වැඩසටහන ඉවර වෙන්න ළංවුණාම නිවේදකයාට පොඩි කැසිල්ලක් ආවා. ඒ පසුගියදා රවුෆ් හකීම් හිටපු අමාත්‍යවරයා කොරෝනා රෝගයෙන් මියයන අයගේ අවසාන කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට හාමුදුරුවන් ලවා බැන්නවීමේ කැසිල්ලක්.
පළවෙනි පාර මුට්ටිය දාල බැලුවා. හාමුදුරුවන්ගෙ පිළිතුර වුණේ මේක:-
"මොන ආගමක වුණත් ආගමේ නාමයෙන් මෝඩ වැඩ කරනවනම් ඒ ආගමේ ශාස්තෘවරයාට ඊට වඩා අපහාස කළ හැකි විදියක් මා දන්නේ නෑ. මට ඒ ගැන කියන්නට තිබෙන්නේ එපමණයි"
නිවේදකයට ඒක ටිකක් සැර මදි වගේ. හාමුදුරුවෝ ලව්වා හකීම්ට හොඳවයි දෙකක් කියවලා මිසක් වැඩසටහන ඉවර කරන්න හිතක් නෑ වගේ. පොර ආයෙමත් ඒකට ආරළු බූරළු දාලා මිත්‍යා දෘෂ්ටිය වගේ වචනත් දාලා පුළුවන් විදියට බැණලා බැණලා ගින්න පත්තු කරලා හාමුදුරුවන්ගෙන් ආයෙත් අර ප්‍රශ්නයම ඇහුවා. අඩුම ගානෙ ඔව් කියන වචනය හාමුදුරුවන්ගෙන් ගන්න.
හාමුදුරුවෝ දුන්නෙ පෙර පිළිතුරමයි. ඊට වැඩිය එක වචනයක්වත් හාමුදුරුවන්ගෙන් ගන්න ඒ නිවේදකයා අසමත් වුණා.
ඔහුට ඒක හිතාගන්නත් බැරි ගාණයි. එක්කෝ හාමුදුරුවන් තව යමක් කියාවි කියලා එහෙමත් නැත්නම් මොකද කරන්නෙ කියල හිතාගන්න බැරුව ඔහු තත්පර දහයක් විතර නිහඬව හිටියා. නමුත් හාමුදුරුවෝ තව වචනයක් වත් කීවේ නෑ.
අවසානයේ තමන් ආසා පිළිතුර ගන්නෙ නැතුව ස්වාමීන් වහන්සේට පින් දීලා වැඩසටහනට අවසන් කරන්න ඩ්රැකියුලා නිවේදකතුමාට සිද්ධ වුණා.
ඒ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය සමග දීර්ඝායුෂ ලැබේවා! පෙට්රල් කෑන් එකයි පන්දමයි අතේ අරන් ගිනිතියන්න බලා ඉන්න සංඝ ප්‍රතිරූපක චීවරධාරීන්ට ඔබතුමන් මහත් ආදර්ශයක්.

No comments:
Post a Comment