම අතරමැදදී ඝාතන සැළසුමක් බවට පත්වූ බව කියනු
ලැබේ. එහිදී සැළසුම ප්‍රකාරව කටයුතු කරන්නේ ජනාධිපතිවරයා ඝාතනය කිරීම තමාටම
පවරාගත් බූත් සහ රාජ්‍ය ලේකම්වරයා ඝාතනය කිරීම භාරගත් තැනැත්තා පමණි. කෙසේ
වෙතත් පිහි ඇණුම් රාශියකට ගොදුරු වන රාජ්‍ය ලේකම්වරයාද දිවි ගලවා ගැනීමට
සමත් වෙයි. සාර්ථකව ජනාධිපතිවරයා ඝාතනය කරන බූත් වොෂින්ටනයෙන් පලා ගොස්
වර්ජිනියාවට ළගා වීමට සමත් වන නමුත් ලින්කන් ජනාධිපතිවරයා ඝාතනය කිරීමෙන්
පසු ජනාධිපතිවරයා රැදී සිටි විශේෂ අමුත්තන්ගේ කුටියේ සිට නෘත්‍ය ශාලාවේ
වේදිකාව මතට පැනීමේදී ඔහුගේ පාදය බිදී යාම හේතුවෙන් අපේක්ෂා කළ ආකාරයට පළා
යාම සම්පූර්ණ කරගැනීමට බූත් අසමත් වෙයි. කෙසේ වෙතත් ජීවග්‍රහයෙන් යටත් වීම
ප්‍රතික්ශේප කරන ඔහු පොලිස් වෙඩි පහරින් මිය යයි.
ලින්කන්
ජනාධිපතිවරයාගේ ඝාතනයෙන් සති 10කට පසු ඇමෙරිකානු සිවිල් යුද්ධයෙන් රජයේ
පාර්ශවය ජයග්‍රහණය කරයි. ලින්කන් ඝාතනය රාජ්‍ය ලේකම් මරා දැමීමට තැත්කිරීම
ජනාධිපතිවරයා උප ජනාධිපතිවරයා සහ රාජ්‍ය ලේකම් පැහැර ගැනීමට හා මරා දැමීමට
කුමන්ත්‍රණය කිරීමේ චෝදනා යටතේ කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකුට මරණ දඩුවම
නියම වන අතර තවත් පුද්ගලයන් ගණනාවකට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වේ.
සිද්ධිය
ඒ ආකාරයෙන් විසදුනද සමස්ථ ලින්කන් ඝාතන ක්‍රියා දාමයේම හරි හැටි පැහැදිලි
කළ නොහැකි අබිරහස් ස්ථාන අදටත් හිග නොවේ. ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ
මත ඉදිරිපත් කරති.
මෙම සිදුවීම අලලා පොත් ගණනාවක් රචනා වී ඇත. එමෙන්ම චිත්‍රපට ගණනාවක්ද නිෂ්පාදනය කෙරුණි. එම චිත්‍රපට අතරින් වාර්තාමය චිත්‍රපටය ලින්කන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හොද මූලික අවබෝධයක් ලබාගැනීමට අපේක්ෂා කරන්නෙකුට ඉතා වැදගත් වනු ඇති සිනමා නිර්මාණයකි.
මෙම සිදුවීම අලලා පොත් ගණනාවක් රචනා වී ඇත. එමෙන්ම චිත්‍රපට ගණනාවක්ද නිෂ්පාදනය කෙරුණි. එම චිත්‍රපට අතරින් වාර්තාමය චිත්‍රපටය ලින්කන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හොද මූලික අවබෝධයක් ලබාගැනීමට අපේක්ෂා කරන්නෙකුට ඉතා වැදගත් වනු ඇති සිනමා නිර්මාණයකි.
No comments:
Post a Comment