නීතිපති හෙවත් ඇටෝර්නි ජනරාල් වරයා නම් නීතිපති දෙපාර්තමේන්තුවේ හෙවත් ඇටෝර්නි ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වෙයි. එනම් රජයේ නිල නීතිඥවරයා වෙයි.
නමුත් "නීතිපති" යන සිංහල වදන තුල ඇති "පති" යන කොටස හේතුවෙන් නීතිපතිවරයා
යනු "නීතියට අධිපතිය" එබැවින් "ඔහු කියන දේ නීතිය වන්නේය" වැනි සාවද්‍ය
අදහසක් ඇතැමුන් ඇතිකරගෙන තිබෙන බව පෙනේ.
විශේෂයෙන් පසුගිය වසරේ ඔක්තෝබර් 26 ඇතිවූ දේශපාලන කුමන්ත්‍රණය හා සමගාමීව සිදුවූ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධ මූලික අයිතිවාසිකම් නඩු වලදී නීතිපතිවරයා විසින් සිදුකරන ලද කරුණු දැක්වීම "නීතිපති අධිකරණයට දන්වයි" යන ශීර්ෂය යටතේ මාධ්‍ය විසින් වාර්තා කිරීම හේතුවෙන් "දැන්නම් වැඩේ හරි" යැයි සිතාගත් ඇතැම් ප්‍රදේශ වල බුද්ධිමතුන් රතිඤ්ඤාද පත්තු කළහ.
නඩුවේ තීන්දුව ලබාදීමෙන් පසු "නීතිපති එහෙම කියලා තියෙද්දිත් ඇයි තීන්දුව මෙහෙම දුන්නේ?" යන ප්‍රශ්නය ඉදිරිපත් කරනු දක්නට ලැබිණ.
එම පියවරයන්හි රතිඤ්ඤා දැමීම කෙසේ වෙතත් අනෙක් ප්‍රශ්නය, "නීතිපතිවරයා අධිකරණයක ඉදිරිපත් කරන කරුණු දැක්වීමෙන් අධිකරණයක් බැඳී සිටින්නේය" යන වැරදි පදනම මත සිට යොමු කරන අතිශය සාධාරණ ප්‍රශ්නයකි. එම වැරදි පදනම ඇතිකරගැනීමට හේතුව අධිකරණ කටයුතු සම්බන්ධයෙන් පවත්නා අනවබෝධය මෙන්ම ඉහත සදහන් කළ පරිදි "ඇටෝර්නි ජනරාල්" යන ඉංග්‍රීසි වචනය සිංහලට පරිවර්තනයේදී යෙදෙන "නීතිපති" යන වචනය ඇසූ පමණින්ම ඇතිවන වැරදි සහගත තක්සේරුව විය හැකිය.
ඕනෑම නඩුවක රජයේ පාර්ශවය වෙනුවෙන් නිල වශයෙන් පෙනී සිටින්නේ ඇටෝර්නි ජනරාල්වරයා හෙවත් නීතිපතිවරයාය. ප්‍රායෝගිකව ඔහු නියෝජනය කරමින් අධිකරණවල පෙනී සිටින්නේ රජයේ නීතිඥ මහත්ම මහත්මීන් වෙති. මහාධිකරණය පිළිබඳව අත්දැකීම් ඇති අය රජයේ නීතිඥවරයා යනු මහාධිකරණයේ සියලුම අපරාධ නඩුසදහා පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරයා යනුවෙන් හදුනාගනු ඇත.
එසේ සිදුවන්නේ අපරාධයක් යනු සමස්ථ මහජනතාවට එරෙහිව සිදුකරන ලද්දක් බව සැළකෙන හෙයින් මහජනතාව වෙනුවෙන් රජය පැමිණිලිකරු බවට පත්වන බැවිනි.
ඒ ආකාරයෙන්ම ඕනෑම නඩුවක රජය පාර්ශවයක් වන විට ඒ සදහා නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ නිලධාරීන් පෙනීසිටිනු දැකිය හැකිය. එවන් නඩුවක රජය එක පාර්ශවයක් පමණක් වන අතර නීතිපතිවරයා හෝ ඔහු නියෝජනය කරන රජයේ නීතිඥවරයා පෙනී සිටින්නේ එම පාර්ශවයේ නීතිඥවරයා වශයෙනි.
ඒ අනුව අධිකරණය නීතිපතිවරයා හෝ නීතිපතිවරයා වෙනුවෙන් ඔහු නියෝජනය කරමින් පෙනීසිටින ඕනෑම නීතිඥවරයෙකුට සවන් දෙන්නේ වෙනත් ඕනෑම නීතිඥවරයෙකුට සවන්දෙන්නේ යම් සේද, ඒ ආකාරයටම එම බරින් සහ තක්සේරුවෙන් යුතුවම වේ.
එබැවින් අන් නීතිඥවරුන් කුමක් කීවද, නීතිපතිවරයා සිදුකරන කරුණු දැක්වීමෙන් අධිකරණයක් බැඳී සිටින්නේය යන මතය සාවද්‍ය බව අවධාරණය කළයුතුය.
මෙහිදී මාධ්‍ය විසින් නීතිපතිවරයා නඩුවකදී සිදුකරන ලද කරුණු දැක්වීමක් පිළිබදව වාර්තා කිරීමේදී "නීතිපතිවරයා අධිකරණයට දන්වයි, දැනුම්දෙයි" යනාදී වශයෙන් අධිකරණය කෙරෙහි යම් විධානාත්මක බවක් ඇඟවෙන ආකාරයට වාර්තා නොකර "වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් මෙසේ පැවසීය" යනාදී වශයෙන් අර්ථය විකෘති නොවන පරිදි වාර්තා කිරීමට ප්‍රවේශම් වීම ඉතා වැදගත් වේ.

No comments:
Post a Comment