සාමයෙන් සමාදානයෙන් පිරි ලෝකයක් සියලු දෙනා සියලු කාරණා සම්බන්ධයෙන්
එකිනෙකා සමග එකගව කටයුතු කරන ලෝකයක්ද? සමහරවිට වෙන්නට ඇත. නමුත් එය එක
කණුවක එක වැලට බැදි මීහරකුන් රංචුවකින් වෙනස් වනු ඇත්තේ යන්තමිනි. මන්ද
සියලු දෙනාම පොදුවේ එකග වී හෝ එකගවන ලෙසට බලකෙරී එක කණුව වටාම කරකැවෙන කළ
එතැනින් එහා කුමක් තිබෙන්නේදැයි කිසිවකුගේ අවධානයට ලක් නොවෙයි.
වෙනස් මතයක් ඉදිරිපත් කරන්නා ප්‍රතික්ශේප කිරීම ගර්හාවට ලක්කිරීම මානව ඉතිහාසයේ මූලාරම්භයේ සිටම මිනිසා සතුවූ දුර්වලතාවයකි.
1. සිදුහත් බෝසතාණන් වහන්සේ අත්තඛිලමතානුයෝගය හා කාමසුඛල්ලිකානු යෝගය
බැහැර කර මැදුම් පිළිවෙලට පිවිසුණු කළ පස්වග තවුසෝ උන්වහන්සේ හැර ගියහ.
2. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව කුරුසයේ තබා ඇණ ගැසූහ.
3. මහම්මත් නබිනායක තුමන් මක්කාවේ සිට මදීනාවට පිටුවහල් කර දැමූහ.
4. සූර්යයා පෘතුවිය වටා කරකැවෙනවා නොව සැබෑවට සිදුවන්නේ පෘතුවිය සූර්යයා
වටා කරකැවීම යැයි කී ගැලීලියෝ ගැලීලි පල්ලියේ මැදිහත් වීමෙන් වධ බන්ධනයට
ලක්කලහ.
ඒ දන්නා අසා ඇති ලෝක ඉතිහාසයෙන් බිදකි.
ඊට අමතරව:-
- මුලින්ම ලිංගිකව හැසිරීමට ආ එකා ගසා දමා විරුද්ධ ලිංගිකයා දිව යන්නට ඇත. පෙරකී එකා සපා කන්නට ඇත. සමහර විට මරා දමන්නටත් ඇත.
- අද නිරුවතින් යන්නෙකුට හූ කිව්වද බොහෝවිට එකළ සිටි සම්මුතිවාදීන් මුළින්ම ඇදුමක් ඇදි එකාටද හූ කියන්නට ඇත.
ලොව අද ඇති මානව නිර්මාණයක් වූ සෑම නිර්මිතයක් සමගම සෑම සංකල්පයක්
මතවාදයක් ආගමක් සමගම විසම්මුතියේ අගය වෙන්කළ නොහැකි ලෙස බැදී තිබේ. ලෝකයේ
ප්‍රගමණයට හේතු වූ හෝ ලෝකයේ දිශානතිය වෙනස් කළ සෑම දෙයක්ම පාහේ එතෙක්
කාරණා කටයුතු කරගෙන ආ ආකාරයට වෙනස් අන්දමින් යමෙකු පහළ කළ සිතුවිල්ලක
ප්‍රතිඵලයක් වේ.
යම් සංසිද්ධියක් පිළිබදව මත කිහිපයක් ඉදිරිපත්
වීමේ වටිනාකම කියා නිමකළ නොහැක. මට නොපෙනෙන දේ තවත් කෙනෙකුට පෙනිය හැක. ඒ
තැනැත්තාට නොපෙනෙන දේ මට පෙනිය හැක. අප දෙදෙනාටම පෙනෙන දේට වෙනස් දෙයක්
තුන්වැන්නෙකුට පෙනිය හැක. අදාළ සංසිද්ධිය පිළිබදව පැහැදිලි නිගමනයක්
ලබාගැනීමට එම කෝණයන් තුනම වැදගත් නොවන්නේද?
ඊට අමතර තවත් කෝණයකින්
ගැටලුව විග්රහ කළ හැකිනම් මුල් තිදෙනාගේ සංවර්ධනාත්මක ඉදිරිගාමී
ප්‍රතිචාරය විය යුත්තේ ඒ සිව්වැනි කෝණයේ අදහසද කුමක්දැයි විමසා බැලීමයි.
විමසා නොබැලුවද යටත් පිරිසෙයින් එය ප්‍රකාශ වන්නට ඉඩහැරීමයි.
එබැවින් වෙනස් යමක් ලෝකයට සමාජයට ඉදිරිපත් කරන්නා සමාජ ප්‍රගමණයට දායක
වන්නෙකි. විසම්මුතියේ අගය කියා නිමකළ නොහැකි එකකි. සම්මුතික සංවාද හැර
වෙනස් මත විවිධ අදහස් ඉවසීමට, සවන්දීමට, සළකා බැලීමට සහ ඉන්පසුව එය
පිළිගැනීමට හෝ ආචාරශීලීව ප්‍රතික්ශේප කිරීමට ක්රමාණුකූලව එම
ප්‍රතික්ශේප කිරීමට හේතු දැක්වීමට මෙන්ම ඊටත් විකල්ප මතයක් ඉදිරිපත්
කිරීමටද යම් මට්ටමක දැනුමක් බුද්ධියක් පරිකල්පන ඥාණයක් සහ ඒ තුලින් උපදින
හික්මීමක් අවශ්‍ය වේ.
ඒ හික්මීම සියල්ලන්ටම වේ නම් ලෝකය පෙරකී
සම්මුතික ලෝකයට වඩා ඉදිරිගාමී ප්රගතිශීලී සහ සුන්දර තැනක් වනු ඇත. නමුත්
ලෝක ස්වභාවය එසේ නොවේ. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මූලික අයිතිවාසිකමක්
ලෙස නීතිගත කරන්නට සිදුවන්නේ සියලු දෙනාටම පෙරකී ගුණයන් පිහිටා නැති
බැවිනි.
එබැවින් සියල්ලන් අන් මත ඉවසීමට පුරුදු දීම ශිෂ්ට සම්පන්න
මානුශීය ගුණයක් පමණක් නොව නීතිමය අවශ්‍යතාවයක් බවද තරයේ සිහිතබාගත යුතු
වෙයි.
අන් මත ඉවසීම යනු ඒවා පිළිගැනීම නොවේ. ඒවාට අවහිර
නොකිරීමයි. අන් මතයක යම් එකග නොවෙන ස්ථාන වෙතොත් ඒ සදහා ඵලදායීම
ප්රතිකර්මය වන්නේ ශිෂ්ඨ සම්පන්න ලෙස සංවාදයට එළැඹී කරුණු හා තර්ක මත
අනෙකා පරාජය කිරීම මිස කොහේ හෝ අගු පිල්වල බැණ බැණ යාම නම් නොවේ.
Athila Athauda is an Attorney-at-Law who practices majorly as a Criminal Defense Counsel Island-wide. This blog contains a compilation of his writings regarding various topics.
Tuesday, April 14, 2020
Subscribe to:
Post Comments (Atom)
දේශපාලන වහල්භාවය
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...

-
මේ දවස්වල දේශපාලන වහල්ලු ගැන ගොඩක් කතාබහට ලක්වෙනවනෙ. ඒක ඇත්තටම අවබෝධයකින් කරන කතාබහකට වඩා අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට වහලුන් කියාගැනීමක් තමයි...
-
2019.04.05 ශ්‍රී ලංකාව මේ වනවිට බුන්වත් රාජ්‍යයකි. එය ලිපි ලේඛන හෝ වාර්තා හරහා ප්‍රකාශයට පත්වී නැතත් යථාර්ථය එය වේ. එනම් පවත්නා බාහි...
-
ඇප යනු බොහෝ සෙයින් කතාබහට ලක්වන මාතෘකාවකි. ඒ සම්බන්ධයෙන් ලියැවී ඇති පොත්පත් ලිපි ආදියද බොහෝය. එසේ වුවද ඇප යන සංකල්පය තවමත් නීති ක්ෂේත්රයෙ...
No comments:
Post a Comment